මම දැකල තියනව පවර් බෑන්ක් කෙලින්ම 230V ගන්න පුලුවන් ඒව ලැප්ටොප් වලටම යූස් කරන්න හදලා තියන ඒව, ඒවට කෙලින්ම ලැප්ටොප් චාජරේ ගහන්න පුලුවන්
අඩු වියදමකින් වගේ කරනවා නම් 12V කාර් බැටරියක් අරන්, චාජරේකුයි, ඉන්වර්ටර් එකකුයි ගත්තා නම් ලැප් එක යූස් කරන්න හදාගන්න පුලුවන්(පරණ UPS එකකින් උනත් හදාගන්න පුලුවන් වෙයි)
කාර් වල සිගරැට් ලයිටරේ පෝට් එකට ගහල 230V කෙලින්ම ගන්න පුලුවන් ඉන්වර්ටර් තියනවා මගේ යාලුවො ඉන්නවා ට්‍රිප් යනකොට වාහනේට ගහල ලැප් චාජ් කරන ඒ වගේ ඒවයින්
එහෙම නැත්නම් ඔය අලුත් ලැප්ටොප් වල type-c/PD චාජින් තියනවා නම් PD තියන පවර් බෑන්ක් එකක් ගත්තා නම් type c එකට ගහලා ෆෝන් එක වගේම චාජ් කරගන්න පුලුවන්