lankava bankoloth unoth

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    naya gevanna salli nahalu.eka nisa lankava bankoloth unoth api banks valin aragena tiyena loans gevanna ona nadda?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    lol bankrupt unoth kohomath ube bank wala salli aye hambenne ne yako:rofl:
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ණය ගෙව්වේ නැති උනාම ඉතිං වැඩි දෙයක් වෙන්නේ නැහැ අපි ලෝකෙන් තනි වෙයි...තෙල් එවන්නේ නැති වෙයි...හැමදේම රටින්නේ ගෙන්නන්නේ ඔක්කම නවතියි!:dull:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාඨලී නේද කිව්වේ රට බංකොලොත් වෙනවා කියලා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එක පාරට බංකොලොත් නෑ state එකේ ඉඳන් බොහ් ගාල බංකොලොත් state එකට මාරු වෙන්නෑ ටික ටික වෙන්නෙ :yes: භය වෙන්න එපා එහෙම වෙනකොට ටික ටික උඹේ ලමයි, ලමයින්ගෙ ලමයි ඒ වෙනස් වෙන පරිසරේ හැදිල ඒකට හුරු වෙනව :yes:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යයට පත්කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේ මැද පටන්ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ පලදරමින් නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 9.1 කින් පහත වැටී ඇත.

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට ප්‍රබල ලෙස බලපෑ අප රටේ ආනයන වියදම් වැඩි වී අපනයන ආදායම අඩුවීම දුරුකිරීමට පියවරක් ලෙස මහ බැංකුව අත්‍යවශ්‍ය නොවන ආනයන සීමාකරවන ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා ලදී.

    ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ මත සීමා පැනවීමක් සිදුකළ මහ බැංකුව එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව කියා සිටියි.

    වසර 2018 නොවැම්බර් මාසයේ අප රටේ ආනයන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටියි.

    වෙළෙඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය

    2017 ජූනි මාසයට පසුව ප්‍රථම වතාවට 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ. ජ. ඩොලර් මිලියන 1765 ක් දක්වා සියයට 9.1 කින් පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන මත සීමා පැනවීමෙන් වූ බලපෑම පිළිබිඹු කරමින් පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහළ යෑම ආනයන වියදම පහත වැටීම සඳහා හේතු වූ අතර ශ්‍රී ලංකා රුපියල සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණය වීම ද ආනයන අඩුවීම සඳහා හේතු විය හැකිය.

    සහල්, එළවළු, කිරි ආශ්‍රිත නිෂ්පාදිත හා සීනි ආනයන අඩුවීමත් සමඟ ආහාර හා පාන වර්ග ආනයන වියදම පහත වැටීම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටුණි. දේශීය නිෂ්පාදනය ඉහළ යෑම හේතුවෙන් ආනයන පරිමාව අඩුවීම සහ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම, මෙලෙස ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවීම සඳහා හේතු විය. විදුලි සංදේශ උපකරණ සහ ගෘහ උපකරණ වැනි ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ක්‍රියාත්මක කළ ආනයන සීමාකිරීම ද මේ සඳහා යම් තරමකට දායක විය.

    පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේදී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපීපෙනෙන ලෙස පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉදිරි මාසවලදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    බොහෝ උප කාණ්ඩ යටතේ වූ ආනයන පහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ආයෝජන භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. විශේෂයෙන්ම 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව සිමෙන්ති සහ වාණිජ අරමුණු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහත වැටුණි.

    මෙයට වෙනස්ව යමින් ඉන්ධන, මූල ලෝහ සහ පොහොර ආනයන ඉහළ යෑම හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම සුළු වශයෙන් වුවද ඉහළ ගියේය. බොරතෙල් ආනයන පරිමාවෙහි අඩුවීමක් වාර්තා වුවද, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම ඉහළ ගියේය. මේ අතර, යකඩ හා වානේ ආනයනය ඉහළ යෑම හේතුවෙන් මූල ලෝහ ආනයන වියදම ඉහළ ගියේය. කෙසේ වුවද, රත්‍රන් ආනයන මත 2018 ‍අප්‍රේල් මාසයේදී පනවන ලද තීරු බද්ද හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ද රත්‍රන් ආනයන වියදම අඛණ්ඩව කැපීපෙනෙන ලෙස පහත වැටුණි. ප්‍රධාන වශයෙන්ම ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් මෙම මාසය තුළදී තිරිඟු හා ඉරිඟු ආනයන වියදම ද පහත වැටුණි. ආනයන වියදම මත වන පීඩනය අඩු කිරීමට දායක වෙමින් මෙම මාසය තුළ ඛනිජමය නිෂ්පාදිත සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ද පහත වැටුණි.

    2018 නොවැම්බර් මාසයේදී ආනයන පරිමා දර්ශකය සහ ආනයන මිල දර්ශකය පිළිවෙළින් සියයට 8.6 කින් සහ සියයට 0.5 කින් පහත වැටුණි. මේ මඟින් මෙම මාසයේ ආනයන පහළ යෑම සඳහා 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ආනයනය කළ භාණ්ඩවල මිල ගණන් අඩුවීමට වඩා ආනයන පරිමාව අඩුවීම හේතු වූ බව පෙන්නුම් කෙරේ.

    ජයසිරි මුණසිංහ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    gewal dorawal wikunala hari loan eka gewanawa kiyala uba agreement eke sign karala thiyenne. :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    lankawwa bankollth wenne ne ban don't worry.tawa wikunanna ona taram areas tiyenawa.lankawa salli dila ganna ona taram ratawal balan innawa.ubalata china unge yatathe hari work karanna puluwan.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ණය ගෙව්වේ නැති උනාම ඉතිං වැඩි දෙයක් වෙන්නේ නැහැ අපි ලෝකෙන් තනි වෙයි...තෙල් එවන්නේ නැති වෙයි...හැමදේම රටින්නේ ගෙන්නන්නේ ඔක්කම නවතියි!:dull:

    ණය ගෙවන්න බැරිනම් ගත්ත නය ආපහු කතා කරලා දිග කාලෙකින් ගෙවන්න පුලුවන්.ඕනිනම් වසර දෙකක් විතර නොගෙව ඉන්නත් පුලුවන්:rofl: