ප‍්‍රකෝටි ගණන් වාහනවලින් ජනතා ප‍්‍රශ්න විසදන්න බෑ.. මට වාහන එපා.. – තෙවරප්පෙරුමගෙන් සැමට ආදර්ශයක්
නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඔහුට රජය විසින් නිල රථයක් මිලට ගැනීම සඳහා වෙන් කර ඇති ලක්‍ෂ 280ක මුදල කලාකරු අභිවෘද්ධිය සඳහා යොදවන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ හොඳ තත්වයේ ඇති රජයේ වාහන භාවිතයට ගැනීමට හැකියාව තිබියදී අලුත් වාහන ගැනීමට උවමනා නැති බවයි.
කෝටි ගණන් වටිනා වාහන ගෙන්වා ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි බවද ඒ මහතා කියා සිටී.
ඇමතිවරයා විසින් යොමු කර ඇති සම්පුර්න ලිපිය මෙසේය.
2016.05.09
ලේකම්තුමා
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශය
සෙත්සිරිපාය
බත්තරමුල්ල
හිතවත් ලේකම්තුමණි,
ලබාදීමට යෝජනා වී ඇති මාගේ නිල රථය සම්බන්ධවයි
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා පත් වූ දා සිට මාගේ වරප‍්‍රසාද පහසුකම් හා රාජකාරි කටයුතු කරගෙන යාම පහසුකරවිම පිණිස ගරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් ඔබතුමාගේ මගපෙන්වීමෙන් කාර්යමණ්ඩලයේ අනුග‍්‍රහය ඇතිව මා හට දැක්වූ සහයෝගයට හා කැපවීමට මම කෘතඥ වෙමි.
ලේකම්තුමණි,
අද වනවිට මෙම සමාජය තුල දේශපාලඥයා පිලිබදව පිලිසිද ගෙන ඇති මතය යහපත් ප‍්‍රවණතාවයක නොමැති බැව් අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ඔබතුමාට අමුතුවෙන් සදහන් කල යුතුව ඇතැයි මම නොසිතමි.අපගේ ජනතා මෙහෙවර ජනතාවට වීනා අපගේ පැවැත්ම උදෙසා නොවියයුතු බව මා තරයේ විශ්වාස කරන දේශපාලන ධර්මතාවයි.අද වන විට ශ‍්‍රී ලංකාවේ දුගී දුප්පත්කම පිළිබද ගැටලූවට නිසි පිළිතුරක් අපට සැබෑ ලෙසම ඇද්දැයි යන්න ප‍්‍රශ්නයකි.සම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රවාහයෙන් මිදී ජනතා මෙහෙවරක මම යෙදී සිටින බැව් සකල ශ‍්‍රී ලංකා වාසි ජනතාවම හොදින් අවබෝධ කරගෙන ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
ලේකම්තුමණි
මතුගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඇරඹුණු මාගේ දේශපාලන ජීවිතය තුල මේ මොහොත දක්වාම වෙනත් කිසිදු චෝදනාවකට ලක්නොවී මා කටයුතු කරනුයේ ජනතාවගේ සැබෑ අභිලාශය මුදුන් පමුණුවා ගැනීම උදෙසා ආදර්ශමත් දේශපාලඥක් ගෙන් අපේක්ෂා කරන සේවය ඔවුනට නොඅඩුව ලබාදීම මාගේ ප‍්‍රමුඛ හා එකම අදිෂ්ඨානය වන බැවිනි.ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා වශයෙන් කිසිදු දීමනාවක් හෝ වරප‍්‍රසාද ලබා නොගෙන ජනතා මෙහෙවරක නියැලීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද මම පළාත් සභා ,පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර පසුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අද වන විට වගකීම් සහගත භුමිකාවකට අවතීරණය වී ඇත්තෙමි.
ලේකම්තුමණි,
මෙම කරුණු ඔබතුමාගේ දැනගැනීම පිණිස මා සදහන් කර සිටියේ මා ගනු ලබන මෙම තීරණයේ පසුබිම කුමක්ද යන්න ඔබතුමාට වටහා ගැනීම පහසුකරවිම පිණිසය.ඒ අනුව අමාත්‍යංශය මගින් මා හට ලබාදීමට තීරණය කල රුපියක් ලක්ෂ 280ක් පමණ වටිනා ෘසිජදඩැරහ 4 රථය ලබාගැනීම මම ස්තුති පුර්වකව ප‍්‍රතික්ෂේප කරන බැව් මෙයින් ඔබතුමා වෙත දැනුම් දෙමි.මාගේ රථය සදහා වෙන්කළ එම මුදල් සම්භාරය කලා කරුවන්ගේ අභිවෘර්ධිය සදහා වූ වැඩසටහනකට යොදවන මෙන් ඉල්ලා සිටිමි .
මෙයට හිතවත්
පාලිත තෙවරප්පෙරුම (පා .ම)
lankacnews. com/sinhala/news/144334/

Last edited: