Lokaye Bayanakama satthu

prabuhetti

Member
Sep 15, 2013
127
40
0
Maha Muhuda
ලෝකයේ භයානකම සත්තු 25ට ලංකාවෙන් දුසිමක්

ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන තුනට පිළිවෙලින් මදුරුවා, අලියා හා කිඹුලා පත්ව සිටින අතර 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්විපයෙන් මෑතක දී වාර්තා වූ රතු ගෝණුස්සා නම් සත්ත්ව විශේෂයයි.
1. මදුරුවා
16979065270371904918.jpg


කුඩා වුවත් ගම්මිරිස් ඇටය සැර බව නැවතත් පසක් කරමින් මදුරුවා ලොව භයානක ම සතුන් අතර මුල් තැනට පැමිණ ඇත. මදුරුවන්ගේ දෂ්ඨ කිරීමෙන් සෑදෙන ඩෙංගු, මැලේරියාව ඇතුළු රෝග වලින් වසරකට ලොව පුරා කෝටි 700ට වැඩි පිරිසක් රෝහල්ගත වෙති. වාර්ෂිකව මදුරු දෂ්ඨනනේ මියයන සංඛ්‍යාව ලක්ෂ 30ට අධිකය. ශ්‍රී ලංකාවේ ද මදුරු විශේෂ රැසක් දක්නට ලැබෙන අතර වාර්ෂිකව විශාල පිරිසක් මියයාමට මදුරු දෂ්ඨනය හේතුවේ.

2. අලියා
63968048136560351523.jpg


ආසියාවේ හා අප්‍රිකාවේ සිටින අලි ගොඩබිම සිටින විශාලතම සත්වයාය. තම වාසස්ථානය වූ වනාන්තරයේ දී මිනිසුන්ට පහරදීම අවම වුවත් වරින් වර ගම් වැදී වගාවලට හානි සිදුකරමින් මිනිසුන් ද පහර දීමට පෙළඹේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ මිනිසුන් මෙනම් අලින් ද ජීවිතයෙන් වන්දි ගෙවයි. ශ්‍රී ලංකාව ද අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින රටකි

3. කිඹුලා
16582445864274953275.jpg


ලොව කිඹුල් විශේෂ 23කි. ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා සහ අප්‍රිකාවේ නයිල් කිඹුලා ලොව දරුණුත ම කිඹුල් විශේෂ ලෙස හ
දුන්වයි. ආහාරදාම වල මුල් ස්ථානවල සිටින කිඹුලන් දිය බීමට එන මුව පැටියාගේ සිට මෝරුන් දක්වා සිටයළුම ජීවීන් ආහාරයට ගනී. දිය කඩිතිවල දිය යටින් සැගවී පහර දීමට සමත් සත්ත්ව විශේෂයක් වන කිඹුලා ආහාරදාමය ඉක්මණින් අවසන්කැර දමයි.

4. හිපපොටේමස්
25772815190204593270.jpg


ශාක භක්ෂකයෙකි. ගොඩබිම දී කුලෑටි ගත් පෙන්වුව ද ජලයේදී මොවුන් පරාජය කිරීමට කිසිවෙකුත් නැත. රංචු වශයෙන් ජීවත් වන මොවුන් ඕනෑම සතකු සිය සතුරකු ලෙස සළකා දියේ දී මැරෙන තුරු පහරදෙයි.

5. නිල් මුදු බූවල්ලා
92532080032165900477.jpg


ගොල්ෆ් ගෝලයක් තරම් කුඩා දර්ශනීය සත්ත්වයෙකි. නිල් පැහැති වළලු පිහිටා ඇති නිසාම මේ නම ලැබී ඇත. බූවල්ලාගේ විෂ මිනිසුන් විසිහය දෙනෙකුට එකවිට දිවි අහිමි කිරීමට සමත් කම් දක්වයි. මොවුන්ගේ ප්‍රහාරයකට ලක්වුවහොත් මරණය ඒකාන්තය. නිල් මුදු බූවල්ලාගේ විෂ නැසීමට මෙතෙක් ඔසු සොයාගෙන නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ජීවත්වේ.

6. බ්‍රසීලයේ සවාරි මකුළුව
00063748101858228598.jpg


ලොව සිටින විෂ අධිකම මකුළුවා යනුවෙන් ගිනස් වාර්තා පොතේ නම් සදහන් වී ඇත. දිවා කාලයේ නිවාස තුළ ‍හා මෝටර් රථ වැනි ස්ථානවල සැගවී සිටියි.

7. පොළගා
29352314470921201500.jpg


ලෝකයේ බොහෝ රටවල ජීවත්වන පොළගුන් අතරින් තිත් පොළගා සහ වැළි පොළගා අති භායානක සතුන් වේ. මේ විශේෂ දෙකම ශ්‍රී ලංකාවේ දක්නට ඇත.

8. කොටියා
42296253358027352833.jpg


බොහෝ සතුන් තමන්ට හානියක් වූ විට සැ‍ගවෙන නමුත් කොටියා තමන්ට හානියක් වූ විට එළව එළවා පහරදීම විශේෂත්වයකි. තුවාලයේ වේදනාව වැඩිවන තරමට කොටියාගේ ප්‍රති ප්‍රහාරය ද බලවත්ය. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.

9. සේ සේ මැස්සා
34062462569851636568.jpg


සාමාන්‍ය මැස්සාට වඩා ප්‍රමාණයෙන් විශාල මේ මැස්සා ලේ උරා බී වර්ධනය වන සත්ත්ව විශේෂයකි. අප්‍රිකා මහද්වීපය නිජබිම් කැරගෙන ඇති මේ මැස්සන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ලක්ෂ පහකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. මිනිසුන් නිදා සිටිනවිට දෂ්ඨ කරයි.

10. කොමොඩෝ මකරා
14201446541296963845.jpg


කබරගොයාගේ පෙනුම ඇතත් ප්‍රමාණයෙන් විශාලය. කුරුල්ලන් වැනි කුඩා සතුන්ගේ සිට, මිනිසා, කුළු මිමා දක්වා සියළු සතුන් ආහාරයට ගනී. මේ සතුන් කරන්නේ පළමුව පහර දී තුවාලයක් සිදුකැර ඉන් රුධිරය යාමට සැළැස්වීමයි. රුධිරය වහනය වී ගොදුර අඩපණ වනතුරු ඒ පසු පස ලුහු බැද ගොස් ආහාරයට ගනී.

11. හයිනා
10448614675767762837.jpg



හිරු බැස යාමෙන් පසු ආහාර සොයා යන හයිනා මිනිසුන්ට පහර දීමට පෙළඹෙන්නේ නැත. රංචු ව‍ශයෙන් ගැවසෙන මොහොතක පහර දෙති. සාමාන්‍යයෙන් කලින් දඩයම් කැර අතහැර තිබූ අතුනු බහන් ගිල දමන මොවුන් දඩයම් කිරීම ද කරති.

12. පෆර් මාළුවා
98057451408667272053.jpg


විෂ සහිත මාළුවෙකි. ජපානය අවට මුහුදේ බහුල වාසය කරයි. මොවුන්ගේ විෂ ස්වසන පද්ධතියට බලපාන ක්‍රම ක්‍රමයෙන් විෂ පැතිරී අංශභාග තත්වයට පත් වී මිය යාම සිදුවේ.

13. බූම්ස්ලෑන්ග්
04832243927026262912.jpg


මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයකුට දෂ්ඨ කරන මේ සර්පයාගේ දළ වැදුණු ස්ථානයෙන් රුධිරය දිගටම වහනය වීම සිදුවේ.

14. සිංහයා
83307075457489609911.jpg


මොවුන් මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකිනි. මිනිසුන්ට පහර දුන්න ද මිනීමස් ආහාරයට නොගනී. කිපුණු විටෙක මිනිසුන්ට දිගින් දිගටම පහර දීමට පෙළඹේ. 1898 දී කෙන්යාවේ දුම්රිය මාර්ගය ක‍ සේවය කරමින් සිටි කම්කරුවන් 28 දෙනකු මාස නමයක කාලයකදී එක් සිංහයකුගේ පහරදීමෙන් මරුමුවට පත්වීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සිද්ධියකි.

15. පෙට්ටි හැඩැති ලොඩියා (ජෙලි ‍ෆිෂ්)
25862330172066233371.jpg


ලෝකයේ වි‍ෂ අධිකම ජීවී විශේෂයයි. මිනිස්සු දහස් ගණනක් මේ සතුන් හේතුවෙන් මියයති. ස්පර්ශ වූ වහාම විෂ ශරීරගත වී විනාඩි කිහිපයකින් මරණය සිදුවේ. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ජීවත් වේ.

16. වලහා
86164492039816615110.jpg

ස්වභාවික දඩයම් කරුවෙකි. ශ්‍රී ලංකා‍වේ ද ජීවත්වන සත්තව විශේෂයකි. මිනිසුන්ට නිතර ප්‍රහාර එල්ල නොකළ ද මාරාන්තික ප්‍රහාර එල්ලකරන සතෙකි.

17. විස විදින ගෙම්බා
02423431616529948022.jpg


අගල් දෙකක් පමණ විශාලත්වයකින් යුතු මේ ගෙමි විශේෂය ලොව උග්‍ර විෂ සහිත සත්ත්වයෙකි. විෂ මිලි ග්‍රෑම් දෙකකින් මීයන් විසිදහසක පමණ ප්‍රමිණයකින් මීයන් විසි දහසක් පමණ මරා දැමීමට හැකියාව ඇත. මේ විෂ ශරීයේ ගෑවුණු විගස හෘදය අක්‍රිය වී මියයයි.

18. කුළු මීමා
90176306677216207598.jpg


ශ්‍රී ලංකාවේ ද දැකිය හැකි සත්ත්වයෙකි. ඉතා සුළු ශබ්දයකින් වුව ද කිපී පහරදෙයි. මොවුන්ගේ පහර හේතුවෙන් දරුණු තුවාල සිදුවේ.

19. කළු මම්බා
63382475669746120044.jpg


මරණයේ මූර්තිය ලෙස හැඳින් වෙන කළු මම්බා කෝපයකින් තොරව වුව ද වේගවත්ව ඕනෑම මොහොතක පහර දෙන සර්ප වි‍ශේෂයකි. අප්‍රිකව තුළ දී මිත්‍යා විශ්වාස වලට පවා සම්බන්ධ මොවුන් භයංකාර ජීවි විශේෂයක් ලෙස ද සළකයි.

20. මාරක සුදු මෝරා
57272388946544693222.jpg


කෑමට ගන්නා හෝ නොගන්නා ඕනෑම දෙයකට පහරදෙන මාළුවෙකි. ජලයේ පාවෙන බෝයාවන්,‍ බෝට්ටු, පිහිනුම් ලෑලි, පිහිනන මිනිසුන් ඇතුළු සියළු දේට පහර දෙයි. මිනිසුන්ට පහර දුන්න ද කා දමන්නේ නැත. ලේ පිටවී මියයාම සිදුවේ. විශ්වාසය තිබුණේ මිනිසුන්ගේ ලේ සුව
දට මොවුන් පැමිණෙන බවයි.

21. ගොන්මහ
18603204179505161283.jpg


මුහුදු පතුලේ ඇති කොරල් පර අතර වැතිර සිටින මොවුන් ගල් පරයක් ස්වභාවය ගෙන සිටියි. සතුරකුට පහසුවෙන් හදුනාගත නොහැක. තමන් අසළින් පිහිනා යන කුඩා මාළුවන් විදුලි වේගයෙන් (තත්පරයකින් 0.015ක පමණ වේගයකින්) ඩැහැගෙන ගිල දමයි. මොවුන්ගේ සිරුර උග්‍ර විෂ සහිතය. ගල්පර අතර ඇවිද යාමේ දී පෑගුණහොත් මරණය සිදුවේ. ප්‍රහාරය ද මාරාන්තිකය. ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකි මත්ස්‍යයෙකි.

22. කේතුකාර මුහුදු බෙල්ලා
09841045281999681004.jpg


මෙම බෙල්ලන් විශේෂය පිට කරන විෂ බින්දුවකින් මිනිස් ජීවිත විස්සක් පමණ අහිමි කිරීමට හැකියාව ඇත. මෙම විෂ නැසීම සඳහා දැනට දැනට කිසිදු ඖෂධයක් නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය ඇතුළු සියළුම සාගර කලාපයන්හි බහුලව පැතිරී සිටින ජීවියෙකි.

23. රයිනෝසිරස්
75696105524261053169.jpg


මොවුන්ගේ ප්‍රහාර බහුලව වාර්තා වන්නේ නැත. දරුණු ප්‍රහාර එල්ලකරයි. ඉක්මනින් කිපෙන සුළු මේ සතුන් තියුණු දෘෂ්ඨියක් සහිතය.

24. අප්‍රිකානු පැණි මී මැස්සා
74559192662643897481.jpg


1957 බ්‍රසීල ජාතික මී මැසි ගොවිපලක හිමිකරුවකු විසින් යුරෝපානු හා අප්‍රිකානු මී මැස්සන් සම්මිශ්‍රණය කැර නව විශේෂයක් නිපදවා වඩාත් ගුණවත් මීපැණි ලබා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහුගේ පරීක්ෂණය අසාර්ථක විය. මේ උත්සාහයෙන් නිර්මාණය වූයේ මාරාන්තික විෂ සහිත මී මැස්සෙකි. සාමාන්‍ය මී මැස්සා මෙන් කිහිප ගුනයකින් විෂ සහිතය. සාමාන්‍ය මී මැසි දෂ්ඨනයක දී මෙන් සම මත බිබිළි හටගනී. වැඩි ප්‍රමාණයක් විෂ ශරීරගත වීම මාරාන්තිකය.

25. මාරාන්තික රතු ගෝනුස්සා
09054568415150935411.jpg


ලොව ගෝනුස්සන් අතර වැඩිම විෂ සහිත ගෝනුසු විශේෂයයි. ඉන්දියාවේ සිට මෑතක දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇතැයි පිළිගැනේ. මිනිසුන් විශාල පිරිසක් වාර්ෂිකව මේ ගෝනුස්සන්ගේ විෂ හේතුවෙන් මරණයට පත්වේ.
 
Last edited:

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    හයින කියන එකට උබ දාල තියෙන්නේ පොලගේක්ව ..එක හදපන් :) වටිනා කරුණු ටිකක් මචන් එළකිරි :cool:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    kenyawe minissu 28 marapu case eka film ekakatath gahala thibba. mee thiyene film eka

    The Ghost and the Darkness (1996)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    comodo dragon karanne mcn uba kiyapu dema nevei.
    un kawata passe unge kate tiyena visha beeja saha unge venom eka nisa tuwala una sata adapana wela marenawa tika dawasakin hari paya kihipayakin hari. etakota tamai kanne. lee gihilla nevei marenne.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    වටින තොරතුරු ටිකක්. හැබැයි පොඩි දෙයක් කියන්නම්,
    නොම්බර 8 පින්තූරෙ ඉන්නෙ කොටියෙක් නෙමෙයි දිවියෙක්. අනික ලංකාවෙ කොටියො නැහැ මචන්....