Lord of the Reload වංචාව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ සිද්දිය මගේ යාලුවෙකුට වෙච්ච දෙයක්. කතාව පොරගෙ වචනෙන්ම දාල තියනව.
    _________________________________________________________________
    ජූලි 2දා දවල් 12ට විතර මට නොදන්නා Dialog අංකයකින් (0779352841) call එකක් ආව.

    "මහත්මයා මම කතා කරන්නේ Dialog ආයතනයෙන්. මේ කමල් රණසිංහ මහත්මයද?" - ඔව්

    "ඔබතුමාගේ ජාතික හැදුනුම්පත් අංකය 81XXXXXXXV ද?" - ඔව්

    "ඔබතුමා තාම පදිංචි වෙලා ඉන්නේ අංක XXX, හොරණ පාර, කොට්ටාව කියන ලිපිනයේද?" - ඔව්

    "කමල් මහත්මයා ඊයේ මේ අංකයට රූ 200ක Reload එකක් දැම්ම නේද? ඒ Reload එකට Dialog Lord of the Reload තරගයෙන් රු.250,000ක් ජයග්‍රහණය කරලා තියනවා. අපිට ඔබතුමාගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න 0112846256 fax අංකයට ඔබතුමාගේ NIC එකේ කොපියක් එවන්න."

    හදිසියේම ලැබිච්ච මේ තෑග්ග ගැන සතුටු වෙච්ච මම ඒ fax අංකයට NIC කොපියක් යැව්වා.

    ටික වෙලාවකට පස්සේ ආයෙත් අර අංකයෙන් ඇමතුමක්.

    "බොහොම ස්තුතියි කමල් මහත්මයා, ඔබතුමාගේ NIC කොපි එක අපිට ලැබුන. මේ ත්‍යාග මුදල transfer කරන්න ඔබතුමාගේ බැංකු ගිණුම් අංකයක් අපිට ලබා දෙන්න."

    මම මගේ Bank account number එක කිව්වා

    "බොහොම ස්තුතියි මහත්මයා. ඔබතුමාගේ ත්‍යාග මුදල මුද්දර බදු වලට යටත් වෙනවා. රු.250,000 ට 1% ගානේ රු.2,500ක මුද්දර බද්දක් ගෙවන්න තියනවා. ත්‍යාග මුදල අපි අද හවසම කමල් මහත්මයාගේ බැංකු ගිණුමට transfer කරනවා. නමුත් ඊට කලින් මුද්දර බදු රු.2,500 මේ අංකයට ezcash කරන්න.

    මට සැක හිතුන මේ වැඩේ ගැන. Dialog එකට කතා කරලා බැලුවම මේක ලොකු වංචාවක්. එහෙම number එකක් Dialog staff එකේ නැහැ.

    මේ සම්බන්දව මට හිතෙන අනිත් දේ තමයි මේ වැඩේට Dialog එකේ කෙනෙකුත් සම්බන්දයි කියන එක. මොකද මගේ නම, NIC No.එක, ලිපිනය විතරක් නෙවෙයි ඊයේ දාපු Reload එක ගැන පවා මූ දන්නවා.

    ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න මේ වගේ හොරුන්ගෙන්. ඩයලොග් එකෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ පාරිබෝගිකයන්ගේ රහස් තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්වෙන්න දෙන්න එපා කියන එක.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතිං බං 250000.00 න් 2500 අඩු කරල 247500.00 දාන්න කිව්වනම් ඉවරයි :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක කරන්න ඇත්තෙ උඹ රීලෝඩ් කරපු කඩෙන් වෙන්න ඇති,

    අනිත් එක මේකෙ ඉන්නව ඩයලොග් වැඩකරන අය, එයාලට කියල මේ නම්බර් එකේ අයිතිකාරයා ගැන හොයලා බලන්න.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඩයලොග් එකේ එකෙක් සම්බන්ධ වෙලා කරනවා වෙන්න පුලූවන්. හැබැයි හොදටම දන්න කියන (යාලුවෙක් වගේ) එකෙක්ට අදාල පුද්ගලයාගේ ෆොන් එක විනාඩි පහකට ලැබුනත් ඇති ඔය කියාපු විස්තර ටික හොයාගන්න.

    නම සහ NIC = #132# ඩයල් කර සොයාගත් හැක.
    ලිපිනය = යාලුවෙක් උනාම ඇඩ්‍රස් එක අහගන්න පුලුවන් (නමත් දැනගන්න පුලුවන්)
    රීලොඩ් එක = රීලොඩ් හරි කාඩ් හරි දැම්මාම Dialog Lord of the Reload contest no. එකයි දාපු මුදලයි, දිනුම් අවස්තා ගාන ආදි විස්තර තියන මැසෙජ් එකක් එනවා. මේක බැලුවාම හරි.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඩයලොග් එකේ එකෙක් සම්බන්ධ වෙලා කරනවා වෙන්න පුලූවන්. හැබැයි හොදටම දන්න කියන (යාලුවෙක් වගේ) එකෙක්ට අදාල පුද්ගලයාගේ ෆොන් එක විනාඩි පහකට ලැබුනත් ඇති ඔය කියාපු විස්තර ටික හොයාගන්න.

    නම සහ NIC = #132# ඩයල් කර සොයාගත් හැක.
    ලිපිනය = යාලුවෙක් උනාම ඇඩ්‍රස් එක අහගන්න පුලුවන් (නමත් දැනගන්න පුලුවන්)
    රීලොඩ් එක = රීලොඩ් හරි කාඩ් හරි දැම්මාම Dialog Lord of the Reload contest no. එකයි දාපු මුදලයි, දිනුම් අවස්තා ගාන ආදි විස්තර තියන මැසෙජ් එකක් එනවා. මේක බැලුවාම හරි.

    ehema wennath puluwan

    mama ugena ahala balannam ehema seen ekak unada kiyala
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පාරිබෝගිකයන්ගේ තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්නොවන්නට වගා බලාගන්න එක ඩයලොග් ආයතනයේ වගකීමක්..

    ඒ ගැන මොකට කතා කරනවද?

    මට කෝල් කරල ඇඩ් දානවනේ.. මේ වගේ තුට්ටු දෙකේ වැඩ දැන් ඩයලොග් එක කරන්නේ.. :D
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරිබෝගිකයන්ගේ තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්නොවන්නට වගා බලාගන්න එක ඩයලොග් ආයතනයේ වගකීමක්..

    ඒ ගැන මොකට කතා කරනවද?

    මට කෝල් කරල ඇඩ් දානවනේ.. මේ වගේ තුට්ටු දෙකේ වැඩ දැන් ඩයලොග් එක කරන්නේ.. :D

    owanam hama ekema thiyanwa ban

    mage langa hutch number ekak thiyanawa parana phone ekaka daala

    hawasata baladdi unge promotion sms 5-6k thiyanawamai
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉතිං බං 250000.00 න් 2500 අඩු කරල 247500.00 දාන්න කිව්වනම් ඉවරයි :lol:

    is-that-how-wealthy-people-laugh.gif
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machan danne nati ayata danaganna kiyanne. dialog staff numbers patan ganne 07733 walin. ehema nati no ekakin staff kiyala kata kaloth balagena!
     
    ඩයලොග් ස්ටාෆ් නම්බර්
    මොබයිල් නම් ඉතින් 077733XXXX
    077333XXXX

    ස්ථාවර දුරකථන නම් 077708XXXX

    :yes::yes::yes::yes::yes:

    ආයේ මේවගෙන් පිට නොම්බරෙකින් ඩයලොග් කියල කෝල් එකක් අවොත් ඉතින් කරන්න ඕන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ,;)
    (හැබැයි පරිස්සමින් ඩයලොග් එකේ ගොඩක් කල් වැඩ කරලා අස් උන උන්ට උන් පාවිච්චි කරපු නොම්බරේම දෙනවා , උන්ගෙන් ටිකම් පරිස්සම් වෙයන් )
    :eek: