Leshan Giant Buddha

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
site_0779_0001.jpg







චීනයේ කිසිම සුළු වැඩක් නැත. සියල්ලම මහා යෝධ වැඩය. කි.වී. 5660 දික් වූ චීන මහා ප්‍රාකාරය, බීජිං හි පිහිටි පොබ්ඩන් නගරය සහ ටියැන්මැන් චතුරශ්‍රය චැංහායි සිට නිංග්බෝ දක්වා දිග කි.මී. 36 (සැ. 22 ) වූ මුහුද මතින් ඉදිවූ ලෝකයේ දිගම විශාලම යෝධ පාලම මෙකී නොකී සෑම යෝධ වැඩ අතර ලෝකයේ අතිවිශාල යෝධ බුද්ධ ප්‍රතිමාවහන්සේ චීනයේ පිහිටා ඇති බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. ඒ බීජිං නගරයේ සිට කී.මී. 3000 පමණ ඈත නිරිත දිග චීනයේ සිඩුවාන් පළාතේ ලීසාන් නගරයේ මෙම විශ්ව කර්ම නිර්මාණය පිහිටා ඇත.

ලීසාන් සහ ඒ ආශි‍්‍රත එමිසෑන් මනරම් කඳුවැටිය කරුණු සතරක් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. හිරු උදාව, අඳුරු මුහුද සහ බුදුරැස් කිරණ සහ මනීවරුන්ගේ දීපය චුවාන් සිවුඅත් පළාතේ ඉතාමත් ආකර්ශනීය සුන්දර භූමි ප්‍රදේශයක මෙම යෝධ බුද්ධ පිළිම වහන්සේ මින්, කුවින්යි සහ ඩාඩු යන ගංගා තුන එකතුවන ස්ථානයේ ලීසාන් නගරයට මුහුණ ලා පිහිටා ඇත.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස මීටර් 71 (අඩි 233 )ක් වන අතර බුද්ධ ප්‍රතිමාවේ ඇඟිල්ලක් මීටර් 3 (අඩි 11 ) දිගය. වාඩි වී සිටින ආකාරයට නිර්මාණය කර ඇති මෙහි පාද යුග්මය අතර පරතරය මීටර් 8 කි. (අඩි 27) මේ පාද යුග්මය අතර මිනිසුන් 100 කට පහසුවෙන් වාඩිවිය හැකි ය. මේ විශ්ව කර්ම නිර්මාණය සෑදීමේ නිමිත්ත සහ එහි ඉතිහාසය සැකවින් මෙසේ දැක්විය හැකි ය.

මින් සහ ක්වින්යි හා ඩාඩු යන ගංගා තුන එකට එකතුවන ස්ථානය අතීතයේ දී දිනපතා අනතුරු සිදුවන ස්ථානයක් ලෙස පැවතුණි. මන්ද මෙම ගංඟා තුනේ ජලපහර ඉතා සැඩ බැවිනි. ඔරු සහ පාරු වල පැමිණෙන මිනිසුන් මෙම ස්ථානයේ දී මෙම ඔරු/පාරු රුවල් බෝට්ටු එකට එක හැපී මහා විනාශ සිදුවිය. දිනපතා සිදුවන මෙම විනාශය වැළැක්වීමට අදිටන් කළ හයිටොංග් නමැති බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කලපුව අද්දර බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීම සුදුසු බව සිතී ය.

එයට හේතුව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඈතට දැකීම නිසා මිනිසුන් තුළ හටගන්නා චිත්ත සමාධියත්, අනිකාට කලින් මෙම ස්ථානයට ළගාවීමට සිතන තරගකාරී සිතිවිල්ල අඩුවීමත්, බුද්ධ ප්‍රතිමාව නෙලීමට මෙම යෝධ ගල් කන්ද කැඩීමට සිදුවන බැවින් එම විශාල ගල් කුට්ටි ගඟට වැටීම නිසා සැඩ පහර අඩුවීමත් යන කරුණු නිසා අනතුරු අඩුවෙතැයි උපකල්පනය කළ මෙම ඥානවන්ත භික්‍ෂූන් වහන්සේ සිය කාර්ය ආරම්භ කළේ ය. මෙම භික්‍ෂූන් වහන්සේ මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් සෙවීමට වසර 20 චීනය පුරා ඇවිදිමින් සම්මාදම් කළ මුදලින් මෙම කාර්යය දියත් කළේ ය. මෙම අතරවාරයේම ප්‍රදේශයේ සමහර පළාත් පාලන නිලධාරීන් මෙම මුදල උපක්‍රමශීලීව සොරාගැනීමට ගිය අවස්ථාවේ හයිටොංග් භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළේ තමාගේ ඇස උගුලා දුන්නත් බුදුරදුන් වෙනුවෙන් එකතු කළ මෙම මුදල නොදෙන බවයි. එය තහවුරු කිරීමට සිතූ මෙම වීර භික්‍ෂූන් වහන්සේ තම ඇස ගලවා ඔවුන්ට පෙන්වීය. එම නිලධාරීන් අධෛර්ය වී ආපසු ගිය බව සඳහන් වෙයි.


ක්‍රි.ව. 713 දී එනම් ටැංග් නම් චීන අධිරාජ්‍ය පාලන සමයේ දී උන්වහන්සේ මෙම පිළිමය නෙලීමේ කටයුතු ආරම්භ කළේ ය. එසේම උන්වහන්සේට නිම කිරීමට ලැබුණේ අඩක් පමණකි. මන්ද උන්වහන්සේ අපවත් වූ බැවිනි. පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් දෙපලක් විසින් ඉතිරි වැඩ නිමකර වසර 90 කට පසු එනම් ක්‍රි.ව. 803 දී මෙහි වැඩ නිම කළේ ය. මෙම කාලය තුළ දහස් සංඛ්‍යාත ජාතිකයින් තම ශ්‍රමය හා බුද්ධිය මෙම නිර්මාණය සඳහා වැය කළේ ය.
ලෝකයේ විශාලතම කැටයම් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙය බව අදත් චීන ජනවහරේ එන ඇතැම් කවි සින්දු සහ කථා මගින් මෙය ප්‍රකාශ වෙයි.


මෙම බුද්ධ ප්‍රතිමාවේ වටිනාකම එහි ප්‍රමාණය මත පමණක් රඳා පවතින්නක් නොවේ. එහි ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණශීලී බවද, අගය කළ යුතුව ඇත. බුදුරදුන්ගේ කොණ්ඩයේ ඇති කැරලි ගණන පමණක් 1021 කි. මෙම කෙස් කැරලි ඉතාමත් සූක්‍ෂම සහ දක්‍ෂ ලෙස හිසට ඔබ්බවා ඇත.


මෙම ප්‍රතිමා වහන්සේගේ එක් සවන් පතක් පමණක් මීටර් 7 ක් (අඩි 23 ) දිගවන අතර එය දැවයෙන් නිර්මාණය කර ඇත. දැව මතුපිට විශේෂ මැටි වර්ගයකින් ආවරණය කර ඇත. වසර දහස් ගණනකට පෙර ශෛලමය ප්‍රතිමාවකට මෙවන් දෑ සවි කිරීම සහ අදත් නිරුපද්‍රිතව පැවතීම විශ්මය දනවන සුළු ය.


ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පිළිම වහන්සේ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා ලෝකයේම අවධානය යොමු වී ඇත. 1963 ට පෙර පාංශු ඛාදනය, සුළඟ සහ වර්ෂාව නිසා මෙම ප්‍රතිමා වහන්සේ විනාශවීමට පටන් ගෙන තිබූ අතර චීන රජය යුනෙස්කෝ සංවිධානය අධීක්‍ෂණය යටතේ මෙහි අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරගෙන යති.


මෙම යෝධ බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෝක උරුමයක් මෙන්ම සැඟවුනු ලෝක උරුමය ලෙසද සමහරු හඳුන්වති. බුදුරදුන් වෙනුවෙන් එදා මෙවැනි යෝධ නිර්මාණය බිහිවූයේ චීනයේ පමණක් නොවේ.
තලෙයිබාන් බුදු පිළිම, ඉන්දුනීසියාවේ බොරෝ බුදු පිළිම වහන්සේ ඇතුළු තවත් නිර්මාණ ලෝකයේ විවිධ රටවල ඉදිකළහ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? එදා උන්වහන්සේ ලෝක සත්වයින් වෙනුවෙන් සැබෑ අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය කොතෙක්දුරට ජනතාවගේ යහපත පිණිස හිතසුව පිණිස ගැලවීමේ මාර්ගය පිණිස හේතුවූවාද යන්නයි. එදා ඒ ලැබූ සත්කාර, සම්මාන, ගරු බුහුමන්, පුද පූජා අදත් උන්වහන්සේට ලැබෙන්නේ ඒ ධර්මය තුළ පැවති සත්‍ය බව නිසා නොවේද? අදටත්, ඉදිරියටත් ඒ සත්‍ය ධර්මය ලෝකවාසීන්ගේ හිතසුව සහ යහපත පිණිස හේතු වෙන මෙවැනි නිර්මාණ තවතවත් බිහි වී ආරක්‍ෂා වේවායි පතමි.


ආශ්‍රිතය - බුදුසරණ

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම ස්තුතියි. බලං ගියාම තලේබාන්ලට වඩා කොමියුනිස්ට් චීනෙ හොඳයි. ආගම්වලට විරුද්ධ වුණාට පුරාවස්තුවල අගය දන්නවා.
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    බොහොම ස්තුතියි. බලං ගියාම තලේබාන්ලට වඩා කොමියුනිස්ට් චීනෙ හොඳයි. ආගම්වලට විරුද්ධ වුණාට පුරාවස්තුවල අගය දන්නවා.

    unta wada balloth hodai sahodaraya
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහොම ස්තුතියි. බලං ගියාම තලේබාන්ලට වඩා කොමියුනිස්ට් චීනෙ හොඳයි. ආගම්වලට විරුද්ධ වුණාට පුරාවස්තුවල අගය දන්නවා.

    අනිවා චීනෙ එළ!!!:D