කාලයක් කියන්න අමාරුයි.
සාමාන්‍ය ඉඩම් නඩුවක් නම් (බෙදුම් නඩුවක් නොවන) නඩුව දිසා අධිකරණයේ file කරලා ඉඩමට කොමිෂමක් කරලා , විත්තිය උත්තර බැදලා, පුරව විභාගය කරලා, විභාගයේ සාක්ෂිකරුවෝ ටික ගෙනල්ලා අවසාන ලිඛිත දේශනා දාලා තීන්දුව ගන්න අවුරුදු 3-5 අතර යනවා ඉක්මනට නඩුව ගියොත්.
හැබැයි නඩුවේ ගොඩක් අවස්ථා වල නඩුකාරතුමා නියෝග දෙනවා -
උදාහරණයක් විදිහට - පැමිණිල්ල යම් ලේඛනයක් සාක්ෂියේ ඉදිරිපත් කරන එකට විත්තිය විරුද්ධ වෙනවා එතකොට දෙපැත්තම කියන කරුණු අහලා නඩුකාරතුමා නියෝගයක් දෙනවා පැමිණිල්ලට එම ලේඛනය එදිරිපත් කරන්න පුළුවන් කියන එක. විත්තිය එම නියෝගයට එකග නැත්නම් මුලින්ම සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක්(APPEAL එකක්) දානවා, විත්තිකාරයා ඒ ඇපෑල පැරදුනොත් ශ්‍රේෂ්ඨාධිකරණය(SUPREME COURT) එකට තව ඇපෑලක් දාන්න පුළුවන්. එහෙම එක නියෝගයකින් ඇපෑල 2ක් ගියොත් අවුරුදු 5-6 අතර ඒ වැඩ වලට යනවා. ඒ ඇපෑලවල් ඉවර වෙනකන් දිසා අධිකරණයේ නඩුව නවතිනවා.
ඒ වගේ ඇපෑල 2ක් 3ක් ගියාම දන්නෙම නැතුව අවුරුදු 10-15 ගිහිල්ලා. ඊටපස්සේ ඒ ඇපෑල ඉවර වෙලා දිසා අධිකරණයේ නඩුව අහලා ඉවරවෙන කොට අපි කියමු අවුරුදු 17ක් ගියා කියලා.
හැබැයි නඩුකාරතුමා නඩුව අහලා අවසාන තීන්දුව දුන්නට පස්සේ ඒ තීන්දුවත් සිවිල් අභියාචනා මහාධිකරණයට සහ ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට (SUPREME COURT) නඩුවෙන් පැරදුන කෙනාට appeal කරන්න පුළුවන් (ඒවා ඉවර වෙන්න අවුරුදු 8-10 අතර යනවා)