A level kerenewanan itin 16n iwera keranna ba kohewathInternational schools
International schools wala ikmanta education aeka ewara karala age 16 wage wenakota, 21 wenakota MBA/MSC th karala ewara karanna puluwun.
Kadda hodata hadena nisa kohe hari ratakata penaganna puluwun. school aekenma conection set wenwa wena ratakata paninna.
Local school
Local school wala full fun aeke full relax aeke igena ganna puluwun government aeken okkoma nikun dena nisa.
Thanks for ths info....!! Oyage kid yanne mona school ekata da machan?මගේ ළමයා දැන් අවුරුදු 8ක් තිස්සේ යන්නේ international school. පොඩි කාලේ ඉඳලම භාෂා 4ක් ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි, දෙමළ, සිංහල, ප්‍රංශ. දැන් භාෂා ගැන හොද දෑනුමක් තියෙනවා. 7 වසරේ ඉදන්ම science subject 3 කට වෙන් කර ලා තියෙන්නෙ. වැඩ ලෙසි නැහැ. Term fee and books වලට වැඩි වියදමක් යන්නේ. Decepline අතින් නම් තරමක් පහත් මට දැනෙන විදිහට රජයේ පාසැල් එක්ක සංසන්දනය කරනව නම්. ගුරුවරුන් standard and reliable මදි. ළමය ගැන නිතරම හොයන්න බලන්න කාලය තියනව නම්, ළමයව රජයේ පාසැල් දාන්න කාගෙවත් පස්සේ යන්න බැරි නම් මුදල් ගැටළු වක් නැත්නම් හොද international school එකක් අවුලක් වෙන්නෙ නෑ.
කොයි පාසලටත් හොඳ හා නරක ළමයි දෙවර්ගයම ඇතුළු වෙනවා.
Inter නැසනල් teledrama එක බලන්න.. ආතල් ලෝකයක් ඔය international schools වල වෙන දේවල් ගැන කතාවෙන නාට්‍යයක්.. හැබැයි ඇත්තටම international schools වල මෙහෙමම වෙන්නෙත් නැතිව ඇති. මේකේ කියන්නේ මිනිස්සුන්ගේ බොරු ආටෝප සහ ජීවිත ගැන.. පට්ට කතාව
ya yaඒ වුනාට හැමෝම ඉන්ටර්නැෂනල් දාන්නෙ පොෂ් ඵක පෙන්නන්න නෙමෙයි..ළගම ඉස්කෝලෙත් ළමයව ගන්න හැම දේම බලන නිසා..

Mokadda school eka machn ?හොඳ Thread එකක්. මමයි වයිෆුයි දෙන්නම කොළඹ ප්‍රධාන පෙලේ රජයේ පාසල් වලින් ඉගෙන ගෙන ඊට පස්සෙ රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගනිපු අය. යාවත්කාලීන නොවුනු ගතානුගතික විශයනිර්දේශ පාඩම් කරල අන්තිමට රජයේ අධ්‍යාපනික ආයතනවලින් පිටවෙන්නෙ ලිංමැඩියො වගේ පිරිසක්. ඔව්.. අපිත් ඇතුලුව. (නොමිලේ අධ්‍යාපනය, නිදහස.. වගේ හොඳ දේවලුත් නැතුව නෙවෙයි).
මම අපේ දරුවන්ව මුලින්ම දැම්මෙ local syllabus උගන්වන පාසලකට. එකතැන පල්වෙන විශයනිර්දේශයක් තියෙන්නෙ. පරිසරයට සූර්ය නමස්කාරයයි, බුද්ධාගමට හොඳ පුරුදුයි, අවුරුදු කාලෙට අවුරුදු සිරිත්විරිතුයි... ඕව තමයි හැම අවුරුද්දෙම උගන්වන්නෙ.. syllabus යාවත්කාලීන වෙන වේගය ඉතාමත් අඩුයි. අනික රජයේ පාසලක ගුරුවරයෙක් සාමාන්‍ය රජයේ සේවකයෙක්ගෙන් වෙනස් වෙන්නෙ බොහොම කලාතුරකින්. අලසකම, මන්දෝත්සාහය වගේ ගති බොහෝ රජයේ ගුරුවරු ගාව තියෙනවා. (එහෙම නැති අයත් ඉන්නවා)
ඊට පස්සෙ මම ලොකු දරුවව දැම්ම cambridge syllabus (london AL/OL) තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පාසලකට (international නෙවෙයි). මට දැන් හිතෙනවා මම ජීවිතේ ගනිපු නිවැරදිම තීරණ වලින් එකක් ඒක කියල. දරුව මටත් වඩා හොඳින් ඉංග්‍රීසි හසුරවනවා. භාෂා විදියට, සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ, චීන ඉගෙන ගන්නවා. විද්‍යා විශයන් (භෞතික, රසායන, ජීව) ඉගෙන ගන්නවා. advance mathematical concepts ඉගෙන ගන්නවා. ආසාවෙන් පාසැල් ගියා (කොරෝන වලට කලින්) සහ වැදගත්ම දේ තමයි, නීතිඥ, වෛද්‍ය වගේ සමාජයේ උගත් වැදගත් දෙමාපියන්ගෙ දරුවන් ආශ්‍රය කරනවා. international නොවන නිසා dicipline ගැන ගැටලුවක් ඇත්තෙන් නෑ. මගේ අනිත් දරුවො දෙන්නත් මම කවද හරි දාන්නෙ cambridge syllabus උගන්වන පාසලකට තමයි (international හෝ international නොවන).