MADAGASCAR 3

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    W020120621644877816613.jpg





    පළවන, දෙවන මැඩගස්කර් කෙසේ වෙතත්, මේ තුන්වෙනි මැඩගස්කර් නම් විනෝද සාගරයක්. විනෝදමත්, එකාකාරී නොවූ, රසබර කතාවක්.
    '
    කතාව මෙහෙමයි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සෙන්ට්‍රල් පාක් සත්තු වත්තේ සිටි තරු හතරක් වූ ඇලෙක්ස් නම් සිංහයා, මාරට් නම් සීබ්‍රා, ග්ලෝරියා නම් හිපපොටේමස් සහ මෙල්මන් නම් ජිරාෆ් තවමත් අප්‍රිකානු මහද්වීපයේ සිර වී සිටිනවා.

    ඔවුන්ට තවමත් තමන්ට සුපුරුදු නිව්යෝක් නුවරට නැවත යාමට ඇත්තේ නොනිමි ආසාවක්. දක්ෂ පෙන්ගුයින්ලා ගුවන් යානයක් සාදා ගෙන මොනාකෝ රාජ්‍යයේ (ප්‍රංශයත් ඉතාලියත් අතර ඇති ලොව කුඩාම රාජ්‍යයක්) මොන්ටි කාලෝ නුවරට පියාසර කළ පසු මේ මිතුරන් සතර දෙනා මොනාකෝ වෙත පිහිනන්න තීරණය කරනවා. නමුත් එහිදී ඔවුන් පෙන්ගුවිල්ලාව හමු වෙන්නට පෙර කැසිනෝ ශාලාවක පිස්සු නැටීම නිසා, ඩුබොයි නැමැති සත්ව පාලන කැප්ටන් කෙනෙකු ඔවුන් පසුපස ලුහුබඳිනවා.

    ඇයගේ අදිටන කෙසේ හෝ සතුන් අල්වා ගැනීමයි. එපමණක් නොවේ ඇයට සිංහයා දඩයම් කර ඇයගේ සත්ව දඩයම් කුසලාන රාක්කයට අඩු වී ඇති එකම කුසලානයත් සම්පූර්ණ කර ගැනීමේ කෑදරකමින් ඇය ඔවුන් පසුපස හඹා යනවා. මේ යහළුවන් හතර දෙනාට ගැලවීමට ඇති එකම මාර්ගය වන්නේ සර්කස් සත්තු ටිකක් ලෙස මවාපාමින් සංචාරක සර්කස් කණ්ඩායමකට බැඳීමයි. එය විටාලි නම් සැරවර ව්‍යාඝ්‍රයකු විසින් නායකත්වය දරන අතර, ජියා නම් ඉතා සෞම්‍ය ජගුවරවරියක් ද ඇතුළත් වෙනවා.

    මේ සර්කස් කෝච්චියේ හැංගෙන යහළුවන් සතර දෙනා බලාපොරොත්තු වන්නේ යුරෝපය වටා සැරි සරමින්, පැරීසිය, රෝමය, ලන්ඩන් හරහා අවසානයේ නිව්යෝක් නුවර දක්වාම (සියලු කටයුතු යහතින් සිදු වුණොත්) මේ සර්කසය ගමන් ගන්නා බවයි. නමුත් අපි හිතන විදිහට හැම දේම සිදු වෙනවා නම් කොතරම් දෙයක්ද? සුපුරුදු පරිදි නොසිතූ අවදානමකට මුහුණ දෙන යහළුවෝ හතර දෙනා ට එයින් ගැලවීමට වෙන්නේ තමන් ඇත්තම සර්කස්කාරයන් ලෙස පෙනී සිටිමින් හොඳ සර්කස් වැඩ කිඩ ටිකක් කෙසේ හෝ දමා පණ බේරා ගැනීමටයි.

    මෙහිදී අන්තරසත්වකුල (එකිනෙකට වෙනස් සත්ව ජාති අතර) ආදර කතා, ආදර සම්බන්ධ අඩු වැඩි ලෙස චිත්‍රපටයට ඈඳා තිබෙන්නේ එහි රසය වැඩි කරමින්. එයට උදාහරණයක් ලෙස උණහපුළු රජෙක් වන ජුලියන් (කටහඬ සාෂා බැරොන් කොහේන්) ඉතාමත් විශාල සර්කස් වැලහින්නකගේ ආදරය දිනා ගැනීමට දරන උත්සාහය දක්වන්න පුළුවන්. ඔබට තිබෙන්නේ ඉතාමත් ඝනව ලොම් වැඩුණු පිටක්, මං ළඳකගේ ආසම දේ එයයි. උණහපුළුවා වැලහින්නට පවසනවා. ඔවුන් වතිකානුවට රිංගන හැටිත්, එම මොන්ටාජය අන්ද්‍රෙයා බ්‍රෝචෙලී නම් ටෙනර්ගේ හඬත් සමඟ මුසු කර ඇති ආකාරය දර්ශනීයයි.





    Madagascar-3.jpg




    ඕනෑම චිත්‍රපටයකට හොඳ දෙවන තෙවන කොටසක් තැනීම අපහසු කාර්යයක්. නමුත් Dreamwork චිත්‍රාගාරය ගෙන එන මේ මැඩගස්කර් සජීවිකරණ සිනමා පෙළේ නවතම කොටස නැතහොත් මැඩගස්කර් 3 නම් වළලු තුනේ සර්කස් එකක් තරම් විනෝදජනකයි. බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ චිත්‍රපටයක් වන මෙහි ප්‍රහර්ශය, උද්වේගය සහ හාස්‍යය, අතිශය දීප්තිමත්. ඇස් මුලා කරවන සජීවිකරණය මුළු පවුලේම සාමාජිකයන් සතුටු කිරීමට තරම් ප්‍රමාණවත්.

    මේ මිතුරන් සතර දෙනා නැවතත් නිව්යෝක් නුවරටම යාම තම ඉලක්ක කර ගත්තත්, එය තමන්ගේ නිවහන යැයි නිතර සිතුවත්, ජියා නම් ජගුවරවරිය ඇලෙක්ස් නම් සිංහයාට පහදා දෙන පරිදි තමන්ගේ නිවහන විය යුත්තේ තමන්ට සුපුරුදුම තැන නොව තමන්ට වඩාත් ගැළපෙන තැනයි. ඊට අමතරව මෙම චිත්‍රපටයෙන් අප සැමට එක් දෙයක් මතක් කර දෙනවා. එය නම් හිත ගිය තැන මාලිගාව බවයි.



    sarasaviya


    'Madagascar 3: Europe's Most Wanted' Trailer






    Madagascar 3 Europe's Most Wanted 2012 TS XviD


    madagascar3.jpg



    vlcsnap2012062410h56m32.png


    vlcsnap2012062410h56m46.png


    vlcsnap2012062410h57m36.png







    Download Torrent



    :)