Laravel Help

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    මම Laravel වලට අලුත්. Project එකක් හදන්න තියනවා, වෙලාව අඩු නිසා Laravel වලට ආවෙ. වැඩේ ගොඩදාගන්න පුලුවන් සතියක් ඇතුලත වගේ. මගෙ Project proposal එකේ (educational) දැම්මෙ මම Backend එක Laravel/.NET සහ Frontend React/Vue.
    මට තියන ප්‍රශ්න ටික මේවා, දන්න සහ experienced අය කියල දෙන්න.
    1. Laravel එක්ක Frontend එකට මොකක්ද හොඳටම සෙට් වෙන්නෙ? React or Vue? එහෙම නැත්තන් Laravel Framework එකේ විදියටම යන්නද? With Livewire?
    2. Laravel වල Abstraction වැඩියි වගේ නැද්ද? මට මේ දවස් දෙක තුනට හිතුනෙ එහෙම.
    3. Database එකට මම යන්නෙ Postgres එක්ක Docker එකේ Database එක run වෙන්නෙනම්. එතකොට මේ Project එක host කරන්න අමාරුයිද? Docker ගැන දැනීම මදි.
    4. Project එක රජයේ තැනකට නිසා Launch කරන්න පහසුම ක්‍රමය මොකක්ද? දැනට තියෙන්නෙ Local network එකේ launch කරන අදහසක් මොකද ඒක 80 - 90% ම පාවිච්චි වෙන්නෙ Office එක ඇතුලෙ.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    1. Laravel Frontend වලට Livewire තමයි ලේසියෙන්ම හසුරුවන්න හොඳ. Livewire වල ගොඩක්ම server side rendering තමයි වෙන්නෙ. ඒ නිසා php එක්කම development යන්න ලේසියි javascript අඩුවෙන් යන්න පුලුවන්. හැබැයි frontend interactivity එක ගොඩක් බලාපොරොත්තු වෙනව නම් වඩාත් හොඳ Vue. ඒ කියන්නෙ Vue වල ගොඩක්ම client side rendering වෙන්නෙ. වෙනස හිතාගන්න පුලුවන් ඇති. ඇප්ලිකේෂන් එකේ සංකීර්ණත්වය මත ඔය දෙකෙන් එකක් තෝරගන්න වෙනව.
    2. Laravel මුලින්ම පාවිච්චි කරද්දි ඒක ඕනවට වඩා සංකීර්ණ කරලා වගේ කියල හිතෙනව. ඒත් ecosystem එකට ටිකක් හුරු වෙනකොට ඒක ටික ටික තේරුම් යන්න පටන් ගන්නව. අනිත් ඒවට වඩා සෑහෙන හොඳ සැලසුමක් ඇතිව ඇප්ලිකේෂන් එකක් හදාගන්න පහසුකම් තියෙන හොඳ framework එකක්.
    3. ඒක නම් ගැටලුවක් වෙන්න බැහැ. Docker එක සරලව කිව්වොත්, server environment එකක් හදල ටෙස්ට් කරල ඩිප්ලෝයි කරන තැනට එනකල් සියල්ල කරගන්න පුලුවන්. Host කරන්න වුනත් පහසුකම් ඒ හරහා කරගන්න පුලුවන් ඒ නැත්තං අදාල Files ටික මැනුවල් අරන් ගිහිං වුනත් දාගන්න ගැටලුවක් නැහැ.
    4. Local network එකක පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නෑ සරලම විදිහ Laravel වලම තියෙන artisan serve command එක පාවිච්චි කරල serv කරන්නත් පුලුවන්. නැත්තං Doker වලින්ම වුනත් Port open කරල network එකට serve කරන්න පුලුවන් විදි තියෙනව. එහෙමත් නැත්තං දන්න කියන xampp, wamp වගේ එකක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්. වඩා හොඳ performance එන්න serv කරන මැෂින් එක හෝ server එකේ hardware හොඳට තියෙන්න ඕනෙ ඒ වගේම serv කරන software එක හොඳට optimise කරගන්න ඕනෙ. එච්චරයි.
     
    Thank you so much brother. 😍 ප්‍රශ්නයක් ආවොත් මම thread එක update කරන්නම්, පුළුවන් වෙලාවක reply එකක් දාන්න.

    බම්ප් කරපු අයටත් Thanks ! ❤️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    HND eken laravel applications haduwa deep giye nh. Dn matakath na🤣
    මමත් framework ගොඩක් try කරා පොඩි පොඩි project එක්ක, දැන් මතක නෑ. 😁😂

    Oyata time na ne nathnam symfonyth hodayi mn ape internsla and devla okkotama oka train kara ..
    මොනවගේ ඒවටද පාවිච්චි වෙන්නෙ? එයාලගෙ සයිට් එකේ තියෙන්නෙනම් API වලට එහෙම කියල. මොනවද තියන plus points
    ------ Post added on Aug 4, 2025 at 1:55 PM

    Setup එක Laravel + Inertiajs + shadcn,

    කොහොමද shadcn Dialog component එකකට data bind කරන්නෙ?

    Use case එක මෙහෙම,
    Users ලා list එක table layout එකක් විදියට තියනවා, individual user ට edit button එකක් තියනවා ඒකෙන් Dialog component එක open වෙනවා. ඒකට edit route එකක් ඕනෙද?
    ------ Post added on Aug 27, 2025 at 9:02 PM