Macro Keyboard

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආවේ...

    Macro Keyboard කියන්නේ අපි නිතර වැඩ කරන Keyboard එකට අමතරව තව Keyboard එකක තියෙන keys වලට මොකක් හරි Command එකක් Assign කරලා තනි key එකකින් ඒ Command එක රන් කරන එක.

    උදා: Copy කියන එක Control + C කියන එක වෙනුවට තනි C අකුර විතරක් එබුවාම Copy වෙන විදියට හදන එක. (මේක තව හොදට පැහැදිලි කරන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ. මාත් Computer වැඩ්ඩෙක් නෙමෙයි. ඒකයි... :baffled: )

    ඉතින් මේකට පුන්චි දේවල් දෙකයි ඕනේ කරන්නේ.

    1. දැනට තියෙන Keyboard එකට අමතරව තව Keyboard එකක්
    2. Macro Commands හදාගන්න පුලුවන් පොඩි Software එකක්
    මන් ගාව නම් තියෙන්නේ Number pad එක විතරක් තියෙන Keyboard එකක්. මේ තියෙන්නේ ඒක....

    Webp.net-resizeimage (1).jpg


    මේකේ Keys 17 යි තියෙන්නේ. මට ගොඩාක්ම ඕන වෙන්නේ Excel වලට තියෙන Shortcuts හින්දා මේ ටික මට නම් ඇති. ඕනේ නම් Full size Keyboard එකක් හදාගන්නත් පුලුවන්.

    මේක තමයි ඕනේ වෙන පුන්චි Software කෑල්ල.

    http://www.hidmacros.eu/download.php

    මේක ෆ්‍රී ගන්න පුලුවන් එකක්. තව ගොඩාක් ඒවා තියෙනවා. මට නම් හරිගියේ මේක.

    ඉතින් දෙයියනේ කියලා Keyboard එක ගහලා ඔය පුන්චි Software කෑල්ල Install කරගෙන එහෙම වැඩේ පටාන් ගමු.

    Capture 1.PNG

    මේක තමයි ඔය කියන පුන්චි Software කෑල්ල.

    1. මුලින්ම කරන්න තියෙන්නේ Keyboard එක Connect කරගෙන පහල කොටලා තියෙන New කියන බොත්තම ඔබන එක

    Capture 1.1.jpg


    2. ඊටපස්සේ මේ පල්ලෙහ තියෙන විදියට Name කියන තැනට නමක් දීලා Trigger කියන එකේ Scan කියන එක ඔබන්න ඕනේ.

    Capture 1.2.jpg


    * හොදට මතක තියාගන්න Scan කියන එකට දෙන්න ඕනේ අපේ Command එක Trigger වෙන්න ඕනේ Key එක. ඒ කියන්නේ අර උඩ කිව්ව (Copy) උදාහරනේ හැටියට නම් C අකුර Key එක (Macro Keyboard එකේ. නැතුව Main Keyboard එකේ නෙමෙයි) තමයි ඔබන්න ඕනේ. තව එකක් තමයි Scan එකට තමන්ට ඕනේ Key එක එබුවට පස්සේ වෙන කිසිම Key එකක් ඔබන්න යන්න එපා ඊලග step එකට යනකම්.

    Untitled 1.jpg


    3. ඊටපස්සේ මේ පහල ලකුනු කරලා තියෙන විදියට Send Keyboard Sequence කියන එකට අපිට ඕනේ Command එක ටයිප් කරන්නයි තියෙන්නේ.

    Capture 1 1.3.jpg


    * මේකේ අපිට ඕනේ විදියට හැම එකම ටයිප් කරන්න බෑ. ඒකට වෙනම Symbol වගයක් තියෙනවා සමහර Keys වලට. (උදා: Shift කියන Key එක වෙනුවට ගහන්න ඕනේ +, Alt කියන Key එක වෙනුවට %, Enter කියන Key එක වෙනුවට ~) මේ ඔක්කොම මේ පහල තියෙනවා වගේ Help Tab එකේ පල්ලෙහට ගියාම තියෙන Appendix: Supported modifiers for keystroke sequence කියන එක යටතේ තියෙනවා. ටයිප් කරන්න කලින් ඒ ටික හොදට බලාගෙන වැඩේ පටන් ගත්තානම් හරි.

    Capture 2.PNG


    4. ඉතින් ඕන කරන ටික ඔක්කොම ටයිප් කරගෙන ඉවර උනාම මේ පහල විදියට තමයි පෙන්නන්නේ. (ඔය තියෙන්නේ මගේ එකේ දාලා තියෙන ටික)

    Capture 4.PNG


    5. ඔක්කොම ටික ඉවර උනාට පස්සේ Save Configuration කියන එක ඔබන්න ඕනේ. හැබැයි Close කරන්න නම් එපා පුතෝ. :no:

    6. දැන් Settings කියන Tab එකට ගිහින් Minimize to tray කියන එකයි Start Minimized කියන එකෙයි ටික් දෙක දාන්න. ඊටපස්සේ Minimize කරන්න.

    Capture 5.PNG


    7. අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල ලින්කුවේ විදියට කරලා Startup එකටත් දාගන්න.

    https://www.howtogeek.com/208224/ho...and-folders-to-system-startup-in-windows-8.1/

    **** ගොඩාක් Important දෙයක් තමයි Macro Keyboard එක රන් වෙන්න මේ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ. ඒකයි Startup එකට දාගන්න කිව්වේ. නැත්තන් කරන්න තියෙන්නේ කොහේහරි Shortcut එකක් හදාගෙන Macro Keyboard එක රන් කරන්න ඕනේ වෙන වෙලාවට ඕපන් කරගන්න එක. උඩ තියෙන දේවල් ටික හරියට කලා නම් ඔටෝම බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ මේ පහල විදියට.

    Untitled 2.jpg


    මන් ඉතින් Keys වලට Add කරලා තියෙන දේවල් මතක තියාගෙන ඉන්න බැරි හින්දා ස්ටිකර් වල මට ඕන ටික ප්‍රින්ට් කරලා අලවගත්තා (ඒ Keyboard එකේ හරියට ඇලවෙන්නේ නැති හින්දා ටේප් කෑලි ගැහුවා).

    ගොඩාක් Shortcut Keys පාවිච්චි කරන අයට නම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මට මගඇරිච්ච දෙයක් හරි කියවුනේ නැති දෙයක් හරි තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්ඩලා...

    ජයවේවා හැමෝටම...
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    macro ena keyborad ekka gathanm lesi ne keys program karanna one wenne logitech eke ehema thiyanawa wenama commands keys bind karanna witahrak thiyenne.
    ඔව් එහෙම කලත් හරි... ඒත් ෆුල් Keyboard එකම Macro කරන්න බෑ මං හිතන්නේ.. අනික මේක ඕනම cheap Keyboard එකකට පාවිච්චි කරන්න පුළුවන්. Logitech එක ගනන් නේද?? 🤔🤔

    ස්තූති හැමෝටම...😍😍
    ------ Post added on Mar 20, 2021 at 8:27 AM

    BUMPER

    thanks mcn share karata
    Thankuu wennone...😍😍
    ------ Post added on Mar 20, 2021 at 8:28 AM
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් එහෙම කලත් හරි... ඒත් ෆුල් Keyboard එකම Macro කරන්න බෑ මං හිතන්නේ.. අනික මේක ඕනම cheap Keyboard එකකට පාවිච්චි කරන්න පුළුවන්. Logitech එක ගනන් නේද?? 🤔🤔




    ස්තූති හැමෝටම...😍😍
    ------ Post added on Mar 20, 2021 at 8:27 AM


    Thankuu wennone...😍😍
    ------ Post added on Mar 20, 2021 at 8:28 AM

    puluwan one nam key bind karanna thiyenne software eken keyboard eke gananam wadi wenawa cheep ma ekath 12K wath wei.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    puluwan one nam key bind karanna thiyenne software eken keyboard eke gananam wadi wenawa cheep ma ekath 12K wath wei.
    ඈ... යකෝ 12 ක් වෙනවද? 😱 😱 😱 මෙහේ cheap ම එකත් ලන්කාවේ සල්ලි වලින් 4000ක් විතර වෙන්නේ... එහෙනම් ඉතින් මේක තමයි හොදම Solution එක. ඔය කියන්නේ Logitech Options SWoftware එක ගැන නේ බන්?? :unsure::unsure:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඈ... යකෝ 12 ක් වෙනවද? 😱 😱 😱 මෙහේ cheap ම එකත් ලන්කාවේ සල්ලි වලින් 4000ක් විතර වෙන්නේ... එහෙනම් ඉතින් මේක තමයි හොදම Solution එක. ඔය කියන්නේ Logitech Options SWoftware එක ගැන නේ බන්?? :unsure::unsure:

    itath wadai ban honda ewa 30K walatath thiyanawa mehe gana wadi ne kohomath

    software ekanam G Hub eka parana ekanam logitech gaming software eka.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Thanks machan..sahenna watinawa wage

    Eth karume kiyanne office eke wada walata use karanna ba software install karanna admin rights na

    IT unta kiyala daahak prashna walata uththara denna wenawa
    අපේ ඔෆිස් එකෙත් එහෙම තමයි බන්... ඒත් මන් නම් ඌට විස්තරේ කියලා තමයි කරගත්තේ.. ඌ මට ඇඩ්මින් පාස්වර්ඩ් එකත් දුන්නා මොනවාහරි කරගන්න ඕනේ නම් කියලා.. වැඩිය ඕනේ නෑ.. මේක දාගෙන Startup එකට දාගත්තම ඉතුරු ටික උඹටම කරගත්තෑකි...:yes::yes::yes:

    ස්තූති මචෝ... :love2:
    ------ Post added on Mar 23, 2021 at 9:09 AM

    itath wadai ban honda ewa 30K walatath thiyanawa mehe gana wadi ne kohomath

    software ekanam G Hub eka parana ekanam logitech gaming software eka.
    ගේමින්ග් වලට වගේ නම් ඉතින් කමක් නෑ... ඒත් බන් අපි වැඩකරන ඔෆිස් වල තියෙන මැශින් වලට ඉතින් ඔය ලොකු ලොකු වැඩකෑලි ඒවා හරියන්නේ නෑනේ බන්... මන් ඔය දාලා තියෙන එක ඩිරාම් 10 යි. ඒ කියන්නේ රු 500ක් වගේ.
    මොනා නැතත් Logitech ලා ගේ මේ සයිඩ් එකට තියෙන Implementation එක නම් අගයන්න ඕනේ.... :yes: :yes:

    ------ Post added on Mar 23, 2021 at 9:15 AM
     
    • Like
    Reactions: PHBhagya and asylum

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    You are welcome bro... ප්‍රශ්නයක් තියේ නම් අහන්න. කියලා දෙන්නම්... (y)(y)
    ------ Post added on Mar 23, 2021 at 11:52 AM
    meka photoshop walata hadaganna oni full keybord ekama mama dakka youtube channel ekaka thiyanawa linus tech tips kiyala eth hadana widiya therenne na programing wagayak script wenas karanna ehema thiyanawa soft ekata photoshop link karanna onida vedio ehema thiyanawanam post karanna
     
    • Like
    Reactions: chirantha19890821