Lamborghini Made in China

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    චීන ගොවියෙක් ‘Lamborghini’ නවතම රථය අඩු වියදමින් හදයි




    wang-reventon-30-jian.n.jpg




    තමන්ගේ සිහින මොටර් රථය මිලට ගැනිමට ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරනු වෙනුවට චීන ගොවියෙක් විසින් තම සිහින මෝටර් රථය එනම් Lamborghini රථය ඔහු විසින්ම නිපදවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    නැගෙනහිර චීනයේ ජිනැන්සු ප‍්‍රාන්තයේ ගොවියකුගේ 28 හැවිරිදි පුතකු වන වැන්ග් ජියෑන්ග් විසින් මෙය නිපදවා ඇත. ඔහුට ඒ සදහා අමෙරිකන් ඩොලර් 9500 ක වියදමක් වැය වී ඇති අතර 2007 Lamborghini Reventon මාදිලියට සමාන වන ලෙස ඔහු මෙය නිර්මාණය කර ඇත.

    මෙම වර්ගයේ මොටර් රථයක සාමාන්‍ය වෙලඳපල මිල අමෙරිකන් ඩොලර් මිලියන 1.5 වන බවත් ඔහු සඳහන් කර ඇත. මෙම නිර්මාණය සම්පූර්ණයෙන් නිමවා නැති අතර පැති වීදුරු හා ඉදිරි ප‍්‍රධාන පහන් ආදිය තවමත් යොදවා නොමැති බවද එමෙන්ම මෙය පැයට කිලොමීටර 250ක වේගයෙන් ගමන් කල හැකි බවත් ඔහු විසින් සඳහන් කර ඇත.