සාමාන්‍යයෙන් ලැප්ටොප් Screen එකේ ඉරිතැලීමක්, කැඩීමක් ඒ කියන්නේ Physical Damage එකක් ඇරුණහම Screen එකේ තවත් ප්‍රශ්ණ එන්න පුළුවන්.
අපි ඒවා පහත ආකාරයට නම් කරා. බලන්න ඔබටහ් කවදා හරි මේ ප්‍රශ්ණ එන්න පුළුවන්.
- Stuck pixels
- Screen burn
- Malfunctioning backlight
- Cable and connector problems
- Outdated driver
ලැප්ටොප් එක On කල විට Screen එක on වෙන්නේ නැත්නම් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි Computer එක Restart කරන එක. සමහර විට මේ නිසා තිබුණ ප්‍රශ්ණය නැති වෙලා යන්න පුළුවන්. RAM එකේ එහෙමත් නැත්තම් Random Access Memory එකේ තියෙන්න පුළුවන් සුළු දෝෂයක් නිසා මෙය සිදුවෙන්න පුළුවන්. ඉතින් Restart කිරීමෙන් එම දෝශය නැති වෙලා යන නිසා ගැටළුව විසඳෙන්න පුළුවන්.
ලැප්ටොප් එකේ screen එක වහල නැවතත් එය ඇරල බලන්න. lid එක වැහුවට පසු එය කලින් ලෙසම කිසිම ගැටළුවක් නැතුව හරියට වැහෙනවද කියල බලන්න. එය උඩට අරින විටත් බලන්න ගැටළුවක් නැතිව එය ඇරෙනවද කියල. මොකද සමහර විට screen එකේ lid sensors වල ඇති වන දෝශ නිසා screen එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.
Laptop එකට වෙනත් මොනිටර් එකක් සම්බන්ද කරල බලන්න. එවිට එම මොනිටර් එකත් වැඩ කරන්නේ නැතිනම් අපිට එන්න පුළුවන් නිගමනය තමයි ගැටළුව තිබෙන්නේ screen එකේ නොවන බවත් එය ඔබේ ලැප්ටොප් එකේම දෝශයක් බවත්. එහිදී ඔබට අනිවාර්යෙන්ම තාක්ශණික අයෙකුගේ සහය අවශ්‍ය වනවා..
Balck Screen එක නැතිව ඔබට යම් හෝ visual Effect එකක් screen එක තුළ පෙනේ නම් ඔබේ පරිගණකයේ Video Drivers අනිවාර්යෙන්ම update කරන්න. මොකද malfunction උන සහ update නොවුන video drivers නිසා screen එක තුල දෝශ ඇතිවෙන්න පුළුවන්.
Screen එකේ විවිධ වර්ණ වලින් Pixel Dots තියනවද ? ඒකට කියන්නේ stuck pixels කියල. එහෙම දෝෂයක් ඇති උනොත් JScreenFix කියන web app එකෙන් අපිට පුලුවන් එම pixel dots ටික නැති කරල දාන්න. එහි ක්‍රියාව හරිම සරලයි.
Screen එකෙන් පේන රූප burn වෙලා ගිහින් වගේ පේනවද? ඒ කියන්නේ නිකන් අඳුරු වේලා එහෙමත් නැත්තන් රූප පරණ වෙලා වගේ. මේකට කියන්නේ Burn-in කියලා. Pure White Screensaver එකක් පැය කිහිපයක් දාලා තිබ්බට පස්සේ ඔයාට මේ තත්ත්වය මග හැරගන්න පුළුවන්.
එහෙමත් නැත්තන් screen එක පැය 48ක් පමණ ක්‍රියා විරහිත කරල තබන්න.
ඒ වගේම Screen එකට පිටුපසින් තිබෙන Plastic cover එක ගලවලා ඔබට බලන්න පුළුවන් screen backlighting වල මොකක් හරි ප්‍රශ්නයක් තියන්වද කියලා. ඒ කියන්නේ wires ගැලවිලාද connectors හරියට සම්බන්ඳ වේලා නැතිද යන්න වග.
ඉතින් ඔයාලගේ laptop screen එකේ මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් ඔයාට ඉහත පියවරවල් අනුගමනය කරන්න පුළුවන්. ඒ කරත් වැඩේ හරියන් නැති නම් ඔබට අනිවාර්යෙන්ම තාක්ෂණික නිලධාරියෙකුගේ සහය අවශ්‍ය වනවා…
Source : https://webtecsrilanka.com/