විනයක් නැතිව රටකට අයාලේ යන්න දෙන්න බෑ
අරලියගහ මන්දිරයේ දී ජනපති කියයි
ආකල්පමය වශයෙන් විශාල වෙනසකට ලක්ව ඇති ශ්‍රී ලාංකේය ජනතාව විනයගරුක ජනතාවක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. රටකට, සමාජයකට විනයක් තිබිය යුතු බව කී ජනාධිපතිවරයා විනයක් නොමැතිව අයාලේ යාමට රටකට ඉඩ තැබිය නොහැකි බවත් අවධාරණය කෙළේය.
අන්තවාදයට ඉඩ දෙනු බෑ
සරසවි සිසුන් බිලිබාන කල්ලි මැඬීමට මවුපිය සහාය
ඇමැති කෙහෙළිය රජයේ වැඩපිළිවෙළ හෙළි කරයි
සරසවි සිසුන් බිලි බා ගැනීමට අන්තවාදී දේශපාලන කණ්ඩායම් දරන උත්සාහය වැළැක්වීමේ අරමුණින් මවුපිය සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ආවරණයේ දී මේ කරුණු අනාවරණය කෙළේ ය.
අතුරුදන්වූ ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදෙන් හමුවේ
ධීවරයන් 4ක් නිරාහාරව මිය ගිහින්
බේරුවලින් මුහුදු ගොස් ඉකුත් මාර්තු සිට අතුරුදන්ව තිබූ “දිනූස - 02” බහුදින ධීවර යාත්‍රාව මාලදිවයින් වෙරළ ආරක්ෂකයන්ට හමුවී තිබේ. එහි සිටි බව කියන ධීවර කාර්මිකයන් පස්දෙනා ගෙන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට හෙළිව ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
Click Here