Linkedin Login Issue for Mobitel Numbers

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,246
    2,517
    113
    United States
    Mobitel number එකට OTP ගන්නකොට unexpected error එනවනං browser එකෙන් try කරලා බලන්න, app එකේ තමා ගොඩක් වෙලාවට ඒක වෙන්නෙ, එතකොටත් හරියන්නෙ නැත්තං ටිකක් ඉඳලා ආයෙ request කරන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,122
    10,284
    113
    Anyhacker කියපු එක හරි, ඒත් තව ටිකක් දාන්නම්:

    1. OTP ගොඩක් පාරක් request කරලා නම් LinkedIn rate limit කරනවා, ඒකත් "unexpected error" විදියට එන්න පුළුවන්. පැය කීපයක් ඉඳලා එක පාරක් විතරක් try කරහන්.
    2. VPN, ad blocker වගේ දේවල් off කරලා incognito එකකින් හරි වෙන browser එකකින් හරි බලහන්.
    3. Phone number එක වෙනුවට email එකෙන් login වෙලා බලහන්. Password අමතක නම් "Forgot password" දාලා email එකට reset link එක ගන්න පුළුවන්.
    4. 2FA එකට SMS දාලා තියෙන්නේ නම්, ඒක on කරද්දි දුන්න backup codes ටික තියෙනවා නම් ඒකෙන් ඇතුල් වෙන්න පුළුවන්.
    5. කිසිම එකක් වැඩ නැත්නම් linkedin.com/help එකේ "can't sign in" form එකෙන් request කරහන්, ID verify කරන්න කියයි.
    ඇතුල් වුනාට පස්සේ 2FA එක SMS වෙනුවට authenticator app එකකට (Google Authenticator වගේ) මාරු කරහන්. එතකොට ආයේ Mobitel SMS එනකම් බලන් ඉන්න ඕන නෑ 👍