ගෝලීය වශයෙන් ප්‍රදීපාගාර දැන් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන බවට පත්වෙමින් තිබේ. ඒවා බොහෝ දුරට වෙරළ තීරයේ දර්ශනීය ස්ථානවල රමණීය දසුන් සපයයි. ඊට අමතරව, බොහෝ ප්‍රදීපාගාර වලට සංචාරකයන් ආකර්ෂණය වන්නේ ඒවායේ ඓතිහාසික වටිනාකම හා බිම් සලකුණු (Land marks) ලෙස දක්වා ඇති නිසාය. එබැවින් බොහෝ රටවල් ප්‍රදීපාගාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මුල පිරීම් සිදු කර ඇති අතර සංචාරකයින් සඳහා පහසුකම් වැඩි දියුණු කරමින් සිටී.
දැනට මෙම සංකල්පය පිළිබඳව ශක්‍යතාවන් සොයාබලා එය ක්‍රියාත්මක කිරීමට වැඩි නැබුරුතාවක් දක්වන රටක් ලෙස අසල්වාසි ඉන්දියාව නම් කල හැක.
ඒ හා සමගාමිව , D.G.L.S & Moss ආයතනය ඉන්දියාව පුරා ප්‍රදීපාගාරවල සංචාරක සංවර්ධනය සඳහා ව්‍යාපෘතියක් කිරීමට යෝජනා කරන අතර එමඟින් විකල්ප භාවිතයන් සඳහා දැනට පවතින ප්‍රදීපාගාර පහසුකම් පුනර්ජීවනය කරනු ඇත.පහත දැක්වෙන සංවර්ධන පරමාර්ථ ඇතිව ප්‍රදීපාගාර පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
මේ සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව පුරා ප්‍රදීපාගාර ස්ථාන 13 ක් හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවේද දූපත් පිහිටීම නිසා ප්‍රදීපාගාර ජාලයක් රට වටා ව්‍යප්ත වී තිබේ.අවම වශයෙන් ප්‍රදීපාගාරයේ ඉහලටම් ගොස් දර්ශනය හෝ විද ගැනීමට සංචාරකයන්ට අවස්ථාවක් ලබාදිය හැක. මනමුත් මෙම ක්‍රියාකාරකම් සදහා විදිමත් පද්ධතියක අවශ්‍යතාවක් පවතී. ( මා දන්නා පරිදි ලංකාවේ ප්‍රදීපාගාර තුලට පිටස්තරයන්ට ඇතුලු වීමට අවසර නොමැත. එසේ වුවත් කලකට පෙර මා දෙවුන්දර ප්‍රදීපාගාරයේ ඉහලටම ගොස් අවට දර්ශ්නයේ සිරි විදගත්තෙමි. ජීවිත කාලය පුරාවටම එම දසුන් මා හට අමතක නොවේ. )
ප්‍රදීපාගාර සංචාරක නිෂ්පාදනයක් බවට පත්කිරීමේ වාසි වන්නේ එයින් ලොව පුරා සහ දේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හැකිවීමත් එමඟින් රජයට ආදායම් මාර්ගයක් නිර්මාණය වීමත්, දේශීය ජනතාවට රැකියා අවස්ථා, භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම තුළින් වාණිජ්‍යය වැඩි කිරීමටත් උපකාරී වීමයි. මීට අමතරව සේවා, නවාතැන් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම (හෝටල්, හෝටල්, ආදිය), දේශීය ප්‍රවාහන ඉල්ලුම (බස්, ස්කූටර් ආදිය) හා ආහාර පාන සඳහා ඇති ඉල්ලුම (අවන්හල්, කැෆේ) වැඩි වීමද දැක්විය හැක.
ගයාංග රත්නායක
2019/07/15
(උපුටා ගැනීම් සිදුකරයි නම් කරුණාකර කතෘ හිමිකම සුරකින්න)
ලිපිය සම්බන්දයෙන් ඔබේ අදහස් අප වෙත පළකරන්න. The comments section is always open for you
ආගන්තුක සත්කාර , සංචාරක ව්‍යාපාරයේ නොදුටු පැතිකඩයන් දකින්න එන්න අපිත් සමග එකතු වෙන්න.
දැනුමෙන් පිරි කර්මාන්තයක් ගොඩනගමු
#Sri_Lankan_HTE_Genius_Club#
#Like_Share_Join#
