කේ.පී. ගෙන් රහස් රැසක්!
විදේශීය කොටි මිතුරන් කළ කී දේත් හෙළිවන ලකුණු
ලෝකයේ රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තර්ජාතික ත්‍රස්ත ජාලය මුළුමනින් ම නිෂ්ක්‍රීය කිරීමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සිළුමිණට පැවැසීය.
කොටි ත්රස්තවාදීන් ගේ අන්තර්ජාතික නායකයා ලෙස ක්‍රියාකරමින් මුදල්, අවි ආයුධ යනාදිය එල්.ටී.ටී.ඊ.යට සැපයීමට මූලිකව ක්‍රියා කළ කේ.පී. නැමැත්තා මේ වනවිට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් ගේ අත්අඩංගුවේ පසුවන බවත් මොහු අල්ලා ගැනීමත් සමඟම මෙතෙක් ඉතිරිව තිබූ කොටි අන්තර්ජාතික ත්‍රස්ත ජාලයේ අනෙක් සබඳතා සොයා ඒවා සම්පූර්ණයෙන් විනාශ කැර දැමීමට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් ක්‍රියා කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධූරාවලිය අනුව කේ.පී. දෙවැනි වුණේ ප්රභාකරන්ට පමණක් ය බැව් කියැවුණ අතර ජගත් ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී තිබුණේ කේ.පී. යනු ප්‍රභාකරන්ටත් වඩා භයානක හා අතිශයින්ම අත්අඩංගුවට ගත යුතුව තිබූ ත්‍රස්තවාදියකු බවයි.
ප්රභාකරන් අත්අඩංගුවට ගත්තද කේ.පී.අල්ලාගත නොහැකි වනු ඇතැයි ජගත් ත්‍රස්ත විමර්ශන විශේෂඥයින් පවසා තිබුණේ කේ.පී. යනු එපමණම භයානක හා සූක්ෂ්ම ත්‍රස්තවාදියකු වූ නිසා බැව් කියැවෙයි.
එල්.ටී.ටී.ඊ.යේ ප්රභාකරන් ගේ විනාශයෙන් පසුව තමන්ම එහි නායකත්වයට පත්වූ කේ.පී. ශ්‍රී ලංකාවෙන් පිටත දෙමළ ඊළාම් ආණ්ඩුවක් පිහිටුවන බවද කියා තිබිණ.
කොටි සංවිධානය සතුව තිබූ අති විශාල විදේශ වත්කම්, මුදල් රැස්කරන ජාලය, එල්.ටී.ටී.ඊ. ව්‍යාපාර යනාදී සියල්ලකම බාරකාරත්වය පැවරී තිබුණේ ද කේ.පී.වෙතය. මොහු අල්ලා ගැනීමෙන් පසුව කොටි ත්රස්තවාදීන්ගේ අන්තර්ජාතික ජාලය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ බොහෝ තොරතුරු මෙන්ම ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ අතිශය වැදගත් තොරතුරු හෙළිකැර ගත හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කෙරේ.
source:
http://www.silumina.lk/2009/08/09/_art.asp?fn=aa0908091