Lets play Pokemon Go (Basic guide) - Sinhala

Mar 13, 2007
1,266
108
0
@Home
Pokemon Go (Basic guide)


මේ දවස්වල smart phone එකක් තියන හැමෝගෙම කතාබහට ලක්වෙන game එකක් තමයි Pokemon Go කියන්නේ. පිට රටවල Pokemon game එක හුගක් ජනප්‍රිය උනාට ලංකාවේ බොහෝදෙනෙක් Pokemon ගැන දන්නේ නැති නිසා මම මේ thread එක දාන්න හිතුව, කොහොමද මේ game එක play කරන්නේ කියල.


uOGlEAZ.jpg



Pokemon කියන්නේ Nintendo ලගේ ඉතාමත් ප්‍රසිද්ද game title එකක් (1990s). මේකෙදි players ලට කරන්න තිබුනේ fictional ලෝකයකට ගිහිල්ල සත්තුන්ව අල්ල ගන්න එක. අන්න ඒ original game එකම base කරන් තමයි මේ අලුත් Pokemon Go කියන augmented reality game එක හදල තියෙන්නේ. Nintendo company එකයි Niantic Labs කියන company එකතුවෙලා තමයි මේ අලුත් game එක හදල තියෙන්නේ. Niantic Labs තමයි මිට කලින් ලංකාවේ පවා ගොඩක් ප්‍රචලිත උන Ingress කියන game එක හැදුවෙත්. දැනට මේ game එක Android සහ iOS වල play කරන්න පුලුවන්.


PHP:
http://pokemongo.nianticlabs.com/en/


1PiMDl0.jpg



original game එකේ විදියටම අපට මේකෙත් කරන්න තියෙන්නේ Pokemon Trainers විදියට "Pokemon" කියන fictional සත්තු අල්ලාගෙන battle කරන එක. මේක augmented reality game එකක් නිසා අපි GPS on කරන් පාරවල් දිගේ යනකොට තමයි අපිට Pokemon, PokeStops, Pokemon Gyms වගේම අපි වගේ මේක play කරන rival trainers ලත් හම්බ වෙන්නේ. එක නිසා මේ game එක ගහනවා කියන්නේ ටිකක් ඇවිදින්නත් වෙනවා.

පරණ game එක ගැන දන්නේ නැති නිසා ගොඩක් අයට මේ game එක මුලින්ම play කරදදී ටිකක් දොදු වගේ ඇති. මේක ගහන්න පරණ game එක දැනගන්නම ඕනේ නෑ. මොකද මේක design කරලා තියෙන්නේ යාළුවො එක්ක එකතුවෙලා explore කරලා fun ගන්න. එහෙම explore කරන ගමන් ඔයාලගේ neighborhood එකේ ඉන්න අනිත් Poke-Trainers ලත් එක්ක connections ඇති කරගෙන team වශයෙන් මේ game එක play කරන්න පුළුවන්.

මුලින්ම ඔයාල මේ game එක download කරගන්න ඕනේ. Android වලට නම් මේක ලංකාවට තාම available නෑ. iOS ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි android අයට නම් මේක side-load කරන්න පුළුවන් apk එක download කරලා. හැබැයි හැම තැනින්ම download කරන්න එපා, මොකද මේකත් එක්ක malware attach කරපු apk files තියනවා.

About Malware
PHP:
http://www.cnet.com/how-to/how-to-avoid-pokemon-go-malware/

Download apk
PHP:
http://www.apkmirror.com/apk/niantic-inc/pokemon-go/


Download කරලා install කරගත්තට පස්සේ, play කරන්න sign up වෙන්න ඕනේ. එකට ඔයාලට Google account හෝ Pokemon Trainer Club account එකක් ඕනේ. iOS වලට නම් google account එකෙන් sign up උනාම ඔයාලගේ google account එකට full access දෙනවා කියල පොඩි risk එකක් තියනවා. නමුත් game එකේ developers ල සහ google දැනටමත් මේක fix කරනව. මේගැන වැඩි විස්තර ඕනේ නම් මෙතනින්.


PHP:
http://www.cnet.com/news/pokemon-go-gotta-catch-all-your-personal-data/


WM6HKn8.jpg



Sign up උනාට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ digital avatar එක customize කරගන්න ඔයාලට ඕනේ විදියට. ඊට පස්සේ තමා ඔයාල game එකේ main area එක වෙන Pokemon Go map එකට enter වෙන්නේ. Pokemon Go map එක google-maps එකේම animated version එකක් තමයි. මේ map එකේ තමයි ඔයාල ඉන්න area එකේ ඉන්න Pokemon ල පෙන්නන්නේ. ඒ වගේම unmarked පාරවල්, PokeStops සහ Pokemon Gyms වගේ දේවලුත් මේ map එකේ පෙන්නනවා. අපි ඇත්තටම පාරවල් දිගේ ඇවිදන් යනකොට අපේ avatar එකත් ඒ විදියට game එකේ move වෙනවා GPS අනුව.



hXBf3h3.jpg



අපි avatar එක customize කරලා trainer කෙනෙක් විදියට අපේ ගමන පටන් ගත්තම, අපිට දෙනවා Pokemon 3 දෙනෙක් (Bulbasaur, Charmander, Squirtle), කැමති එක්කෙනෙක්ව තෝරා ගෙන අල්ල ගන්න. අපි තෝරාගන්න කෙනා අපි ඉස්සරහම මතු වෙනවා. මේක හරියට නිකක් අපේ පලවෙනි training එක වගේ තමා. අපි Poke-Ball වලින් ගහල එයාව අල්ල ගත්තම අනිත් දෙන්න නැතුව යනවා. ඊට පස්සේ තමා අපේ journey එක ඇත්තටම start වෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ game එක on කරන් ඇවිදින්න. මෙහෙම ඇවිදන් යනකොට තමයි Pokemon ල මතුවෙන්නේ. එතකොට අපට තියෙන්නේ Poke-Balls use කරලා එයාලව අල්ලගන්න.

මුලික වශයෙන් අපි මේ game එකේ basic දේවල් තුනක් කරනවා

1. Pokemon ලා අල්ලන එක
2. PokeStops visit කරන එක
3. Gym battles කරන එක


User Interface

8Zlat1x.jpg



1. Player icon - මේකෙන් ඔයාගේ character information සහ in-game achievements බලා ගන්න පුළුවන්.
2. Backpack - අපේ backpack එකේ තමා අපි journey එකේ pick up කරන items store වෙන්නේ.
3. Pokedex - මේකෙන් තමා පෙන්නන්නේ Pokemon index එක සහ ඔවුන්ගේ සියලු තොරතුරු.
4. Pokemon - මේකෙන් පෙන්නනවා ඔයා ගාව දැනට ඉන්න ඔක්කොම Pokemon ලා.
5. Nearby Pokemon - මේකෙන් පෙන්නනවා ලගපාත ඉන්න Pokemon ලා.



gLBLG5p.jpg



දැනට game එකේ Pokemon ලා වර්ග 100ක් විතර ඉන්නවා. මේ අය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.සමහර අය ලොකුයි, සමහරක් පොඩි, තව සමහරක් එක එක shape. හැම geographical area එකකටම අවේණික Pokemon type ඉන්නවා. ඒවගේම සමහරක් Pokemon types අනිත් අයට වඩා හරි විරළයි. එක නිසා ඔයා walk කරන area එකේ හම්බවෙන්නේ එකම type Pokemon ලා නම්, ඔයා වෙන area එකකට ගියොත් අලුත් අය හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒවගේම time එක අනුවත් හම්බවෙන Pokemon types වෙනස් වෙනවා.

ඉතින් කලින් කිව්වා වගේ Pokemon ලා හොයා ගන්න ඔයාට physically ඇවිදින්නම වෙනවා. Nearby Pokemon click කලාම ලගපත ඉන්න Pokemon ලා පෙන්නනවා. Pokemon ට තියන දුර යටින් තියන තිත් ගානෙන් හොයන්න පුළුවන්. 1 තිතක් කියන්නේ ලග. තිත් 3 කියන්නේ දුර. සාමාන්‍යයෙන් Pokemon ලා වැඩිපුර ඉන්නවා populated areas වල. ඒ ares වල තියන PokeStops (landmarks/monuments) වල බොහෝවිට මෙයාල ඉන්නවා. ඒ කියන්නේ PokeStops වැඩිපුර තියන තැන වල අපිට ලොකු chance එකක් තියනවා Pokemon ලා අල්ල ගන්න. Pokemon ලා අල්ල ගන්න අපිට phone එකේ display එක දිහාම බලන් ඇවිදින්න බෑනේ. එක නිසා game එක design කරලා තියෙන්නේ Pokemon කෙනෙකුට කිට්ටු උන ගමන් notification එකක් ඇවිත් vibration වෙන්න.


koiYeTi.jpg



මෙහෙම Pokemon කෙනෙක් map එකේ visible උනාම, අපි උගාවට ගිහින් augmented reality feature එක on කරලා හෝ නැතුව උව අල්ල ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ එහෙම අල්ල ගන්න Poke-Ball එකෙන් උට ගහන්න ඕනේ. එක එක අය එක එක විදියට Poke-Ball ගහනවා. normal ගහන්නේ Poke-Ball එක tap කරලා hold කරන් ඉදල, මෙහෙම hold කරන් ඉන්න කොට කොළ පාට වගේ දිලිසෙන රවුමක් Pokemon වටේට මතුවෙලා එන්න එන්න පොඩි වෙනවා. එක පොඩිම උනාම අපි උ ඉන්න පැත්තට බොලේ දමල ගහන්න ඕනේ. බොලේ අගේ වැදුනම උව එකේ capture වෙනවා. මේක ටිකක් පුරුදු උනාම one-shot ම වැඩේ දෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මුන් බෝලෙන් එලියට පයින්නත් පුළුවන්. එවෙලාවට තව බෝලයක් ගහල උව recapture කරගන්න try කරන්න ඕනේ.


game එකේ ඉස්සරහට යන්න යන්න ඉන්න Pokemon ලගේ power එක වැඩි. එතකොට අපිටත් powerful Poke-Ball හෝ Razz Berries වගේ use කරන්න වෙනවා උන්ව අල්ල ගන්න. අල්ලන වෙලාවට Pokemon වටේ තියන දිලිසෙන ring එක කොළ පාට නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව උව අල්ල ගන්න පුළුවන්. කහපාට නම් 50/50 chance එකක් තියනවා. හැබැයි රතුපාට නම් powerful Poke-Ball කිහිපයක් හෝ Razz Berriesවගේ use කරන්න වෙනවා උව අල්ල ගන්න. ඒවගේම එකම Pokemon එකපාර දෙන්නෙකුට වගේ අල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයයි තව යාළුවෙකුයි පාරේ යනකොට same Pokemon දෙන්නටම set උනොත්, ඔයාල දෙන්නටම උව අල්ලගන්න පුළුවන්. එතකොට උ දෙන්නගෙම collections වලට යනවා separate ව.


Special items

M1xqPYK.jpg



Items කියන්නේ මේ game එකේ නැතුවම බැරි දෙයක්. Items කිව්වම Poke-Balls, Incense, Lure, Potions, Revives වගේ දේවල් හදුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට incense, lure වගේ use කරලා අපිට පුළුවන් Pokemon ලා lure කරගන්න අපිගවට, ඒවගේම එහෙම lure කරගත්ත අය ටික වෙලාවකට stop කරලා තියාගන්නත්. ඔයාලට එකකෝ මේ items in-game buy කරන්නත් පුළුවන් නැත්තම් PokeStops visit කරලා collect කරගන්නත් පුළුවන්. මේ හැම item එකකම unique use එකක් තියනවා. සාමාන්‍යයෙන් මේ items category දෙකකට වැටෙනවා capture හෝ recovery කියල. capture ඒවා අලුත් Pokemon ලා අල්ලගන්න කොටත්, recovery ඒවා gym battles වලට පස්සේ Pokemon ලා heal කරන්නත් උදවු වෙනවා.


PokeStops

HTactgG.jpg



PokeStops කියන්නේ ඔයාලගේ area එකේ තියන important landmarks, monuments වගේ දේවල්. map එකේ මේවා නිල්පාට රිටක් උඩ තියන cube එකකින් indicate වෙනවා. මේවා ලගට ගියාම කැරකෙන් disk එකක් විදියට transform වෙනවා. අපි මේ disk එක Swipe කරලා spin කලාම අපිට PokeEggs, PokeBalls, healing potions වගේ විවිද දේවල් reward විදියට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි එක පාරක් මේකක් visit කලාම මේකේ color එක දම්පාට වෙනවා අපි මේක විසිට් කළා කියල indicate කරන්න. එතකොට විනාඩි 10ක් වගේ ඉන්න ඉන්න ඕනේ same PokeStops ආපහු visit කරන්න.


Throwing Pokeballs

Normal way

BRcxFl5.gif


Pokeball එක ටැප් කරල hold කරන් ඉන්නවා Pokemon වටේ තියන කොළ පාට ring එක කුඩාම වෙනකන්. ඊට පස්සේ ball එක විසිකරනවා Pokemon දෙසට.

Curve ball

cfJbIMH.gif


Ball එක ටැප් කරලා hold කරන් ඉන්න ගමන් ball එක කරකවනවා. එහෙම කරකවලා ball එක විසිකරනවා curve එකක් හිටින විදියට.


------------------------------------------------------------------

මම pro කෙනෙක් නෙමේ මේ game එකේ, තාම game එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙලොදෙයක් දන්නේ නැතුව net එකෙන් හොයා හොයා තම පටන් ගත්තේ ගහන්න. මේ thread එක Pokemon Go අලුතෙන් ගහන්න පටන්ගන්න හුගදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒ අයට මේක කියෙව්වහම basic idea එකක් එයි game එක මොකද්ද, මොකද්ද මේකේ වෙන්නේ කියල. මීලග post එකෙන් Poke-Eggs වගේ items ගැන වැඩිපුර විස්තරත්, Pokemon සහ Trainer level-up ගැනත් Gym teams සහ Gym battles ගැනත් ලියන්නම්. Pokemon Go pro ලා ඉන්නවනම්, මට මිස්වෙච්ච තැන් ඇති. ඒවා ගැන කට්ටියට කියන්න.

බලල නිකක් යන්න එපා. අනිත් යටත් බලාගන්න reply හෝ bump එකක් දාල යන්න. :yes::yes::yes:
 
Last edited:
Mar 13, 2007
1,266
108
0
@Home
ඉතින් කිව්වා වගේම, මේතමා Pokemon Go guide එකේ දෙවැනි කොටස. පළවෙනි කොටසට බොහෝ දෙනෙක්ගෙන් හොද ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටමත් ස්තුති කරන ගමන්ම දෙවෙනි කොටස මෙහෙම පටන් ගමු. මේ part එකෙන් කතා කරන්නේ game එකේ ටිකක් advance, එහෙමත් නැත්තම් ටිකක් play කරලා experience ගත්තට පස්සේ ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන.


Lure Pokemon - Incense & Lures


rMZrii2.jpg



Pokemon trainer කෙනෙක්ගේ bag එකේ තියන ඉතා වැදගත්ම item දෙකක් තමා Incense සහ Lures කියන්නේ. අපිට මේ items දෙකම use කරලා පුළුවන් nearby Pokemon ලා අපි ගාවට attract කරගන්න.


Incense

pKU6Tnx.jpg



මේක අපි ගාවට Pokemon ලා attract කරන "mysterious fragrance" එකක් කියල හදුන්වන්න පුළුවන්. අපි මේකක් active කරගත්තම විනාඩි 30 වගේ කාලයක් මේක පවතිනවා. ඒවගේම මේක active කාලසීමව තුල අපි යන යන තැන අපිත් එක්කම මේ fragrance එක එනවා. ඒකනිසා අපි ඇවිදිනකොට incense එකක් active කරගෙන ඇවිද්දොත් අපිට ලේසියෙන්ම Pokemon ගොඩක් capture කරගන්න පුළුවන්.


Lures

d0JobX8.jpg



මේකෙත් හරියට incense වගේම තමා. හැබැයි වෙනසකට තියෙන්නේ, අපිට lures active කරන්න පුළුවන් PokeStop වල විතරයි. එහෙම කලාම මේක ඒ PokeStop එකට විනාඩි 30ක් විතර කාලයක් ඇතුලත Pokemon ලා attract කරනව. ඒවගේම අපි PokeStop එකෙන් ගියා කියල lure එක අපි එක්කම එන්නේ නෑ. ඒක ඒ PokeStop එකේම රැදිලා තියනවා වෙලාව ඉවරවෙනකන්. එකනිසා lure එකක් active කලාම, ඒ PokeStop එක visit කරන හැමෝටම එකෙන් benefit එකක් වෙනවා. PokeStop එකක lure එකක් active කරලා තියනවා කියල දැනගන්න පුළුවන් ඒක වටේට දම්පාටට harts වගේ කැරකෙනවා නම්.


Razz Berry


wZ50szw.gif



Razz Berry කියන්නේ Combat Power (CP) එකෙන් වැඩි Wild Pokemon ල ලේසියෙන්ම අල්ලන්න පාවිච්චි කරන්න පුළුවන් item එකක්. Level 8 උනාම තමයි අපිට මේවා use කරන්න මුලින්ම පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අල්ලන්න අමාරුයි, ඒ කියන්නේ ring එක කහ හෝ රතු වගේ තියන Pokemon ල අල්ලන්න මේක උදවු වෙනවා. එහෙම Pokemon කෙනෙක්ට Razz Berry දීල, powerful PokeBall එකක් නියමෙටම throw කලොත් අනිවාර්යයෙන්ම ඔයාට උව අල්ල ගන්න පුළුවන්.


PokeEggs


eTsotKY.jpg



PokeEggs කියන්නේ ඉපදෙන්න ඉන්න Pokemon බිත්තර කිව්වොත් නිවැරදි. PokeStops වලින් තමා සාමාන්‍යයෙන් මේ බිත්තර අපිට ලැබෙන්නේ. හැම බිත්තරේම එක වගේ නෙමේ. බිත්තර වර්ග ගොඩක් තියනවා. එක එක බිත්තර වර්ග වලින් ඉපදෙන්නේ එක එක Pokemon වර්ග. මේ බිත්තරෙකින් Pokemon කෙනක් ඉපදෙන්න අපි මේ බිත්තරේ අපේ backpack එකේ තියන Egg Incubator එකට දාගෙන නියමිත දුරක් ඇවිදින්න ඕනේ. මෙහෙම ඇවිදින්න ඕනේ දුර, බිත්තර වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. මෙතැනදී ඇවිදිනවා කියන්නේ ඇත්තටම ඇවිදින්න ඕනේ. වාහනයක යන එක count වෙන්නේ නෑ.


Power up & Evolve Pokemon


mml7kJL.jpg



ඔයාල game එක දිගටම play කරනකොට ඔයාලට අවස්ථාව තියනවා ඔයාල ගාව අල්ලාගෙන ඉන්න Pokemon ල power up කරලා evolve කරගන්න. ඔයාගේ Pokemon ල power up/evolve කරගන්න තරමට එයාලගේ Combat Power (CP) සහ Hit Points (HP) වැඩි වෙනවා. එහෙම කරන්න ඔයාලට Stardust සහ Candy ඕනේ වෙනවා. ඉතින් මෙහෙම කරපු Pokemon ල බොහොම ලේසියෙන් Gym battles වලදී ප්‍රතිවාදී low-ranked Pokemon ල පරද්දන්නත්, බොහොම හොදින් තමාගේ team එකේ Gym ආරක්ෂා කරගන්නත් යොදාගන්න පුළුවන්.


Stardust & Candy


TJxb8mR.jpg



අපිට stardust සහ candy හම්බවෙන ක්‍රම කීපයක් තියනවා. ඒ තමයි Pokemon ල අල්ලපුවහම, PokeEggs hatch උනාම, Pokemon ල professor ට transfer කලාම සහ Pokemon ලා Gym වලට assign කරපුවහම. ඉතින් මේ resources දෙක game එක play කරලම තමා හොයා ගන්නවෙන්නේ. මොකද මේවා අනිත් දේවල් වගේ in-game buy කරන්න අවස්ථාව දීල නෑ. මේදෙකෙන් stardust නම් හැම Pokemon ටම common දෙයක් උනාට candy නම් breed specific දෙයක්. ඒ කියන්නේ එක candy ජාතියකින් evolve කරන්න පුළුවන් ඒ breed/family එකට අයිතිවෙන Pokemon ල පමණයි.


Pokemon Trainer


fdD4FJA.jpg



Pokemon ලාට අමතරව මේ game එකේ ඉන්න ගොඩක්ම වැදගත් character එක තමයි Pokemon trainer. ඉතින් game එක මුලින්ම පටන් ගන්න කොට අපිට අවස්ථාව දීල තියනවා අපිට ඕනේ විදියට අපේ trainer ගේ avatar එක customize කර ගන්න. ඉතින් මෙහෙම හදා ගත්තු trainer ට, අපි game එක තුල කරන විවිධ activities වලින් experience points එනවා. එහෙම experience එකතුවෙනකොට අපේ trainer ගේ level එක වැඩි වෙනවා. අපේ trainer level 5 උනාම අපිට අවස්ථාව ලැබෙනවා team (Mystic/Valor/Instinct) එකකට join වෙන්න. අපේ level එක වැඩිවෙනකොට, අපිට හම්බවෙන Pokemon ලත් බොහොම strong වෙනවා. ඒ එක්කම අපිට විවිධ perks සහ items unlock වෙනවා.


GT8dKid.jpg



ඉතින් කලින් කිව්වා වගේ, අපි game එකේ කරන හැමදේකින්ම වගේ අපිට experience points එනවා. මෙහෙම ලැබෙන experience points ප්‍රමාණය, කරන activity එක අනුව වෙනස් වෙනවා. උඩ තියන image එකෙන් බලාගන්න පුළුවන් activity අනුව experience points ලැබෙන හැටි. ඒවගේම Lucky Egg වගේ item එකක් use කරලා අපිට පුළුවන් විනාඩි 30 වගේ කාලයාක් ඇතුලත අපි ලබාගන්න experience points double කරගන්න. එක එක level එකට අවශ්‍ය කරන experience points ප්‍රමාණය පහල link එකෙන් බලාගන්න පුළුවන්.

PHP:
http://imgur.com/VQznWWL


Gym & Gym Battles


bvTzora.jpg



PokeStops වලට අමතරව අපිට map එකේ දකින්න පුළුවන් තවත් දෙයක් තමයි Gyms. Gym එකක් කියන්නේ හරියට බලකොටුවක් වගේ දෙයක්. එක එක Gym, එක එක teams වලින් conquer කරන් ඉන්නවා. මෙහෙම තියන Gym වල අයිතියට අනිත් teams ඇවිත් battles කරගන්නවා මේවා අල්ලගන්න. අන්න ඒවාට තමා කියන්නේ Gym battles කියල. ඉතින් Gym එකක් අල්ල ගන්න නම් ඔයා team එකක ඉන්නම ඕනේ. team එකක ඉන්න ඕනෙම කෙනෙක්ට ගිහින් තව team එකකට අයිති Gym එකක අයිතියට battle කරන්න පුළුවන්. හැබැයි ඉතින් team එකකට ඇතුලත්වෙන්න නම් ඔය අනිවාර්යයෙන්ම level 5 හෝ ඊට වැඩි වෙන්න ඕනේ.


fZSzuP0.jpg



Game එකේ අපිට join වෙන්න පුළුවන් teams තුනක් තියනවා. ඒ තමා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට). මේ තුනෙන් කැමති එකකට ඔයාට join වෙන්න අවස්ථාව තියනවා. හැබැයි join උනාට පස්සේ team එක මාරුකරන්න නම් තාම ඔයාලට පුළුවන්කමක් ලබාදීල නෑ. ඉතින් මෙහෙම join උනාට පස්සේ ඔයාට පුළුවන් ලගතියන Gym එකකට ගිහින්න attack කරන්න. ඔයාල attack කරන්න යන Gym එක මොන team එකටද අයිති කියල බලාගන්න පුළුවන් එකේ පාට අනුව. එත් සමහර Gym අළුපාටට පේනවා ඔයාල දැකල ඇති. ඒවා neutral Gym. Neutral Gym කියන්නේ තාම කවුරුත් අල්ලාගෙන නැති Gym. මෙහෙම Gym එකක් තියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ team එක වෙනුවෙන් මුලින්ම එක අල්ල ගන්න. මෙහෙම අල්ලගත්තම ඔයාට පුළුවන් ඔයාගේ Pokemon කෙනෙක් ඒ Gym එක defend කරන්න දාන්න. එතකොට ඔයාට PokeCoins සහ stardust ලැබෙනවා reward විදියට.


hVAqox0.png



ඉතින් කලින් කිව්වා වගේ අපිට පුළුවන් attack කරලා opposing teams වල Gym අල්ල ගන්න. එහෙම අල්ලගාන්න Gym එක guard කරන Pokemon ල විතරක් මැරුවට මදි. ඒ Gym එකේ prestige/level එක 0 වෙනකම්ම attack කරන්නත් ඕනේ. හැම Gym එකකටම level එකක් සහ prestige එකක් තියනවා. Gym එකේ prestige එක ඉහල යනකොට Gym එකේ level එකත් ඉහල යනවා. Gym level එක වැඩි වෙන්න වෙන්න එක අනිත් teams වලට capture කරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් Gym එකක prestige එක ඉහල යනවා Gym battles දින්නම. මෙහෙම දිනන battles එක්කෝ opposing teams එක්ක කරලා දිනපුවා වෙන්නත් පුළුවන්, නැත්තම් තමන්ගේම team එකේ training battles වෙන්නත් පුළුවන්. Gym level එකක් අනුව Gym එක defend කරන Pokemon ගානත් තීරණය වෙනවා.


OKf1JFb.jpg



Higher level Gyms වලට අපේ Pokemon ල defend කරන්න contribute කරන්න පුළුවන් කියල කිව්වනේ. හැබැයි මෙහෙම contributeකරපු Pokemon ලා වෙන කිසිම දෙකට යොදාගන්න බැරි විදියට unavailable වෙනවා. ආපහු එය available වෙන්නේ එය defend කරපු Gym එකේ battle එකකින් එය defeat වෙලා kicked-out උනොත් විතරයි. බලන් ගියාම gyms එක්ක interact කරනවා කියන්නේ ටිකක් අපහසු දෙයක්. හැබැයි එහෙම උනාට එකෙන් ප්‍රධාන වාසි දෙකක් තියනවා. එකක් තමා අපිට ලැබෙන experience points. අනික තමා bonus items. ඒවගේම හැම Gym එකකම store කරලා ඉන්න Pokemon කෙනෙක්ටම අපිට පැය 24 කට සැරයක් stardust 500 සහ PokeCoins 10 බැගින් ලැබෙනවා. PokeCoins උපයගන්න දැනට තියන එකම free ක්‍රමයත් මේක තමා.


Gym එකේ level එක මත, Gym එකට assign කරන්න පුළුවන් Pokemon ලා ගාන තීරණය වෙනවා කියල දැන් ඔයාලා දන්නවනේ. ඉතින් trainers ලා තමතමුන්ගේ Pokemon ලා Gym එක protect කරන්න assign කලාම, ඒ අයගෙන් එක්කෙනෙක් Gym එකේ leader වෙනවා. සාමාන්‍යයෙන් Gym leader විදියට තේරෙන්නේ වැඩිම Combat Power (CP) එකක් අයිති Pokemon ගේ trainer තමයි. එතකොට එයාව crown එකකින් mark වෙනවා.


Rival Gym battle එකකදී අපිට, උපරිමය හයක් වෙනකන් Pokemon ලා select කරන්න පුළුවන්, battle එකකට යොදා ගන්න. ඒවගේම, එකම Gym එකකට, එකම වෙලාවේ, trainers ලා කීපදෙනෙක්ටත් challenge කරන්න පුළුවන්. Pokemon ලා එකිනෙකාට attack කරගන්න කොට, එක් එක් Pokemon ගේ Hit Points (HP) අඩුවෙනවා. එහෙම අඩුවෙලා අඩුවෙලා උන් faint වෙනවා. එහෙම faint උනාම එයාලා යන්නේ ආපහු trainer ගේ Pokemon ගොඩට. එතකොට ඒ trainer ට අවස්ථාව තියනවා එයාව heal කරන්න. Battle එක අතරතුර අපි defeat කරන හැම Pokemon කෙනෙකුටම, Gym එකේ prestige එක අඩු වෙලා level එක පහල යනවා. මෙහෙම attack කරලා prestige එක 0 කලාම තමා අපේ team එකට Gym එක අයිති කරගන්න පුළුවන් වෙන්නෙ.


--------------------------------------------------------------------------------


ඉතින් ඔහොම තමයි මගේ Pokemon Go guide එක අවසන් වෙන්නේ. මේ guide එකෙන් මට අවශ්‍ය උනේ මේ game එකට අලුතින් එකතු වන අයට ඉතාමත්ම වැදගත් වන මූලික තොරතුරු ටික පැහැදිලිව ලබා දෙන්න. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක උනා කියල. මේක කියවපු ඔයාල හැමෝටම ස්තුති කරන ගමන්ම wish කරනවා ඔක්කොම Pokemon ලා අල්ලගන්න ලැබෙන්න කියල. ;)
 

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මටනම් හිතෙන්නේ ලන්කාවට නැති එකමයි හොද. නැත්නම් rap සීන් එවුන් වගේ pokemon සීන් එකේ ඉන්න එවුන් පාරක් පාරක් ගානේ ඉන්න ගත්තාම අපිට වැඩක් කරගන්නවත් වෙන්නේ නෑ. :lol:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හොද idea එකක් මචන්. හොදට data එකතු කර ගන්න පුළුවන්.
    මේකත් Google Map එක develop කරන්නද පාවිච්චි කරන්නේ...?

    ඕකෙ IOS වලට නැද්ද....???

    උබ thread එක කියෙව්වේ නැනේද..?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මිනිස්සුන්ගේ කාලෙ නාස්ති කරන්න මොන මොනවහරි මගඩි එනව කාලෙන් කාලෙට. අපේ අයියලත් ඉතින්.. හම්මේ.. අපි ඒ ගැන කතා නොකර ඉමු :rofl:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    හොද idea එකක් මචන්. හොදට data එකතු කර ගන්න පුළුවන්. මේකත් Google Map එක develop කරන්නද පාවිච්චි කරන්නේ...?

    ඒ ගැනනම් හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි මේකෙන් Ingress වගේනම් map data එකතු වෙන්නේ නෑ.