elakiri yayaluwo kawruhari Midule Sudu Welithalaye - Henry Kaldera sinhala lyrics unicode walin denna.thnx all..
මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ//
බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි//
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා//
මිදුලේ සුදු වැලි තලයේ..
අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා//
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා//
- හෙන්රි කල්දේරා