ලෝයර්ස්ගොඩක් වෙලාවට හිස් කොළවලට අත්සන් ගන්නවා ඔප්පු ලියද්දි. එහෙම හිස් කොළවලට අත්සන් කරන්න බෑ කියපන් මුලින්ම.එහෙම බෑ කියන එක උබේ අයිතිය.අනික මොකක් හරි මගුලක් වෙලා උසාවි යන්න උනොත් හිස් කොලේකට මම අත්සන් කලේ කියන මගුල් කියලා හරියන්නේ නෑ.
ඔප්පුවක් සාමාන්‍යයෙන් සති 2 ක් 3ක් ඇතුළත එනවා.එහෙම එන්නේ නැත්නම් බොහෝ දුරට ඔප්පුවේ අවුලක්.(නැත්නම් නොතාරිස්ගෙ අවුලක්.මොකද ඌ ඔප්පුව යවලා නැත්නම් එන්න විදිහක් නෑනේ)
හොදම දේ උබ ආපහු පත්ඉරු අරන් බලපන් උබේ ඔප්පුව රෙජිස්ටර් වෙලාද කියලා රෙජිස්ටර් වෙලා නම් උබට ඔප්පුව ලියපු නොතාරිස්ට අදාල බල ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් ඔප්පුවේ සහතික පිටපතක් ගන්න පුලුවන්..ඒ සහතික පිටපතත් ඕනෙම දේකට වැලීඩ්.
එහෙම ඔප්පුව රෙජිස්ටර් වෙලා නැත්නම් නීතිඥයට කියපන් ඔප්පුව තාම රෙජිස්ටර් වෙලා නෑ ඒක මට දෙන්න එහෙම නැත්නම් මම පොලිසි යනවා සහ නීතිඥ සංගමයට පැමිණිලි කරනවා කියලා කියපන්.