Life of Gautama Lord Buddha - Special Events

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපගේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම අනියත විවරණයේ සිට ධාතු පරිනිර්වාණය දක්වා සිදුවූ හා සිදුවීමට නියමිතව ඇති විශේෂ අවස්ථා සියල්ලම කියවීමට,
    හොට/හොම්බ/නහය etc. ඇතුලට දාල බලන්නේ නැතුව ඔලුවත් එක්ක මුළු ඇඟෙන්ම ඇතුලට වරෙල්ල.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    බුද්ධත්වය යයි අසාවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක අප මහා බෝධිසත්වයෝ වෙළඳ පවුලක ඉපදුනි. ඔහු වැඩක් පලක් කරගත හැකි කාලය වන විට ඔහුගේ පියා මියගියේය.:( වෙළඳාම් සිදුකොට ලැබෙන ලාභයන්ගෙන් මවත් පෝෂණය කොට ඔහු ජීවත් වුයේය. ඔහු විටෙක තවත් වෙළෙන්දන් සමග මුහුදු මාර්ගයෙන් ගොස්ද භාණ්ඩ විකිණුවේය.

    දිනක් ඔහු මුහුදු ගමනකට සැරසෙන විට මෑණියෝ මුහුදු ගමනට ඇයවත් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. තම මෑණියන්ගේ බසට කීකරු වූ ඔහු මෑණියන්වද නැවේ රැගෙන යාමට එකඟ වූවේය. ඔවුන් ගමන පිටත් වී දින කිහිපයකින් තද කුණාටුවක් ඇතිවිය. මුහුද සැර විය. සැඩ රල පහරක් එක වරම නැවේ ගැටිණි. නැව උඩු යටිකුරු විය. :(

    වෙළෙඳ පුත්‍රයා පිහිනා ගොස් පිහිනිය නොහැකි තම මව සොයාගත්තේය. මව කරමත තබාගෙන දින හතක එක දිගට පිහිනුවේය. මේ අතර බ්‍රහ්ම ලොව සිටි බ්‍රහ්මයෙක් තම දිවැසින් මනුලොව පිරික්සුවේ මෙලොව බුදුවරයෙකු පහළවී ඇත්දැයි යන්නයි. එහෙත් එය බුදු කෙනෙක් තබා බුදු බව උදෙසා පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක් බවට එම බ්‍රහ්ම දේවතාවාට අවබෝධ විය. ඉන්පසුව ඔහු සෙව්වේ බුදුවීමට පාරමිතා පිරීම සඳහා ශක්තියක් ඇති මිනිසෙක්ය. ඔහු ප්‍රථමයෙන්ම මව කරමත තබාගෙන පිහිනන පුත්‍රයා දුටුවේය. දුටු විගසම "මේ පුතුට මවත් සමග ගොඩ බිමට යාමට හැකියාව ලැබේවා!" යි ප්‍රාර්ථනා කළේය. ඒ ආශීර්වාදාත්මක ශක්තිය ලැබුණු පුත්‍රයා ගොඩබිමට ලඟාවිය. :)

    මවත් සමග ගොඩබිමට ලඟා වූ පුත්‍රයාට මව ආශිර්වාද කරන බව දුටු බ්‍රහ්ම දේවතාවා මවගේ සිතුවිලිවලට "බුදු වේවා" යන අර්ථය ඇතුළු කරේය. ඒ අනුව මව "මගේ පුතා බුදු වේවා!" යනුවෙන් ආශිර්වාද කලාය. බුද්ධත්වය ගැන අපගේ බෝධි සත්වයෝ මුලින්ම ප්‍රාර්ථනා කලේ එම ආත්මයේදීය. "අම්මේ මම කවදාහරි බුදු වෙනවා!" යයි සිතු ඔහු එතැන් සිට ආත්ම බව අසංඛ්‍ය ගණනක් මනසින් බුද්ධත්වය පැතුවේය. තවත් ආත්ම බව අසංඛ්‍ය ගණනක් වචනයෙන් බුදුබව පැතුවේය. අවසානයෙදී අටවිසි බුදු රජාණන් වහන්සේලාගෙන් ප්‍රථම බුදුන් වහන්සේ වූ දීපංකර බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලැබූ කාලයේදී සුමේද නම් සිටුවරයෙක් ලෙස උපන්හ. ඔහු දිනක් තම සේවකයෙකුගෙන් විමසුවේ "මට ලැබිල තියෙන මේ මෙච්චර ධනය කොහෙන්ද?" "ඔබතුමාගේ පියා, සීයා, මුත්තා ආදී මුළු පරම්පරාව විසින් රැස්කළ දනයය. දැන් ඔවුන් මියගොස් ඇතිනිසා ධනය ඔබතුමාට ලැබී තිබේ." එවිට මගේ මුත්තාවත්, සීයාවත්, පියාවත් මේ දානයෙන් කොටසක් රැගෙන ගියේ නැද්ද? :P" "නැහැ ස්වාමිනි. මරණයේදී මේ කිසිවක් රැගෙන යන්නේ නැහැ." "එසේනම් මා ඒවා රැගෙන යා යුතුයි. හෙට මා මේ ධනය සියල්ල දන් දෙනවා." පවසා සියලු දනය දන්දී සුමේද සිටුතුමා සුමේද තාපස ලෙස තපස් රැකීමට ගියේය. ඔහු ධ්‍යාන ලාභී තාපසයෙක් විය.

    ඉතිරිය ඊළඟ reply එකෙන් :yes::yes:. වැරදි තියෙනවනම් පෙන්නලා යන්න ;). අදහස් එහෙමත් දාන්න. කියෙව්වට ස්තූතියි. දිගටම කියවන්න. :yes::yes::D:D:D
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බොහොම හොදයි.. නමුත් ත්‍රිපිටකයෙ මෙහෙම දැකලා අර ආට් කාරයන්ගෙ බොරු කියනව එහෙම නෙවෙයි.. හා.. ද

    1.3.6 අරියපරියෙසන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

    17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
     
    Thanx. මම මතකෙන් ලියන්නේ. ත්‍රිපිටකේ බලාගෙන නෙමෙයි. :yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Thanx. මම මතකෙන් ලියන්නේ. ත්‍රිපිටකේ බලාගෙන නෙමෙයි. :yes::yes:

    පෙර තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලය පිලිබද මතකෙන්ද? මුලාෂ්‍ර නැතිව දැම්මොත් සමහරු බනීවි
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පෙර තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලය පිලිබද මතකෙන්ද? මුලාෂ්‍ර නැතිව දැම්මොත් සමහරු බනීවි

    නැහැ, රෑට රේඩියෝ එකේ බණ යනකොට ඇහෙන කතා. ඔය කතාව මම රේඩියෝ එකෙන් විතරක් පස් පාරක් විතර අහල තියෙනවා.