(*)Lexar JumpDrive Fingerprint F3 (*)

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Lexar JumpDrive Fingerprint F3
    ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත ‍රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.


    image_7695466a8b.jpg


    එම ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ, අප ඕනෑම අයෙකු අත ඇති සාමාන්‍ය දෙයක් බවට Pen Drive පත්වීම නිසාවෙනි.
    මෙම Pen Drive එකක ඔබ ‍රැගෙන යන දත්ත මුරපද යොදා ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම තිබුණත්, ඒ එකකින් හෝ අතිශයින්ම සංවේදී දත්ත වෙත සැබෑ ආරක්ෂාවක් ලබා නොදෙයි. එය එසේ වුවත්, මෙම උපාංගය හඳුන්වා දී ඇත්තේ එම තත්ත්වය වෙනස් කිරීමටය. මෙය ඔබේ ඇඟිලි සලකුණ කියවිය හැකි ‍fringe print සෙන්සරයකින් යුතු අතර, නිවැරදි ඇඟිලි සලකුණ නොමැතිව එහි දත්ත වෙත ප්‍රවේශ වීමට කිසිදු හැකියාවක් ලබානොදෙන නවීන Pen Drive එකක් ලෙසද ෙමය හැඳින්විය හැක.

    මෙම Pen Drive උපාංගය භාවිත කිරීම සඳහා ඔබට කිසිදු අමතර මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම 256-bit AES විකේතන ආරක්ෂාව ඇති මෙහි 128GB ධාරිතාවය ඔබට අවශ්‍ය ඕනෑම ගොනුවක් සුරක්ෂිතව එහාමෙහා ගෙන යෑම සඳහා ප්‍රමාණවත් වනු ඇත. එසේම මෙහි නිෂ්පාදකයන්ට අනුව ඔබේ ඇඟිලි සලකුණ කියවා, එය නිවැරදි දැයි සනාථ කරගැනීමට මෙහි සෙන්සරයට ගතවන්නේ තත්පරයක කාලයකි. එසේම ඔබට අවශ්‍ය නම් මෙම Pen Drive එකේ දත්ත වෙත ප්‍රවේශ විය හැකි පරිශීලකයන් උපරිම දසදෙනෙකුගේ ජෛවමිතික දත්ත මෙහි සුරක්ෂිත කළ හැක. එසේම ජෛවමිතික දත්ත ඇතුළත් කිරීම සඳහාද මුරපද ආරක්ෂාව ලබාදිය හැක.
    image_c4235ee18a.jpg

    image_13914144a7.jpg

    උපුටා ගැනීම අද>LK
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබව දැක්ක කල් යකො
    කොහෙද හිටියේ ?