මම බෞද්ධ. මට හිතෙන්නේ මේක ඉතිහාසෙට යන කේස් එකක්.
මචන් පෘතුගීසි කාරයෝ ලංකාවට ඇවිල්ල රට අල්ලන්න ගියාට සිංහල මිනිස්සුත් එක්ක ඒක ලේසි උනේ නෑ. එක හේතුවක් උන්ට ප්‍රමානවත් ටරම් මිනිස්සු හිටියේ නෑ.
ඒ නිසා උන් පුළුවන් තරම් ට්‍රයි කළා උන්ට නැමිච්ච උන් කියන දේ අහන පිරිසක් හදන්න. ඒ නිසා කතෝලික ආගම පතුරවල තනතුරු දීල උන් වගේ පිරිසක් හැදුව.
" හැබැයි සිංහල කතෝලික අය යුද්ද වලදී පෘතුගීසි කාරයොන්ට විරුද්ධ වෙලා පුළුවන් හැම වෙලාවේම උඩරට සිංහල රජතුමාට එකතු වෙලා තියෙනවා." හේතුව ඒ තමන්ගේම අය එක්ක යුද්ද කරන්න අකමැති උන නිසා.
හැබැයි මේ විදිහට ආගමට හරවපු දෙමළ උන් හිටිය කියන එක අමටක කරන්න හොඳ නෑ. උන් අපිට විරුද්ධවම තමයි වැඩ කරන්නේ.