මෛත‍්‍රිපාල සෙවෙලයෙක්.. කවුරුත් නැතිනම් එජාප පොදු අපේක්‍ෂකයා මමයි.. – දයා ගමගේ
November 24, 2014 at 10:47 am | lanka C news
එළැඹෙන ජනාධිපති මැතිවරණය වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහ හෝ සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය අයගෙන් කෙනෙකු හෝ ඉදිරිපත් නොකරන්නේ නම් ඊට තමන් ඉදිරිපත් වීමට සූදානම් යයි එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසා තිබේ.
එජාපය විපක්ෂයේ ප‍්‍රධානතම පක්ෂය බවත් පවසා ඇති ඔහු එනිසා එජාප අපේක්ෂකයෙක අනිවාර්යයෙන්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වියයුතු බවද කවුරුත් නැතිනම් එම අභියෝගය තමන් භාර ගන්නා බවද දයා ගමගේ මහතා පවසා තිබේ.
තෝරාගෙන ඇති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂගේ පෞර්ෂය අසලින්වත් තැබිය නොහැකි කිසිදු පෞර්ෂයන් නැති සෙවෙලයෙක් බවත් එජාපය විසින් වහා මෙම තීරණය වෙනස් කල යුතු බවත් ඔහු දැඩිව පවසා ඇතැයි වාර්තා වෙයි.
ෙම ලංකාදිෙප්
පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන, උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ආහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා පැවසුවේ රජ කාලයෙන් පසු රජරටට රටේ නායකත්වය ලැබෙන්නට යන බවයි.
පෙනවානේ දයා උඩ තියෙනවා වගේ කතාවක් කිය කිය මෛත්‍රි ත් එක්ක යයිද ?