නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබා දුන් ප්‍රතිකාර කිරීම් අවසන් කර මිට සුළු මෙහොතකට පෙර එම රෝහලෙන් පිටත් කර යවා තිබෙනවා.
ඒ අනුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇති අතර ඒ සඳහා ගිලන් රථයක් මේ වනවිට එම පෞද්ගලික රෝහල වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය විසින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාව අද (29) දිනයේද පරීක්‍ෂා කෙරුණු අතර ඇය ලබාදුන් නිර්දේශයකට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙලෙස බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව තිබෙනවා.



