LCD සහ LED Monitor අතර වෙනස

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
a.jpg
පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත් පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත් සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light Emitting Diode ] මොනිටර පැමිණ ඇත.

මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්.

LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත් LCD සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව LCD සහ LED මොනිටරයන් වෙනස් වේ.

LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight [ පසු ආලෝකන ] තාක්ෂණයන් වල වෙනස්කමයි.LCD මොනිටරයන් වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode Fluorescent Lamp [ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් ] ය.LED මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode [ ආලෝකය විහිදුවන ඩයෝඩ ] යි.

LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන් වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම මගිනි.

b.jpg

LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන් දර්ශණය කලහැකිය.

c.jpg

LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක් ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි.

RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත.

Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය.

එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය වීමයි.

LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.

කෙසේ නමුත් LED වල ඇති එක් අඩුපාඩුවක් වන්නේ LED මොනිටර් නිශ්පාදනයට අධික මිළක් වැයවීමයි.මේ හේතුවෙන් වෙළදපලේ LED මොනිටරයක් අධික මිලක් වේ.නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස් වනු ඇත.

උපුටා ගැනීම


3D TV ගැන දැන ගන්න
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
සුදු මහත්තයා;9957538 said:

ඔන්න ඉතින් පටන් ගත්ත...කමක් නෑ...දන්නෙ නැති උන් කීප දෙනෙක් ඉදියනේ..
මම ඒත් බැලුවා උඹ කොමෙන්ට් එකක් දාන්න හේතුව මොකක්ද කියලා...
හරියටම හිතපු එකම තමා දැම්මේ... :P :P :growl:
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔන්න ඉතින් පටන් ගත්ත...කමක් නෑ...දන්නෙ නැති උන් කීප දෙනෙක් ඉදියනේ..
    මම ඒත් බැලුවා උඹ කොමෙන්ට් එකක් දාන්න හේතුව මොකක්ද කියලා...
    හරියටම හිතපු එකම තමා දැම්මේ... :P :P :growl:

    :lol::lol::lol: