කොල්ලො..මගෙත් ඉන්නේ ලැබ් තමයි
දැන් නම් ලඟයි අවුරුද්දකටත්..
ගෙනාවේ සති හයෙන්..
මුලින්ම මචන් පොත හදා ගනින් ලඟම පශු වෛද්‍ය කෙනෙක් ලඟට ගිහින්.බේත් ගහන්න තියෙනවා මාස කීපෙන් කීපෙට මුල් අවුරුද්දේ.පස්සෙ නම් අවුරුද්දට සැරයයි.
මුලදිම කිරි තමයි දෙන්නේ.පස්සෙ දොස්තර කියාවි කන්න දෙන්න කියලා.එතකොට දෙන්න.පෙඩිග්රි එහෙම නම් ඕනේ නෑ.සාලයොයි නාඩු බතුයි තුන් වේලක් දෙන්න මුල් ටිකේ.පස්සෙ පස්සෙ දෙවේලයි කන්නේ.හෙනම දඟයි බන්.මල පන්නගන්නේ නැතුව ඉන්න අමාරූයි ඕකා ලොකු වෙනකොට
සෙරෙප්පු අරන් දුවනවා.රෙදි බෑග් ඉරනවා.පිස්සුම පිස්සු තමයි කෙලින්නේ.
ඒත් හරිම හුරතල් බන්..ලමයෙක් හදනවා වගෙ හදහන්,බැරි නම් හදන්න එපා.
බේත් දීල කරලා ලස්සනට තියන් උන්නොත් කිසිම අවුලක් නෑ බන්.තව මුගෙන් අපිට ලෙඩ එන්නේ නෑ අපෙන් උන්ට ගියොත් මිසක්.ඒ නිසා කොන් කරන්න එපා.මුන්ට සාංකාව හැදෙනවා.තව විස්තර මේකෙත් තියෙනවා බලන්න
අමතක වුනා කියන්න.චූ කරන එක නම් හරි යනවා ලොකු වෙනකොට
හැබැයි පුලුවන් නම් වේවැලක් තියන් ඉදන් පොඩ්ඩක් රිදෙන්න ශොට් එකක් දෙන්න දඟ වැඩ කලොතින්.එතකොට ඒකට බය වුණාම ලොකු උනාමත් වාසියි
මුන් දෙන්න ඔක්කොම කියල තියෙනවාඅපිත් එලකිරියේ සහොදරයෙක් මාර්ගයෙන් ලැබ් කෙනෙක් ගත්තා.අවු 7ක් අපිත් එක්ක හිටපු එය අද නැ එත් අමතක කරන්න බැරි තරම් මතකයන් ගොඩක් එයා අපිට ඉතුරු කරලා ගියා...
1.පොටි ට්‍රෙයින් කරන්න පුරුදු කරන්න.අපි කරේ පොඩි තැටියකට පත්තරයක් දාලා....පැටියා චු කරද්දි උස්සන් ගිහින් තැටියෙන් තිබ්බා..මුලින් වැඩේ සැහෙන්න අමාරු වුනා...පස්සේ පැටියම දකින දකින පත්තර උඩ චු කරන්න හුරු වුනා...පරිස්සමින් මොකද බලු පස්සේ දකින දකින ලියකිවිලි උඩ චු දනවා..ඔබේ වටිනා ලියකිවිලි පරිස්සම් කරගන්න.(යුටියුබ් විඩියො තියෙනවා.)
2.අපි කැම වේල් 4ක් විතර මුල් මාස තුනේ දුන්නා. (කිරි+පාන් හරි පෙඩිග්‍රී/ එලවලු+පොඩි මාලු හරි චිකන් තම්බලා දුන්නා.)
4.ලැබ් යනු සැහෙන්න මොලේ තියෙන ඩයල් එකක්...පොඩි කලේ ඉදන්ම හොදට කොමාන්ඩ්ස් පුරුදු කරන්න..ලැබ් කෙනෙක්ට ගොඩක් කොමාන්ඩ්ස් පුරුදු කරන්න පුලුවන්.
5.අපි පැටියට පොඩි කාලේ විටමින් b plus e, rejucalcium දුන්නා.එක වෙට්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න.
ලැබ්බො කියන්නෙ පට්ට මොලයක්, නාහෙට නාහන පට්ට දගයෙක්
හැබැයි උන්ගෙ නම කියනකොටත් හිනා යන තරමට උන් ආතල් දෙනවා
කියල තියෙනව වගේ උන්ට පොඩ්ඩ ඇත්තන් අව්ල් වෙනව.
පරිස්සමෙන් බලාගනින්, ලමෙක් වගේ
ලමෙක්ට ලෙඩ උනොත් ඒක අහගන්න පුලුවන්, බව්වෙක් ලෙඩ උනොත් එහෙම බෑනේ
මාත් මේ ලින්ක් එක හොයල දාන්න ගියේ.
Akilar තමයි කිරියෙ පේන්න ඉන්න බලු ප්‍රොෆෙසර්.
මන් ලග නම්බරේ තිබ්බ, දැන් හොයාගන්න නෑ.
මැසේජ් එකක් දාල නම්බරේ ඉල්ලල තියාගනින්, හ්දිස්සියේ ඕනෙ උනාම ඕකව අල්ලගන්න බෑ







