me scene tika hodata mathaka tiyaganna ona...හරියටම හරි
ඕක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සරලවම මෙහෙමයි. ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ(හෝ වෙනත් කෙනෙක් ගේ) ජීවිතය ආරක්ෂා කරන්න. ඊට වඩා පාවිච්චි කරොත් අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.
1. කවුරු හරි උඹේ කෙල්ල දූෂණය කරන්න එනවා. උඹ උට ගහනවා. ඌ එක පාරින්ම සිහි නැති වෙලා වැටෙනවා. හැබැයි මූ මගේ කෙල්ලට අත තිබ්බ නේද කියල තරහට උඹ උට පොල්ලක් අරන් මැරෙනකම් ගැහුවොත් උඹ අමාරුවේ.
2. උඹට කෙල්ලව දූෂණය වෙන එක නවත්තන්න පුළුවන් එකම විදිය ඌව මරණ එක නම් එතකොට ප්‍රශ්නයක් නෑ.
හැබැයි පලවෙනි උදාහරනේ වගේ අවස්ථාවකදී උඹට මරණ දඬුවම දෙන්නේ නෑ. හිරේ යන්න වෙනවා හැබැයි (මිනීමැරුමක් නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් විදියට සලකන්නේ)
ආත්මාරක්ෂාවේ අයිතිය වැරැද්ද කරන කෙනාගේ මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. මිනීමැරුමක්, දූෂණයක්, පැහැර ගැනීමක්, ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍ය වලින් මනුෂ වාසස්ථානයක් විනාශ කරන්න ගියොත් ඒවා නවත්තන්න වගේ.
අනෙක් අවස්තාවලදී බරපතල තුවාල සිදු කිරීම දක්වා ඒ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්.
ඕවට කලින් කිව්වා වගේ ව්‍යතිරේඛ තියෙනවා. උදාහරණයක් විදියට, පොලිසියට කෝල් එකක් දීල ගෙන්නගන්න හොඳටම පුළුවන් කම තියෙද්දී තමුන්ට ආත්මාරක්ෂාවේ අයිතිය කියල වැරැද්ද කරන කෙනාව මරන්න බෑ. එකයි මම කිව්වේ තමුන්ගේ හිතට එකඟව ඇත්තටම ආත්මාරක්ෂාව වෙනුවෙන් ඒ අයිතිය පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි කියල. හිතාමතා වැරදියට පාවිච්චි කරන්න ගියොත් ගස්.
මේ වගේ සිද්දියකදී ඉතාමත් ලොකු හැකියාවක් තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් කලේ කියල ඔප්පු කරලා නිදහස් වෙන්න.
bari welawath chance ekak awoth