...........විචී පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට තවමත් සත්යපලගේ කිසිදු අදහසක් නැත.
එහෙත් මේ මුරන්ඩු රූමතිය කෙසේ නම් ආණ්ඩුමට්ටු කරම්දෝයි ඔහු දැනසිටියේ නැත.
ඇගේ "කැමතිත් නෑ අකමැතිත් නෑ" ක්රියා කලාපය නිසා හෙම්බත් වී සිටි සත්යපාල ටිකෙන් ටික
තමාට විචී නිසා අමතක වූ අවට ලෝකය ගැන විපරම නැවතත් පටන්ගත්තේය.
ත්රෙඩ් එකට නව තරු පායන්නේ මේ දින වලයි. මුලදී සත්යපාලට ත්රෙඩ් එකේ වෙන වෙනත්
දෑ පිළිබඳ කිසිදු තැකීමක් නොවූවද අළුතින් ආ මේ දඟකාර කටකාර විසේකාර කෙලි පොඩ්ඩ
පිළිබඳ සත්යපාල තුළ වූ සැලකිල්ල දිනෙන් දින වර්ධනය වන්නට වූයේ ඔහුටවත් පාලනය කරගත
නොහැකි තරම් වේගයෙනි..........