මගේම චිතකය ඇවිලී අලුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහි
හඩනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි //
ආත්මයම වී මාලග සිටි ඔබ සිටියානම් වැලපෙයි
හිමකදු අතරේ ඈත රටකම ඉරණම ඒ විලසයි
මගේම චිතකය ඇවිලී අලුවෙයි .....
වල් බිහිවී ගිය පාලු සොහොන් බිම කණකොක් හද පමණයි.
ජීවිතයක අවසානය මෙලෙසයි අරුමය ලෝ දහමයි.
මගේම චිතකය ඇවිලී අලුවෙයි ......
Download Song as mp3
http://www.mediafire.com/?az8jnxci1uxnv0a
කාලෙකට පස්සේ අහපු ගොඩක් හිතට දැනුන සින්දුවක්. මේක කියන්නේ පෙම්වතෙක්ද නැත්නම් ජීවිතයේ අවසාන භාගයේ ඉන්න විවාහ පත උන මිනිහෙක් ද කියන එක මට හරියට තේරුම්ගන්න අමාරුයි. ලියමු බලන්න කට්ටිය හොද review එකක් ඔයාලට සිංදුව ගැන දැනෙන හැටි