LTTE සංවිධානයේ ඉතිහාසය – 2 කොටස

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පලවෙනි කොටස මෙතැනින් බලන්න - පලවෙනි කොටස

    උපුටාගැනීම - lifie.lk




    LTTE සංවිධානයේ ඉතිහාසය – 2 කොටස



    LTTE සංවිධානයේ ඉතිහාසය ගැන කලින් ලිපියකින් අපි කතා කළා. ඉතින් අපි කතාව නැවැත්තුවේ 1975 ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය වීම කියන සිද්ධියෙන්. ඉතින් අද එතන ඉඳලා ඉස්සරහට කතා කරමු.


    1. TNT, LTTE බවට පත් වීම


    01-15.jpg



    1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමත් එක්ක දිගින් දිගටම දෙමළ ජනතාවට ලැබුණු කුඩම්මාගේ සැලකිලි බහුතර දෙමළ ජාතික ජනතාවගේ කලකිරීමට හේතු වෙලා තිබුණා. විශේෂයෙන් දෙමළ දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරිත්වයත් බහුතර දෙමළ ජනතාවගේ අප්‍රසාදයට හේතු වෙලා තිබුණා. ඉතින් මේ පසුබිම දෙමළ ජාතික සන්නද්ධ කණ්ඩායම් ප්‍රයෝජනයට ගත්තා. දෙමළ ජනතාවට ගෞරවනීය තත්වයක් ලබාගැනීම වෙනුවෙන් ඔවුන් සන්නද්ධ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණා. ඉතින් දොරෙයප්පා ඝාතන සිද්ධිය වෙද්දීත් දෙමළ නව කොටි (TNT) සංවිධානයට හරිහමන් දේශපාලන දැක්මක් තිබුණේ නෑ. ඒ වගේම මුල්‍ය ශක්තියෙනුත් ඉතාම පහළ තැනක තමයි ඔවුන් හිටියේ. හැබැයි දොරෙයප්පා ඝාතනයත් එක්ක දෙමළ නව කොටි සංවිධානයට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ වගේම ඒ ඝාතනයත් එක්ක ශ්‍රී ලංකා පොලීසියට නියෝග නිකුත් වුණා ඒ සංවිධානයේ සියල්ලන් අත් අඩංගුවට ගන්න. ඉතින් ඒකට මුහුණ දෙන්න වගේම සංවිධානයක් විදිහට ඉස්සරහට යන්න 1976 දී නව දෙමළ කොටි සංවිධානය විසුරුවලා දෙමළ ඊළාම් විමුක්ති කොටි නමින් සංවිධානයක් පිහිටුවා ගන්නවා. ඒ 1976 මැයි 5 වෙනිදා. ඉතින් වඩාත් විධිමත් සංවිධානයක් විදිහට එල්ටීටීඊ එක ලොකු දුරක් ආවේ ඒ මුලින් ඇති කරගත්තු විධිමත් සංවිධාන සැලැස්ම නිසායි. ඉතින් මේ දෙමළ ඊළාම් විමුක්ති කොටි, ඒ කියන්නෙ Liberation Tigers of Tamil Eelam (LTTE) සංවිධානය ආරම්භ කරද්දී ඒකෙ නායකයා විදිහට පත් වුණේ උමා මහේෂ්වරන්. ප්‍රභාකරන් හමුදා ප්‍රධානියා විදිහටයි පත් වුණේ. ඉතින් ඔවුන්ගේ ඒකායන අරමුණ වුණේ දෙමළ ඊළාම් නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමයි.


    2. වඩුක්කෝඩෙයි සම්මුතිය


    02-15.jpg



    දේශපාලන වශයෙන් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නට සිංහල දේශපාලන නායකයින් අවස්ථා ගණනාවකම පොරොන්දු වුනත් ඒ පොරොන්දු යථාර්ථයක් කරන්නට ඒ දේශපාලන නායකයින් ක්‍රියා කලේ නෑ. ඒ වගේ අපේක්ෂාභංග වුනු පරිසරයක තමයි 1976 වෙද්දී දෙමළ සන්නද්ධ කණ්ඩායම් රාශියක් බිහි වෙලා තිබුණේ. දෙමළ ජනයාට සමාන පිළිගැනීමක්, දෙමළ භාෂාවට සමාන පිළිගැනීමක් ඔවුන් අපේක්ෂා කලත් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම කියන අවස්ථා වලදී වත් ඒ අපේක්ෂා ඉෂ්ට වුණේ නෑ. ඒ හේතුවෙන් දෙමළ දේශපාලන පක්ෂ සහ දෙමළ සන්නද්ධ කණ්ඩායම් එකතු වෙලා එක වේදිකාවකට එකතුවෙලා සමුළුවක් පවත්වලා දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහි කර ගැනීම වෙනුවෙන් සම්මුතියක් ඇතිකරගන්නවා. ඔන්න ඔය සම්මුතිය ඇති කර ගැනීමෙන් පස්සේ තමයි බහුතර දෙමළ ජනතාව ඊළමක් වෙනුවෙන් යම් හෝ අදහසක් ඇති කර ගත්තේ. ඒ සමුළුවේ දී ඊට සම්බන්ධ වුනු සියලු සංවිධාන දෙමළ ජනතාවගෙන් තමන්ගේ නිදහස සඳහා සටන් කිරීමට ඉදිරියට එන ලෙස ඉල්ලීමක් පවා කළා. ඉතින් ඒ සමුළුව විශාල බලපෑමක් කළා ශ්‍රී ලංකාවේ දශක තුනක යුද්ධයක් ඇති වෙන්න.


    3. LTTE දෙකඩ වීම


    03-15.jpg



    1976 LTTE සංවිධානය බිහි වුණේ උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් කියලා කලින් කිව්වනේ. ඉතින් නායකත්වය ඔහුට හිමි වුණේ අධ්‍යාපන මට්ටමෙන් වගේම ඉංග්‍රීසි කුසලතාවෙනුත් උමා මහේෂ්වරන් කැපී පෙනුන නිසා. හැබැයි මහේෂ්වරන් නාමිකව නායකත්වයේ හිටියාට බලය තිබුණේ ප්‍රභාකරන් අතේ. ඔය අතරේ LTTE සංවිධානයට පළවෙනි කාන්තා චරිතය එකතු වෙනවා. ඒ උර්මිලා. ඒ වගේම LTTE එකට ඉතාම වැදගත් චරිතයක් වුනු කවුරුත් දන්නා ෂන්මුගම් කුමාරන් තර්මලිංගම් නොහොත් කුමරන් පත්මනාදන් (K.P) එකතු වෙන්නෙත් ඔය අතරේ. ඒ වගේම මාධ්‍යවේදියෙක් වුනු ඇන්ටන් බාලසිංහම් LTTE එකට සම්බන්ධ වෙනවා. ඉන් පස්සේ උමා මහේෂ්වරන් සහ ප්‍රභාකරන් අතරේ අභ්‍යන්තර මත ගැටුම් ඇති වෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්. ඒ ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට 1980 දී උමා මහේෂ්වරන් LTTE සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පිහිටුවා ගන්නවා. ඉන් පස්සේ නායකත්වයට පත් වුනු ප්‍රභාකරන්ගේ පාලනය සම්බන්ධව දැඩි චෝදනා ඔහුට එල්ල වුණා. එයින් ලොකු ම චෝදනාව වුණේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න උත්සහ කරනවාය කියන චෝදනාව. ඒ හේතුවෙන් LTTE සාමාජිකයින් විශාල පිරිසක් ඉන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානයට බැඳුණා. ඉතින් විරෝධතා උත්සන්න වීමත් එක්ක ප්‍රභාකරන් LTTE එකෙන් ඉවත් වෙලා ටෙලෝ සංවිධානයට එකතු වුණා. නමුත් ටික කාලයකට පස්සේ නැවත ඔහු LTTE සමඟ එකතු වුණා. ඒ හරහා ටෙලෝ සහ LTTE අතර පොඩි එකමුතුවකුත් ඇති වුණා.


    4. ටෙලෝ අඩපණ වීම


    04-16.jpg



    ඉතින් ටෙලෝ සහ LTTE එකට එකතුවෙලා කොල්ලකෑම් සහ ප්‍රහාර එල්ල කිරීම් වල දිගින් දිගටම නිරත වුණා. ඒ වෙද්දී උතුරේ ජනප්‍රිය ම විමුක්තිකාමි නායකයින් දෙන්නා වුණේ ටෙලෝ නායක කුට්ටිමනී සහ LTTE නායක ප්‍රභාකරන්. පස්සේ ටෙලෝ නායකයින් කිහිපදෙනෙක් ඉන්දියාවට පල යාමට උත්සහ කරද්දී හමුදාවට හසු වුණා. ඒ අය ජීවිතාන්තය දක්වා සිර භාරයට පත් කෙරුණා. ඒ හේතුවෙන් ටෙලෝ සංවිධානය අඩපණ වෙන්න පටන් ගත්තා. ඒ සිද්ධියෙන් පස්සේ දිගින් දිගටම දෙමළ සන්නද්ධ සංවිධාන ඉලක්ක කරගෙන හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒවායින් ඒ සංවිධාන වල සාමාජිකයින් සහ නායකයින් රාශියක් අත් අඩංගුවට පත් වුණා. ඉතිරි බොහෝ දෙනා ඉන්දියාවට පලා ගියා.


    5. LTTE බලවත් වීම


    05-15.jpg



    ටෙලෝ නායකයින් අත් අඩංගුවට පත් වීමත් එක්ක LTTE සහ ටෙලෝ අතර තිබ්බ එකමුතුව අවසන් වුණා. ඊට හේතු වුණේ ටෙලෝ නායකයින් අත් අඩංගුවට පත් වීම ප්‍රභාකරන්ගේ ඔත්තු සැපයීමක් බව ටෙලෝ සාමාජිකයින් විශ්වාස කිරීමයි. ටෙලෝ දුර්වල වීමත් එක්ක LTTE සංවිධානය තනි සංවිධානයක් විදිහට ක්‍රියාත්මක වුණා. නායකයා ප්‍රභාකරන් සහ චාල්ස් ඇන්තනි (සීලන්) හමුදා ප්‍රධානියා විදිහටයි පසුව කටයුතු කලේ. ඔය සිද්ධි අතරේ 1982 LTTE සාමාජිකයින් විසින් චාවකච්චේරි පොලිස් ස්ථානයට පහර දී ආයුධ පැහැර ගැනීම වැදගත් සිද්ධියක් වෙනවා. ඔය විදිහට අනෙකුත් දෙමළ සන්නද්ධ සංවිධාන අභිබවා LTTE උතුරේ බලපෑමක් කල හැකි විශාලම සංවිධානය බවට පත් වෙලා තිබුණා. ඒ බව පැහැදිලි වෙනවා 1983 මැතිවරණය වර්ජනය කරන විදිහට LTTE එක දෙමළ ජනතාවට දැනුම් දීමත් එය සාතිශය බහුතර දෙමළ ජනතාවක් අනුමත කිරීමත් නිසා. ඒ අනුව ටිකෙන් ටික දෙමළ ජනතාව දෙමළ දේශපාලන පක්ෂ වලට වඩා LTTE ගැන වැඩි විශ්වාසයක් ඇති කරගන්න පටන් ගත්තා.


    6. තිරුනෙල්වේලි ප්‍රහාරය


    06-15.jpg



    LTTE සංවිධානය බලවත් වීමත් එක්ක ඔවුන්ට එරෙහි හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරුණා. ඒ අනුව 1983 ජූලි 15 වෙනිදා එවකට LTTE හමුදා ප්‍රධානියා වුනු සීලන් ඇතුළු පිරිසක් චාවකච්චේරියේ නිවසක ඉන්න බවට හමුදාවට ඔත්තුවක් ලැබුණා. අදාළ වැටලීමේ දී සීලන්ගේ කකුලට වෙඩි වැදීමක් සිද්ධ වුණා. ඒ හේතුවෙන් පලායාමට නොහැකි වුනු සීලන්, තමන් මරා දමන ලෙස අනෙක් සගයින්ට නියෝග කළා. ඔවුන් ඒ අණ පිළිපැද්දා. ඔහුගේ මරණය LTTE සංවිධානය තුල දැඩි කැලඹීමක් ඇති කරන්න සමත් වුණා. සීලන් වෙනුවෙන් ඔවුන් පළි ගැනීමේ ප්‍රහාරයක් සැලසුම් කළා. ඒ අනුව 1983 ජූලි 23 වෙනිදා හමුදා මුර සංචාරයක් ඉලක්ක කරගෙන LTTE ප්‍රහාරයක් එල්ල කළා. ඒකෙන් යුධ හමුදා සෙබළුන් 13 දෙනෙක් මිය ගියා.


    7. 83 කළු ජූලිය


    07-16.jpg



    ඔන්න ඔය සිද්ධිය තමයි මූලික වුණේ 83 ජූලි කලබල වලට. ඉන් පස්සේ කොළඹ ඇතුළු තදාසන්න නගර බොහෝමයක දෙමළ ජන සංහාරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. කුපිත වූ සිංහල කලහකාරී වැසියන් අදාළ සතිය තුල විශාල ප්‍රමාණයක් දෙමළ වැසියන් ඝාතනය කළා. ඒ වගේම ඔවුන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ගිනි තබා විනාශ කළා. ඒ වගේම විශාල පිරිසක් අවතැන් වුණා. පසුකාලීන ව බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වුණා සරණාගතයින් විදිහට. රජයක් විදිහට එවකට ආණ්ඩුව මේ සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියන එකයි බොහෝ දෙනා කියන්නෙ. හැබැයි ඒ වෙද්දී ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබුණු දකුණේ දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කරන්න නම් එවකට ආණ්ඩුව ක්‍රියා කළා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ විශේෂයි..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කුපිත වූ සිංහල කලහකාරී වැසියන් අදාළ සතිය තුල විශාල ප්‍රමාණයක් දෙමළ වැසියන් ඝාතනය කළා. ඒ වගේම ඔවුන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ගිනි තබා විනාශ කළා
    :LOL::LOL: moda sinhalu, thama wenas wela na
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය පැටන් එකටමයි නේද මුස්ලිම් සිංහල ප්‍රශ්නෙත් ආවේ.
    ඔව් මේ වගේ මිනිස්සු බෙදල තිය ගන්න එක දෙසපලුවොන්ට වසයි බන්..
    කොටින්ට සෙනග හදලා දීපු එක ගැනත් විස්තරයක් දාන්න
    මම දන්නේ නැ බන්. මේකත් ඔය වෙබ්සයිට් එකකින් ගත්තු එකක්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉදියන් එකෙක්ගෙ වීඩිඕ එකක් තියෙනවා යූටුබ් එකේ පොඩ්ඩක් බලපන්. 10,000ක් පුහුණු කරේ එහේ. ඕක පටන් ගත්තෙ ඉන්ධිරා ගාන්ධි.මම හිතන්නෙ උන් හැදුවෙ මුන් ලවා රට අස්ථාවර කරලා ,පස්සෙ උන්ගෙ හමුදාව එවලා රටෙන් කෑල්ලක් හරි ඔක්කොම හරි ඈදගන්න.

    උන්ගෙ හමුදාව ආවට දෙයක් කරගන්න බැරි උනා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,615
    113
    Piliyandala
    සීලන් ප්‍රභාගේ බොක්ක නිසා වෙන්න ඕනේ පුතාටත් නම දැන්මේ චාල්ස් ඇන්තනි කියල

    අනික උන්ගේ කාඩර්ස්ල හිටියේ චාල්ස් ඇන්තනි බ්‍රිගේඩ් එකේ උන් ව සැලකුවේ අපේ කමාන්ඩෝ එස් එෆ් ලා වගේ එල් ටී ටී එක ඇතුලේ...

    වනැස යුටියුබ් එකේ තිබ්බ වීඩියෝ එක මතක නෑ එක තැනක කිව්වා උන් බැස්සොත් ලේසියෙන් අතාරින්නෙ නෑලු... අල්ලාගෙන ඉන්නමයි බලන්නේ

    අනිත් එවුන් නිකන් සරම ගහල සෙරප්පු දෙකක්වත් නැතිව 56 එක අරන් විතරන් අරන් එන එවුන් වගේ නෙමෙයි කියල තමයි හමුදාවේ කොල්ලෝ කියල තිබ්බේ..


    රාජ්‍ය බාශාව ඉංග්‍රීසි කරලා හැමෝටම ඉගෙනගෙන වරෙව් කිව්වා නම් ඉවරයි... එත් ඕකුන් වෙනම පාලනයක් ඉල්ලල හරි ගේමක් කෝල් කරයි

    කොටින්ට සෙනග හදලා දීපු එක ගැනත් විස්තරයක් දාන්න
    සිංහල මිනිස්සු ගැන තියෙන ආකල්ප බින්දුවට වට්ටන විදිහේ විදි නාට්‍ය පෙන්නව ලු සෙනග රැස් කරලා....

    දෙමල පොඩි ළමයි ව මරල ගැනුන් ව දුෂණය කරලා දානව කියල නෙගටිව් මාකටින් කරලා නාට්‍ය ඉවර වෙද්දී සැහෙන්න පිරිසක් කැමැත්තෙන් ම සංවිදානයට බැඳෙනවා. උන්ට එක ක්‍රොස් චෙක් කරලා බලන්න වත් විදිහක් නැතුව ඇති ඒකාලේ...

    මුල් කාලේ සෙනග ඇදගෙන තියෙන්නේ ඔය විදිහට.....

    පස්සේ තමයි... එක පවුලකින් එකෙක් අනිවා එන්න ඕනේ වගේ නීති ගෙනල්ල තියෙන්නේ... පැනල ගියොත් ෂොට් එක දෙන නිසා නො ඔප්ෂන්
    ------ Post added on Oct 24, 2022 at 6:34 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කොටින්ට සෙනග හදලා දීපු එක ගැනත් විස්තරයක් දාන්න
    ප්‍රධාන වශයෙන්, 1981 UNP කාරයො යාපනය පුස්තකාලය (ඒ කාලෙ ආසියාවෙ තිබුන වටිනම පුස්තකාලය කියල කියන්නෙ) ගිනිතියපු එක සහ 1983දි, සතියක් තිස්සෙ නිරායුධ, අහිංසක දෙමළ මිනිස්සු සිය දහස් ගනනක් මරන්න ඇරල ජේ. ආර්. කිසිම ඇක්ශන් එකක් ගන්නෙ නැතුව නිකං බලාගෙන හිටපු එකෙන් තමයි කොටින්ට සෙනග හැදුනෙ... 83 සිද්ධියත් පටන් ගත්තෙ UNP එකෙන් :-(