LONDON BABY -එංගලන්තයේ උපන් මුල්ම ශ්‍රී ලාංකිකයා ගා&
LAKBIMA
එංගලන්තයේ උපන් මුල්ම ශ්‍රී ලාංකිකයා ගාල්ලේ ලන්ඩන් බේබි
එංගලන්තයේ උපන් පළමු සිංහලයා කවුදැයි කියා ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඔබට ඒ සඳහා හරිහැටි පිළිතුරක් දීමට නොහැකි වන්නට පුළුවන. එහෙත් ගාල්ලේ ඉතිහාසය හාරා ඇවිස්සීමේ දී මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීමට එතරම් අපහසු නැත. ඒ අනුව එංගලන්තයේ උපත ලද ප්‍රථම සිංහලයා හැටියට වාර්තා වන්නේ ගාල්ලට නෑකම් කියන ලන්ඩන් හාමි හෙවත් “ලන්ඩන් බේබිය.”
ලන්ඩන් බේබිගේ උපත හා රේන්ද කර්මාන්තය අතර ඇත්තේ අපූරු සබඳතාවකි. ඒ සබඳතාවේ ඉතිහාස කතාව මෙසේය.
මාගාල්ලේ කරලැයින් හාමි දක්ෂ රේන්ද ගොතන්නියකි. ඇය රේන්ද ගෙතීමට දස්කම් විස්කම් පෑ තැනැත්තියකි. මේ දස්කම් හේතුවෙන් ඇයට Karolin-Hamiඑංගලන්තයට යාමට වාසනාව උදාවිය. ඒ 1896 අවුරුද්දේය. එකල තරුණ අවධියේ පසුවූ කරලැයින් හාමි එංගලන්තයට යන විටත් ගැබ් ගෙන සිටියාය. මේ අතර ඇයට එංගලන්තයේ ලන්ඩනයේ අර්ල් කෝට් ප්‍රදේශයේ පැවැති බිරළු ප්‍රදර්ශනයකට සහභාගි විමට අවස්ථාව උදා විය. කරලැයින් හාමි ප්‍රදර්ශනයේ දී දක්ෂ රේන්ද ගොතන්නියක් බැව් ලොවට ඔප්පු කර පෙන්වූවාය. ඇය ප්‍රදර්ශනයට එක් වෙමින් සිටින අතරතුරේ ඇයට විලිරුදාව දැනෙන්නට වූවාය. කරලැයින් හාමි ප්‍රදර්ශනාගාරය තුළදීම දියණියක් ප්‍රසූති කළාය. ඒ 1896 සැප්තැම්බර් මස 17 වැනිදාය. කරලැයින් හාමිට ප්‍රදර්ශනාගාරය තුළදී දරුවකු ලැබුණු ආරංචිය පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. සුද්දෝ ප්‍රදර්ශන භූමියට ඇදී ආවේ මේ අරුම පුදුම සිද්ධිය දැක බලා ගන්නටය.
මේ නිසා ප්‍රදර්ශන භූමිය තුළ තරමක ආන්දෝලනයක් ද ඇති විය. මේ දරු උපත පිළිබඳ එකල එංගලන්තයේ පුවත්පත් මහ ඉහළින් වාර්තාකොට තිබුණේ මේ සිද්ධිය තම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත් කරගනිමිනි.
එංගලන්තයේ උපන් පළමු සිංහල දරුවා මෙම දරුවා බවට ද එදා එංගලන්තයේ පුවත්පත් රැසක වාර්තා කොට තිබුණි. සැබවින්ම මෙම දරු උපත එංගලන්ත ජාතිකයෝ මෙන්ම ශ්‍රී ලාංකිකයෝද විශේෂ සිද්ධියක් හැටියට සැලකූහ. මේ නිසා මෙම දරුවාට නම් තැබිමේ උළෙලක් ද එංගලන්තයේ එම්පයර් නාට්‍ය ශාලාවේ දී සූදානම් කෙරිණි. මේකී උත්සවය රාජ්‍ය උත්සවයක සිරි ගත්තේය.
එම්පයර් නාට්‍ය ශාලාව ඉතා අලංකාර ලෙස සරසනු ලැබිය. එපමණක් නොව මෙම නම් තැබිමේ උළෙල යුරෝපීය ජාතීන් විසින් පුවත්පත්වල ගැසට් කරනු ලැබිණි. නම් තැබිමේ උත්සවය ඉතා ගාම්භීර උත්සවයක සිරිගත්තේය. එම්පයර් ශාලාවේ තැබූ මේස දෙකක් මත බුදු පිළිමයක් තැන්පත් කරනු ලැබිය. බුදු පිළිමයට ඉදිරියෙන් මල්වලින් සැරසූ මල්පෝච්චි දෙකක් ද තබනු ලැබිය. කරලැයින් හාමි සහ බිලිඳිය එම්පයර් නාට්‍ය ශාලාව වෙත කැඳවාගෙන ආවේ මහ පෙරහරකිනි. කරලැයින් හාමි පෙරහරේ ගමන් කළේ දෝලාවකිනි. මිනිස්සු හතර දෙනෙකු විසින් දෝලාව ඔසවාගෙන එනු ලැබිය. ඇය සිල්ක් රෙදිවලින් යුත් රන් පැහැති ඇඳුමකින් සැරසී සිටියාය. කරලැයින් හාමිගේ කිරිකැටි බිලිඳිය රෙදි කඩකින් ඔතාගෙන රැගෙන ගියේ ඇගේ සැමියාගේ සහෝදරයෙකු විසින්ය.
මෙම නම් තැබිමේ උත්සවය සඳහා භික්ෂුන් වහන්සේලා දෙනමක්ද නම් තැබිමේ උත්සවයට වැඩම කොට සිටියහ. භික්ෂුන් වහන්සේලා දෙනම සංස්කෘතික භාෂාවෙන් උත්සව සභාව අමතා බිලිඳියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සුබ පැතූහ.
මෙම බිලිඳියට නම් තැබුවේ ලන්ඩන් හාමි යනුවෙනි. නම් තැබිමේ උත්සවයෙන් පසු කරලැයින් හාමිට දරු පැටියා සමග ගොස් එකල එංගලන්තයේ මහ රැජින වූ වික්ටෝරියා රැජින හමු වීමට ද අවස්ථාව උදාවිණි. මෙහිදී මහ රැජින විසින් දරුවා හා මවට සුබ පතා තිබේ.
නම් තැබිමේ උත්සවයෙන් පසු කරලැයින් හාමි මාස පහක් පමණ කාලයක් ලන්ඩන් නුවර ගතකොට දරුවා සමග යළි මව්බිමට පැමිණියහ. ඇය දරුවා සමග මාගාල්ලට පැමිණීමෙන් පසු මාගාල්ලේ ජනතාව මෙම බිලිඳියට නම් පටබැන්දේ ලන්ඩන් බේබි යනුවෙනි.
පැටි වයස පසුකර යෞවනියක් බවට පත් වූ ලන්ඩන් බේබි තම මව මෙන් දක්ෂ රේන්ද ගොතන්නියක් බවට පත්වූවාය. ඇය 1925 වසරේදී ජර්මනියේ බර්ලින් නුවර පැවති බිරළු රේන්ද ප්‍රදර්ශනයකට සහභාගි වූවාය. ඇය මෙම ප්‍රදර්ශනය සඳහා කැඳවාගෙන යනු ලැබුවේ ඇගේ මව එංගලන්තයට කැඳවාගෙන ගිය ජෙන්හෙජන් බර්ග් නමැති එංගලන්ත ජාතික ව්‍යාපාරිකයා විසිනි. එම සංචාරයේ දී ලන්ඩන් බේබි එංගලන්තයේ ලන්ඩන් නුවර හා ප්‍රංශයේ පැරිස් නුවර සංචාරය කොට යළිත් මව්බිමට පැමිණියාය.
ලන්ඩන් බේබිගේ තොරතුරු සොයා ඉකුත් දිනක අපි මාගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමු. දැනට ඇගේ පරම්පරාවේ ඇත්තන් ගෙන් ජීවතුන් අතර සිටින්නේ ලන්ඩන් බේබිගේ මුණුපුරු මිණිපිරියන්ය. ලන්ඩන් බේබිගේ ලේලියක් වන මොනිකා ද සිල්වා (82) අපට හමු වූයේ මාගාල්ලේදීය. ඇය අප සමග මෙසේ කීවාය.
“ලන්ඩන් බේබිගේ දෙවැනි විවාහයේ පුතෙක් තමයි මම බැඳලා හිටියේ. ඇයට පළමු විවාහයේ පුතුන් තිදෙනෙක් හා දෙවැනි විවාහයේ පුතුන් දෙදෙනෙක් හිටියා. පළමු විවාහයේ පුතුන් තිදෙනා තමයි විල්සන් සුමනපාල හා පවුලිස්. දෙවැනි විවාහයේ පුතුන් දෙදෙනා තමයි නිමලතුංග හා ආරියතුංග. මේ පුතුන් දෙදෙනාම රජයේ කොන්ත්‍රාත්කරුවන්. ලන්ඩන් බේබි මගේ නැන්දම්මා. ඇයත් පදිංචි වෙලා හිටියේ අපිත් සමගයි. නිතරම රේන්ද ගොතන එක තමයි නැන්දම්මාගේ වැඩේ. උදේ ඉඳලා හැන්දෑවෙනකම් රේන්ද ගොතනවා. කෑමට විතරයි රේන්ද ගෙතීම නතර කරන්නේ. තමන් එංගලන්තයේ ඉපදුණු බව නැන්දම්මා කියන්නේ මහ උජාරුවෙන්.
ඇය නැවෙන් තමයි එංගලන්තයට ගිහින් තියෙන්නේ. එක් වතාවක් එංගලන්තයට නැවෙන් යන විට විශාල මාළු රංචුවක් දැකපු කතාවක් ද කියනවා. ගාලු වරායෙන් තමයි නැව් නැගලා තියෙන්නේ. ඒ කාලේ හැම අවුරුද්දකම ශ්‍රී පාදයේ ගිහින් තියෙනවා. මාගාල්ලේ සුදර්මාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක්. මිය යන අවස්ථාවේ ඇය පුතාට කියා තියෙනවා නිවන් දැක බුදුන් දැකපන් මගේ පුතේ කියලා.”
රජයේ කොන්ත්‍රාත්කරුවෙකු වන සාලිය ද සිල්වා ලන්ඩන් බේබිගේ මුණුපුරෙකි. ඇය සිය මිත්තණිය ගැන මතකය අවදි කළේ මෙසේය. “ආච්චි ගැන මට ටිකක් මතකයි . ආච්චි රේන්ද ගොතනවා මට යාම්තම් මතකයි. ආච්චි එංගලන්තයේ සිට බඩු භාණ්ඩ රැගෙන විත් තිබූ පෙට්ටි මෑතක් වන තුරුම තිබුණා. ආච්චිට ගමේ අය කීවේ ලන්ඩන් බේබි කියලා” සාලිය අප සමග කීවේය.
ලන්ඩන් බේබිගේ නියම නම පී. කේ. බේබි නෝනාය. ලන්ඩන් බේබි එකල රේන්ද ගොතා ඇත්තේ කබා කුරුත්තුව හා රෙද්ද ඇඳලාය. ඇයගෙන් රේන්ද විවීම ඉගෙන ගැනීමට එකල මාගාල්ලේ කතුන් ඇය සොයාගෙන පැමිණ ඇති බැව් මාගාල්ලේ පැරැන්නෝ පවසති. 1965 වසරේදී ඇය මිය ගියාය

Last edited: