Made in Srilanka කිව්වට තාම හරි හමන් එකක් එලියට ආවේ නෑ නේද බන්?

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රටෙන් හරිහමන් නිශ්පාදන එලියට එන්නෙ නැත්තෙ අපි R&D කරන්නෙ නැති නිසා. අපිට ඕනෙ ගහේ හැදෙන රබර් කිරි මුදවල ශිට් හදල අපනයනය කරනව වගේ ලේබර් ඉන්ටෙන්සිව් වැඩ කරන්න මිසක් නිමි භාණ්ඩ හදන්න නෙවෙයි. ගාමන්ට් උනත් ලේබර් වැඩේ තමයි අපේ ප්‍රධාන අදායම්මාර්ගය.

    Why don't poor countries do R&D?William Maloney
    April 16, 2014
    Poor countries invest far less in research and development (R&D) as a share of their GDP than rich countries. Even middle income countries often invest well under 0.5%, compared to 3% and above in advanced countries.

    This fact poses a profound development mystery, and at the surface, suggests huge missed opportunities. Estimates of the social rates of return to R&D - often above 40% - in advanced countries are so high, as to justify levels of investment in developing countries that are multiples greater than those actually found. The case appears to be particularly strong for poor countries, where R&D is essential to the "absorptive'' or "national learning'' capacity that is needed to exploit technological advance originating from rich countries.

    https://blogs.worldbank.org/developmenttalk/why-dont-poor-countries-do-rd
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම ස්වෝත්සාහයෙන් පොඩි පොඩි දේවල් කළා.අතෑරලා දැම්මා, අපේ ගාණට වැඩියෙන් තියෙන import ඒවා මිනිස්සු ගන්නේ.ගේන එකා මොන නීති අස්සෙන් හරි containers ගණන් ගෙනල්ලා මාකට් එකට දානවා. ඕවට policy makers, custom, central bank, finance ministry, consumer authority, MOH ,TRC , Environment authority,Police , Banks,money laundering people "undiyal" ඔක්කොම සම්භන්දයි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මම ස්වෝත්සාහයෙන් පොඩි පොඩි දේවල් කළා.අතෑරලා දැම්මා, අපේ ගාණට වැඩියෙන් තියෙන import ඒවා මිනිස්සු ගන්නේ.ගේන එකා මොන නීති අස්සෙන් හරි containers ගණන් ගෙනල්ලා මාකට් එකට දානවා. ඕවට policy makers, custom, central bank, finance ministry, consumer authority, MOH ,TRC , money laundering people "undiyal" ඔක්කොම සම්භන්දයි.
    මොනවද ඒ පොඩි පොඩි දෙවල් බ්‍රො
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Sri Lankan private ownership එකක් යටතේ අලුත් pharmaceutical manufacturing company එකක් හදනවා. හැබැයි ඒක 2021 වත් වෙයි පටන් ගන්න කොට. තාම factory එක හදන්නේ.

    හැබැයි මේ project එක plan එක පටන් ගත්තෙ 2019 මුල දි. මේ ආණ්ඩුවෙන් ආපු made in SL පෙරළියට නෙවේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත..ඒකට උබලගෙ ආණ්ඩුකාලෙ ආන්න "මේඩ් ඉන් ශ්‍රි ලoකා" නිශ්පාදන එකෙන්ම ලොවම මවිත කරා..

    උදාහරනයක් විදිහට බලපන් උබලගෙ "සහරාන්ගෙ බෝම්බෙ" කෙලිnම 300ක් එලොව, 500 ස්පිරිතාලෙ ලෝකෙම මවිත උනා....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    බොරුවට වචනේ උඩ දාගෙන රඟනවා විතරයි රැල්ලට වගේ?

    එක්කෝ ජෑම් බෝතලුයි , පොල් කටු හැඳියි,බීම වර්ගයි,මල් ගස්,බෑග් ඕවා තමයි වැඩිපුර දාන්නේ මම බලාගෙන.
    ඒවත් හැදෙන්ඩ ඕනේ මම නෑ කියන්නේ නෑ.


    මහින්ද්‍රා එසෙම්බල් ෆැක්ටරි එක තියෙනවා. ඒ ඇරෙන්ඩ වේගා කාර් එක, රෝබොට් ව්‍යාප්‍රතිමය වශයෙන් දියත්වෙන්ඩ තව කාලයක් යයි.
    වාලච්චේන කඩදාසි ,ඖෂධ නිෂ්පාදන නම් ටිකක් හැදෙන්ඩ පටන් අරන් වගේ

    එක්ස්පෝර්ට් මාර්කට් ටච් කරපු මොනවද අලුතින් ඇවිත් තියෙන ඒවා මීට අමතරව උඹලා දන්න.?


    උඹලා මොකද කියන්නේ?:dull:
    අපේ උන්ගේ කට විතරයි බන් . උදාහරණයක් දෙන්නද පහුගිය 72 වසර අරන් බලපන් කෝ 😂😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Made In Sri Lanka concept එක හොඳයි. හැබැයි හදන හැම දේටම ප්‍රමිතියක් තියෙන්න ඕන. ලංකාවේ හදන ගොඩක්ම බඩු කොලිටි එක අඩු කරලා වැඩි ලාභ ලබන්නනේ හදන්නේ. උදාහරනෙකට Phoenix plastic බේසමක් ගනින්. අවුරුද්දක් පාවිච්චි කරතහකිද එක දිගට පාවිච්චි කරොත්? මාස හයක් යද්දී වටෙන් පුපුරනවා. අඩිය යනවා වතුරත් එක්කම. අපේ ගෙදර තියෙනවා අවුරුදු 20ක් විතර පරණ පොඩි බේසමක්. නිකමට බැලුවා කොහොමද මේක මෙච්චර කල් තිබ්බේ කියල මෙහෙම පාවිච්චි කරලත්, බලද්දී Made In England. AIRFIX කියන කම්පනියෙන් ගහල තියෙන්නේ. බලපන්කො ඉතින් අහසට පොලොව වගේනේ කොලිටිය. :baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    එහෙම මාසෙන් දෙකෙන් business හැදෙන්නේ නෑ. factory එකක් හදන්නත් කොච්චර කල් යනවද. මුලින්ම demand එක වැඩි වෙලා market එකක් හැදෙන්න ඕනි. අනික දැනට ඔය ලංකාවේ හදනවා කියන එව්වා මෙහෙදී chemical mix කරන එක විතරයි කරන්නේ.
    :rolleyes2:
    අනික හැමරෙද්දම ලංකාවේ හදන්නත් බෑ. electronics ලංකාවේ හදන්න පටන් ගත්තොත් international market එකට අටපට්ටමට කියන්න ඕනි හොදේ. මොකෝ අපි පරක්කුයි market එකට enter වෙන්න
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දක්ෂතා තියෙන උදවිය ඉන්නවා. නමුත් ඒ මිනිස්සුන්ට තම නිෂ්පාදනය විශාල කර්මාන්තයක් ලෙස කරන්න අවශ්‍ය පහසුකම් හා උපදෙස් ලබාගන්න තැනක් නෑ.

    මුදල් තියෙන උදවිය ඉන්නවා. අර වගේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති නෑ.

    මේ දෙකම තියෙන උදවියට කළමනාකරණ දැනුම හෝ රාජ්‍ය සහය නෑ.

    මේ සියල්ල එක්තැන්වුන ක්‍රමවේදයක් හදන්න ඕන.

    අපේ රටේ පුරවැසියාගේ පොදු අදහස "ලංකාවේ දේවල් ජරාවල්. කියක් දීල හෝ පිටරට දෙයක් ගන්න ඕන"

    හොඳම උදාහරණය චිනේ හදන තත්වයෙන් පහලම, මුදලින් අඩුම භාණ්ඩය කිසිම හිරිකිතයකින් තොරව "ලෝකල්" ලෙස හඳුන්වනවා. චීනේ හදපු දෙයක් කොහොමද "ලෝකල්" වෙන්නේ ? අපි අපිවම පහත් කරගෙන සදාකාලිකව නීච වෙනවා.

    (අදින් පසු මේ වදන කියන අයට එය නිවැරදි කරගන්නා ලෙස පැහැදිලි කරදී "ලෝකල්" වදනට නිසි වටිනාකමක් දෙමු. Made in Sri Lanka එතනින් පටන් ගමු. එලකිරිවාසීන් වශයෙන් මේ අදහස සමාජගත කරමු)