15 හැවිරිදි දැරිය විකුණු ඔන්ලයින් ගණිකා මඩමේ වෙබ් හිමිකරු වැඩ වරදී - කාමුඛ ලෝලියාට ගණිකාවන් තුනක් මිලදී ගන්නත් පහසුකම් සපයලා
15 හැවිරිදි දැරිය ගණිකාවක් ලෙස විකුණු ප්‍රධාන වෙබ් අඩවියක් වන ලංකා ඇඩ්ස් ( Lanka - Ads) හී හිමිකරු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම දැරිය විකුණා අතරමැදියෙකු ලෙස එම වෙබ් අඩවිය රුපියල් ලක්ෂ ගාණක මුදල් සොයා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම දැරිය කරා ආ සල්ලාලයින් බොහෝදෙනෙකු ඇයව හැදින අත්තේ ලංකා ඇඩ්ස් හරහා බවයි අනාවරණය වුණේ.
මේ නිසා එම වෙබ් අඩවි සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කළ විමර්ශනයකදී එහි හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.
මෙම දැරියගේ අඬ නිරුවත් ජායාරූප මව විසින් සහ ඇයගේ අනියම් සැමියා එක්ව මෙම වෙඩ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රැසක පළ කොට තිබෙනවා.
ලංකා ඇඩ්ස් වෙබ් අඩවිය හරහා රුපියල් 300 සිට ගණිකාවන් අලෙවි වෙනවා.අඩු මුදලට ගණිකාවන් එහි අළෙවි වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට,එනම් වීඩියෝ ආතල් සඳහා පමණල් බවයි වාර්තා වෙන්නේ.
රුපියල් 1000 සිට අළෙවි වන ගණිකාවන් එහි අළෙවි වෙන්නේ කාමර වලට රැගෙන යාමේ පහසුවත් සමඟය.රුපියල් 10000 ට ඇතැම් පැකේජ් ඇති බවත් එම සහන පැකේජ් ඔස්සේ රූමතියන් දෙදෙනෙකුගේ පහස ලබා ගැනීමට හැකියාවක් සේවාදායකයාට ලැබෙනවා.
රූමතියන් තිදෙනෙකු පවා අවශ්‍ය නම් සේවා දායකයාට මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි වෙනවා