Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankava bankoloth unoth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්යවශ්ය නොවන ආනයන අධෛර්යයට පත්කිරීම උදෙසා ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේ මැද පටන්ගනු ලැබූ ප්රතිපත්තිමය තීරණ පලදරමින් නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 9.1 කින් පහත වැටී ඇත.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීමට ප්රබල ලෙස බලපෑ අප රටේ ආනයන වියදම් වැඩි වී අපනයන ආදායම අඩුවීම දුරුකිරීමට පියවරක් ලෙස මහ බැංකුව අත්යවශ්ය නොවන ආනයන සීමාකරවන ප්රතිපත්තිමය තීන්දු ගන්නා ලදී.

ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන හා අත්යවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ මත සීමා පැනවීමක් සිදුකළ මහ බැංකුව එහි ප්රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව කියා සිටියි.

වසර 2018 නොවැම්බර් මාසයේ අප රටේ ආනයන ක්රියාකාරීත්වය පැහැදිලි කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටියි.

වෙළෙඳ භාණ්ඩ ආනයන ක්රියාකාරීත්වය

2017 ජූනි මාසයට පසුව ප්රථම වතාවට 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ. ජ. ඩොලර් මිලියන 1765 ක් දක්වා සියයට 9.1 කින් පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන මත සීමා පැනවීමෙන් වූ බලපෑම පිළිබිඹු කරමින් පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහළ යෑම ආනයන වියදම පහත වැටීම සඳහා හේතු වූ අතර ශ්රී ලංකා රුපියල සාපේක්ෂව විශාල වශයෙන් අවප්රමාණය වීම ද ආනයන අඩුවීම සඳහා හේතු විය හැකිය.

සහල්, එළවළු, කිරි ආශ්රිත නිෂ්පාදිත හා සීනි ආනයන අඩුවීමත් සමඟ ආහාර හා පාන වර්ග ආනයන වියදම පහත වැටීම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටුණි. දේශීය නිෂ්පාදනය ඉහළ යෑම හේතුවෙන් ආනයන පරිමාව අඩුවීම සහ ජාත්යන්තර වෙළඳ පොළෙහි වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම, මෙලෙස ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවීම සඳහා හේතු විය. විදුලි සංදේශ උපකරණ සහ ගෘහ උපකරණ වැනි ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව මඟින් අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ක්රියාත්මක කළ ආනයන සීමාකිරීම ද මේ සඳහා යම් තරමකට දායක විය.

පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේදී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපීපෙනෙන ලෙස පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉදිරි මාසවලදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බොහෝ උප කාණ්ඩ යටතේ වූ ආනයන පහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ආයෝජන භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. විශේෂයෙන්ම 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව සිමෙන්ති සහ වාණිජ අරමුණු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහත වැටුණි.

මෙයට වෙනස්ව යමින් ඉන්ධන, මූල ලෝහ සහ පොහොර ආනයන ඉහළ යෑම හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම සුළු වශයෙන් වුවද ඉහළ ගියේය. බොරතෙල් ආනයන පරිමාවෙහි අඩුවීමක් වාර්තා වුවද, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම ඉහළ ගියේය. මේ අතර, යකඩ හා වානේ ආනයනය ඉහළ යෑම හේතුවෙන් මූල ලෝහ ආනයන වියදම ඉහළ ගියේය. කෙසේ වුවද, රත්රන් ආනයන මත 2018 අප්රේල් මාසයේදී පනවන ලද තීරු බද්ද හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ද රත්රන් ආනයන වියදම අඛණ්ඩව කැපීපෙනෙන ලෙස පහත වැටුණි. ප්රධාන වශයෙන්ම ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් මෙම මාසය තුළදී තිරිඟු හා ඉරිඟු ආනයන වියදම ද පහත වැටුණි. ආනයන වියදම මත වන පීඩනය අඩු කිරීමට දායක වෙමින් මෙම මාසය තුළ ඛනිජමය නිෂ්පාදිත සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ද පහත වැටුණි.

2018 නොවැම්බර් මාසයේදී ආනයන පරිමා දර්ශකය සහ ආනයන මිල දර්ශකය පිළිවෙළින් සියයට 8.6 කින් සහ සියයට 0.5 කින් පහත වැටුණි. මේ මඟින් මෙම මාසයේ ආනයන පහළ යෑම සඳහා 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ආනයනය කළ භාණ්ඩවල මිල ගණන් අඩුවීමට වඩා ආනයන පරිමාව අඩුවීම හේතු වූ බව පෙන්නුම් කෙරේ.

ජයසිරි මුණසිංහ

[QUOTE="elakiri_reader, post: 24179261, member: 555329"] අත්යවශ්ය නොවන ආනයන අධෛර්යයට පත්කිරීම උදෙසා ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේ මැද පටන්ගනු ලැබූ ප්රතිපත්තිමය තීරණ පලදරමින් නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 9.1 කින් පහත වැටී ඇත. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීමට ප්රබල ලෙස බලපෑ අප රටේ ආනයන වියදම් වැඩි වී අපනයන ආදායම අඩුවීම දුරුකිරීමට පියවරක් ලෙස මහ බැංකුව අත්යවශ්ය නොවන ආනයන සීමාකරවන ප්රතිපත්තිමය තීන්දු ගන්නා ලදී. ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන හා අත්යවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ මත සීමා පැනවීමක් සිදුකළ මහ බැංකුව එහි ප්රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව කියා සිටියි. වසර 2018 නොවැම්බර් මාසයේ අප රටේ ආනයන ක්රියාකාරීත්වය පැහැදිලි කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටියි. වෙළෙඳ භාණ්ඩ ආනයන ක්රියාකාරීත්වය 2017 ජූනි මාසයට පසුව ප්රථම වතාවට 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ. ජ. ඩොලර් මිලියන 1765 ක් දක්වා සියයට 9.1 කින් පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන මත සීමා පැනවීමෙන් වූ බලපෑම පිළිබිඹු කරමින් පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහළ යෑම ආනයන වියදම පහත වැටීම සඳහා හේතු වූ අතර ශ්රී ලංකා රුපියල සාපේක්ෂව විශාල වශයෙන් අවප්රමාණය වීම ද ආනයන අඩුවීම සඳහා හේතු විය හැකිය. සහල්, එළවළු, කිරි ආශ්රිත නිෂ්පාදිත හා සීනි ආනයන අඩුවීමත් සමඟ ආහාර හා පාන වර්ග ආනයන වියදම පහත වැටීම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටුණි. දේශීය නිෂ්පාදනය ඉහළ යෑම හේතුවෙන් ආනයන පරිමාව අඩුවීම සහ ජාත්යන්තර වෙළඳ පොළෙහි වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම, මෙලෙස ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවීම සඳහා හේතු විය. විදුලි සංදේශ උපකරණ සහ ගෘහ උපකරණ වැනි ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව මඟින් අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ක්රියාත්මක කළ ආනයන සීමාකිරීම ද මේ සඳහා යම් තරමකට දායක විය. පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේදී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපීපෙනෙන ලෙස පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්යාවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉදිරි මාසවලදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බොහෝ උප කාණ්ඩ යටතේ වූ ආනයන පහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ආයෝජන භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. විශේෂයෙන්ම 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව සිමෙන්ති සහ වාණිජ අරමුණු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහත වැටුණි. මෙයට වෙනස්ව යමින් ඉන්ධන, මූල ලෝහ සහ පොහොර ආනයන ඉහළ යෑම හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම සුළු වශයෙන් වුවද ඉහළ ගියේය. බොරතෙල් ආනයන පරිමාවෙහි අඩුවීමක් වාර්තා වුවද, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම ඉහළ ගියේය. මේ අතර, යකඩ හා වානේ ආනයනය ඉහළ යෑම හේතුවෙන් මූල ලෝහ ආනයන වියදම ඉහළ ගියේය. කෙසේ වුවද, රත්රන් ආනයන මත 2018 අප්රේල් මාසයේදී පනවන ලද තීරු බද්ද හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ද රත්රන් ආනයන වියදම අඛණ්ඩව කැපීපෙනෙන ලෙස පහත වැටුණි. ප්රධාන වශයෙන්ම ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් මෙම මාසය තුළදී තිරිඟු හා ඉරිඟු ආනයන වියදම ද පහත වැටුණි. ආනයන වියදම මත වන පීඩනය අඩු කිරීමට දායක වෙමින් මෙම මාසය තුළ ඛනිජමය නිෂ්පාදිත සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ද පහත වැටුණි. 2018 නොවැම්බර් මාසයේදී ආනයන පරිමා දර්ශකය සහ ආනයන මිල දර්ශකය පිළිවෙළින් සියයට 8.6 කින් සහ සියයට 0.5 කින් පහත වැටුණි. මේ මඟින් මෙම මාසයේ ආනයන පහළ යෑම සඳහා 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ආනයනය කළ භාණ්ඩවල මිල ගණන් අඩුවීමට වඩා ආනයන පරිමාව අඩුවීම හේතු වූ බව පෙන්නුම් කෙරේ. ජයසිරි මුණසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom