Lankawe kellonge සුදුවීමේ_පිස්සුව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Lankawe kellonge සුදුවීමේ_පිස්සුව

    404042_208771389254735_1839733808_n-horz__1534659721_58.153.198.3.jpg


    "සුදු පැහැති සමක් ලැබෙනවානම් වෙන මොනවා නැතත් කමක් නැහැ"

    "අනේ මටත් අර නිළිය වගේ වෙන්න තිබුණානම්"

    ස්වභාවයෙන් ලද සමේ පැහැය සහ ශරීරාංග පිළිබඳ සෑහීමකට පත් නොවන ඇතැමුන් එවැනි වදන් පවසනු ඇසේ. කාන්තාවන් පමණක් නොව ඇතැම් පුරුෂයින්ද සිය ස්වභාවික ශරීර පැහැය සහ ස්වභාවය වෙනස් කර ගැනීමට උත්සහ දරන බව නොරහසකි.

    ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. මෙලනින් නිපදවීමේ සෛල එක සමාන සංඛ්‍යාවක් සෑම පුද්ගලයකුගේම සිරුරේ අන්තර්ගත වුව ද, ජාන අනුව ඒවා නිපදවෙන ප්‍රමාණය වෙනස් වේ.

    ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින්, ඉනුත් බොහෝවිට කාන්තාවෝ 'සම සුදු කර ගැනීමේ' නොයෙකුත් ආලේපන ගැල්වීමේ සහ ශරීරයේ යම් අංග වෙනස් කර ගැනීමේ අනුමැතියකින් තොර ක්‍රම අත්හදා බැලීමට පුරුදු වී සිටිති. සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආලේපන බොහොමයක් වෙළෙඳපොළෙහි බහුලව දක්නට ලැබේ. මේ අතර දේශීය නිෂ්පාදන මෙන්ම බහුජාතික සමාගම්වල රූපලාවන්‍ය නිපැයුම් ද ඉතා ලාභදායි මිලකට සතුකර ගැනීමේ හැකියාව ඇත.

    ආලේපන ගැල්වීම පමණක් නොව, ශරීරයට නොයෙකුත් දියර එන්නත් කර ගැනීම, රාසයනික ප්‍රතිකාර, ලේසර් ප්‍රතිකාර මෙන්ම නොයෙකුත් පෙති වර්ග බීමෙන් ද සමේ පැහැය වෙනස් කර ගැනීමට අද වනවිටබොහෝ කාන්තාවෝ පෙළඹී සිටිති. එමෙන්ම, මුහුණේ සම රැලි වැටීම වළකාලීමට, දෙතොල් විශාල කර ගැනීමට, පසු ප්‍රදේශය විශාල කර ගැනීමට සහ දෙකම්මුල් උස්ව රඳවා තබා ගැනීම වැනි බොහෝ රූපලාවන්‍ය කටයුතු නිසි ප්‍රමිතියකින් තොර ස්ථානවලින් ඉටුකරවා ගැනීමට කාන්තාවන් යොමු වී ඇති බවක් දක්නට ලැබේ.

    "සම සුදු කර ගැනීම දැන් 'පිස්සුවක්' බවට පත් වෙලා. මෙයට ඉතා ඉක්මණින් පිළියමක් සෙවිය යුතුයි" යැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    සම පැහැපත් කරවන ආලේපන සහ එන්නත්වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර, එය ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණය කෙරෙනු ඇත. සමේ වර්ණක බිඳෙන ලේසර් ප්‍රතිකාර සහ එන්නත් කිරීම් ද බොහෝවිට හානිදායි ප්‍රතිඵල ගෙන දේ.

    අනුමැතියකින් තොර, සම පැහැගැන්වීමේ නිපැයුම් බොහොමයක් වෙළෙඳපොළේ දැකිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට, "පුද්ගලයෙකු යම් රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් එයට සරිලන ප්‍රතිකාරයක් විදියට වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් ක්‍රම ඔස්සේ සම සුදු කිරීමට පුළුවන්. ඒ හැර කළු පුද්ගලයෙකු සුදු කරනවා කියා දෙයක් නැහැ" යැයි අවධාරණය කළේය.

    මෙවැනි ආලේපන සහ එන්නත් දියරවල බොහෝ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර, ඇතැම් ඒවා නොයෙකුත් ස්ටෙරොයිඩ් වර්ග සහ ලෝහමය ද්‍රව්‍යයක් වන රසදිය අධි මාත්‍රාවක් අඩංගු කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

    "රසදිය සමට අවශෝෂණය වීමෙන් ඇත්තෙන්ම සම සුදු වෙනවා. නමුත්, දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න පුළුවන්"

    _102852252_151047199-594x594.jpg

    වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අකරවිට, "මේ දේවල් වලින් සම තුනී වෙනවා. ඊට පසු සමට යටින් තිබෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. මේ දේවල් භාවිතා කරලා සමේ රෝග ඇතිවුණ අය සතියකට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මා හමුවට ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඒ අයගේ මුහුණේ ඇති කුරුලෑ දුටු සැණින් අපි දන්නවා යම් ආලේපනයක් විස වෙලා කියලා. මොකද, ඒවා සාමාන්‍ය ඒවාට වඩා වෙනස්," යැයි පෙන්වා දුන්නේය.

    "අපි ළඟට එන සේවාදායකයෝ තමන් කැමතිම නිළිය හෝ නළුවාගේ පෙනුම ලබා දෙන්නේ කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් කොහොමහරි හම සුදු කරලා දෙන්න කියනවා. මේ ක්‍රමවල අහිතකර බලපෑම් ගැන අපි විස්තර කිවුවත්, ඒ අය ගණන් ගන්නේ නැහැ. සමාජ ජාල ඇතුළු, සෑම මාධ්‍යයකින් ම උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රචාරය කරන්නේ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රම ගැන. මේ දේවල් නිසා හම සුදු කරගන්න සහ වෙනස් වෙන්න ඕනෙ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට කා වැදිලා" යැයි රූපලාවන්‍ය ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    පුද්ගලයෙකුගේ වයසත් සමග ස්වභාවිකව වෙනස් වන සම සහ ශරීරයේ නොයෙකුත් අංග වෙනස් කර ගැනීමට උත්සහ දැරීමේදී එම ආලේපන හෝ එන්නත් දියරවල අඩංගු වූ රසායනික ද්‍රව්‍ය විෂ වීමෙන් ඇතැමෙකු මිය යාමේ සිදුවීම් ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

    ස්ටෙරොයිඩ් සහ ග්ලුටතයොන් (Glutathione) ක්‍රීම් සහ පෙති වර්ග වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම ලෙස භාවිත කළ ද, ඒ කිසිවක් සමේ පැහැය හෝ ශරීරාංග වෙනස් කර ගැනීම සඳහා සුදුසුදැයි පරීක්ෂණ මගින් තහවුරු වී නොමැති බව පවසන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට "සුදු වෙන්න කරන භයානකම දේ තමයි ග්ලුටතයොන් එන්නත් ලබා ගන්නා එක. මේ එන්නත්වල අතුරු ආබාධ බොහොමයක් තිබෙනවා," යැයි පැවසීය.

    ඇයි මේ සම සුදු කරගැනීමට උත්සහ කරන්නේ?
    සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමේදී දැනගන්නට ලැබිණි.

    සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට ඇතැම් කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමේදී දැනගන්නට ලැබිණි.

    *තමන් ප්‍රිය කරන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පෙනුම ලබා ගැනීමේ අරමුණ.
    *සිය මිත්‍රයින්ගේ සමෙහි වර්ණය, ශරීරාංග හෝ ඔවුන්ගේ රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කිරීම.
    *අඳුරු පැහැති සමක් තිබෙනම් සමාජයෙන් කොන් වේ යැයි වැරදි මතයක එල්බගෙන සිටීම.
    *පිරිමින්ගේ ආකර්ෂණය ලබාගැනීමට අපොහොසත් වේ යැයි සිතීම.
    *විවාහයක් කරගැනීමට නොහැකි වේ යැයි බිය වීම. විශේෂයෙන්ම, මංගල දැන්වීම් ඔස්සේ පවා "පැහැපත් තරුණියක හෝ තරුණයෙකු" යන වදන් ඉස්මතු කර තිබෙනු දක්නට ලැබේ.
    *අඳුරු සමක් ඇතැයි පවුලේ හෝ මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක් වීම.
    *පාසලේදී, සේවා ස්ථානයේදී හෝ වෙනත් කාර්යකදී වෙනස් කොට සලකන බවට ඇති සැකය.

    ජංගම දුරකථන සහ ඡායාරූපකරණයේ ඇති නොයෙකුත් අධි තාක්ෂණික ක්‍රමඋපයෝගී කරගෙන ලබා ගන්නා ඡායාරූපවල බොහෝ පුද්ගලයන් ඉතා සුදු පැහැති සමක් සහිතව දිස්වේ. මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළ පසු, එය සැබෑ ජීවිතයේ පෙනුමට වෙනස් නිසා ඇතිවන මානසික පීඩනයට ඇතැමුන් පිළිතුරු සොයන්නේ සම පැහැ ගන්වන ආලේපන මගිනි.'සමේ සුදු පැහැය' සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධවීමට ඇති මගක් ලෙස සිතීම.සිය මංගල දිනයේ රූපලාවන්‍ය නිෂ්පාදන බොහෝමයක් භාවිත කරමින්, ආභරණ, මල් සහ වටිනා ඇඳුම්වලින් ඉතා අලංකාර වන කාන්තාවන්, විවාහයෙන් පසු සිය ස්වාභාවික බව සිය ස්වාමිපුරුෂයාට සහ සමාජයට පෙන්වීමට පැකිළීම.
    කළු පැහැය ලැබෙන්නේ අපිරිසිදු වීමෙන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වීමෙන් යන මිත්‍යා මතවල එල්බගෙන සිටීම.අන්තර්ජාලය සහ විවිධ මාධ්‍ය ඔස්සේ සම පැහැගන්වන ක්‍රම ප්‍රචාරය කිරීම.

    රූපලාවන්‍යවේදීන්ට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තිබේද?

    "නැහැ. රූපලාවන්‍යවේදින් කියන්නේ වෛද්‍යවරුන් නෙමෙයි. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනෙ. අපිට පුළුවන් සම, නියපොතු, කොණ්ඩය බාහිර ලස්සන කරන්න විතරයි. විටමින් පෙත්තක්වත් බොන්න කියලා අපිට කියන්න බැහැ. දැන් අපේ රූපලාවන්‍යාගාරවලට වැඩි හරියක් එන්නේ සුදු වෙන්න ගිහින් සම විකෘති වුණ අය. ඒ අය හිටියටත් වඩා කළු වෙලා, මුහුණේ ගෙඩි ඇවිල්ලා. තමන්ට සුදු වෙන්න අවශ්‍යතාවක් තිබෙනවානම් වෛද්‍යවරයෙකු හමුවෙන්න. හැබැයි වෛද්‍යවරුන් හම සුදු කිරීමේ ක්‍රම අනුමත කරන්නේ නම් නැහැ" යැයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වසර තිහක් පමණ අත්දැකීම් ඇති ශිල්පිනියක වන තිරාණි පීරිස් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    ශ්‍රී ලංකාවේ අන්තරාදායක ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන පාලනය කරන නීතිය කුමක්ද?
    ජාතික ඖෂධ නියාමන අධිකාරි සංශෝධන පනත් කෙටුම්පත 2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය නමින් නව ආයතනයක් ආරම්භ වූ අතර, ඖෂධ, වෛද්‍ය උපකරණ, නිෂ්පාදන නියාමන, සායනික පරික්ෂණ ඇතුළු අංශ ස්ථාපනය කිරීමේ බලය ඔවුනට පැවරී තිබේ.

    ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීමට පනතේ විධිවිධාන සලසා ඇති අතර 1980 අංක 27 දරණ විළවුන්, උපකරණ හා ඖෂධ පනත මේ සමග අහෝසි විය.

    මෙම පනතෙන් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරු ආබාධවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ නීති සම්පාදනය කර ඇති අතර, අදාළ ඖෂධය මගින් අපේක්ෂිත පරමාර්ථය ඉටුවේ ද යන්න විමසා බැලීම, ගුණාත්මක භාවය යන කරුණු ද ආවරණය වේ.

    මෙම පනතේ ක්‍රියාකාරීත්වයෙන් ඖෂධ සල් සහ රූපලාවන්‍යාගාරවල ඇති ප්‍රමිතිය සහ නිසි අවසරයකින් තොර නිෂ්පාදන, කල් ඉකුත්වූ නිෂ්පාදනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.


    _102852245_10500446_10204314958973621_3302523352267320973_n.jpg


    චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට


    bbc-blocks-dark.png
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oka ithin kello pitama dalath bane, lankawe %90kata wada kollo hoyannet sudu ewwane illuma anuwa sapayuma, sudu wenna thama illuma wadi :lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Oka ithin kello pitama dalath bane, lankawe %90kata wada kollo hoyannet sudu ewwane illuma anuwa sapayuma, sudu wenna thama illuma wadi :lol:

    ඔව් එකත් හරි,ඒ උනාට tan කෙල්ලොන්ගේ පුදුම ලස්සනක් නෙ තියෙන්නේ, අපේ කෙල්ලෝ සුදු වෙන්නම දගලනවා , අනිත් රටවල එවුන් tan වෙන්න දගලනවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,769
    113
    ඔව් එකත් හරි,ඒ උනාට tan කෙල්ලොන්ගේ පුදුම ලස්සනක් නෙ තියෙන්නේ, අපේ කෙල්ලෝ සුදු වෙන්නම දගලනවා , අනිත් රටවල එවුන් tan වෙන්න දගලනවා

    Olive paata tamai hamogema target eka...:lol: Middle path
    good article ++
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් එකත් හරි,ඒ උනාට tan කෙල්ලොන්ගේ පුදුම ලස්සනක් නෙ තියෙන්නේ, අපේ කෙල්ලෝ සුදු වෙන්නම දගලනවා , අනිත් රටවල එවුන් tan වෙන්න දගලනවා

    South india kolloth balanne suda api balanneth suda, wadipurama porn balalada koheda suddiyektanam pana arala meketh inne one tharam :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    natural selection filtering out stupid girls :yes: thank you Darwin :love: we should encourage these hazardous whitening creams more :yes: