Love you dad

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.
    හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

    මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
    පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...

    මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
    "ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

    තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්...
    මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්! කපුටෙක්!!"

    තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
    මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...

    ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා...
    දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා..
    දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.

    "අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
    ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා...

    තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද?
    ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද?

    dad-clip-art-19.gif