Madamulane Mara ඇ‍මෙරිකාවට මුදල් දුන් හැටි

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    Madamulane Mara ඇ‍මෙරිකාවට මුදල් දුන් හැටි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් කොටි ගණනක් වියදම් කර ඇති බව හෙළිවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය 19වැනි දින පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලදී මේ බව අනාවරණය වී තිබේ.

    Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට 2010 වසරේදී රුපියල් තුන්කෝටි පනස්හය ලක්ෂ අසූපන්දහස් නවසිය හතයි ශත හැට තුනක්ද (රු. 35,685,907.63) 2011 වසරේදී රුපියල් හාර කෝටි හැටනව ලක්ෂ දහතුන් දහස් හාරසිය හැත්තෑ හයයි ශත හැත්තෑ එකක්ද ( රු. 46,913, 476.71) 2012 වසරේදී රුපියල් එක්කෝටි විසිනව ලක්ෂ අනූ දෙදහස් අටසිය හැටයි ශත පහක්ද (රු. 12,992,860.05) ලබා දී ඇති අතර ඊට අමතරව 2014 වසරේ කොන්ත්‍රාත්තු 8ක් සඳහා ඩොලර් 5000 සේ සිට ඩොලර් 75000 අතර මුදලක් රාජපක්ෂ පාලනය විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඇමෙරිකානු සමාගම් වෙත ලබා දී ඇති බවද හෙළි වේ.

    Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට මෙවැනි විශාල මුදලක් යොදවා සිදුකරවා ඇති ප්‍රචාරක කටයුතු ඇමෙරිකානු තානාපති නිලධාරීන්ටද සිදුකළ හැකිව තිබූ ඒවා බවත් එම කටයුතු තානාපති නිලධාරීන්ගේ රාජ්‍යතාන්ත්‍රික වගකීම්වලට අයත්ව පවතින බැවින් සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාවක් පැවති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පෙන්වා දී තිබේ.

    මෙම මුදල් ගෙවනු ලැබූ කාලයේ ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනෙකු වූ ජාලිය වික්‍රමසූරිය වන අතර ඔහු ඇමෙරිකාවේ තානාපති සේවය සිදු කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ කසල තේ ඇමෙරිකාවට ගෙන යෑමේ ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.
     
    සජින්වාස් තමයි මහින්දයාවයි ලංකාවයි කෑවේ....මහින්දයා රැවටුණා දැන් රටත් අනාත ‍වෙලා....තියෙන්නේ............මහින්දයා එහෙම සල්ලි දෙද්දි ......................රනිලයා මංගලයා එක්ක ඇමරිකාවටයි ඉන්දියාවටයි නිකම්ම රට දෙනවා
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    vowu.jpg
     

    Similar threads