හිතක ඇතිවන දුක වාවගන්න හරිම අමාරුයි..විශේෂයෙන්ම ආදර හිතක
නමුත් ඔය දුක නොලබපු අය ඉන්නවනම් ඉන්නෙ හරිම අතලොස්සයි...
කවුරු හරි කොහේදි හරි සැබැවින් එහෙමත් නැත්නම් ඒකපාර්ශිකව තමන්ගේ හිතින් විතරක් හරි ආදරය කරපු පිරිස් තමා බහුතරයක් ඉන්නේ...
මේ වගේ හදවත එලිපිට කථාකරන හා අඬන්නට බල කරන මොහොතක කවි නිර්මාන...ගීත මේවා තමයි අපේ දුක නිවනා සාන්තුවරයෝ වෙන්නේ...
මල්ලිටත් තව ජීවිතයේ බොහෝ දුර යන්න තියෙන කෙනෙක්...මේ අත්දැකීම මල්ලිගේ ඉදිරි ජීවිතයට පන්නරයක් මිස දුකක් සෝතැවුලක් කර ගන්න එපා.
ඔතනින් වැටුනොත් නැගිටින්න කල් යනවා.. ගොඩක් දෙනෙක් ඔතනින් වැටිලා ආයෙ තමන්ම නැගිටින්නේ පෙර හිටියටත් වඩා සශ්‍රීක හා නැවුම් බවකින්...
මෙතනදී අප ඉදිරියේ ඇති කාල පරාසය විශාල භූමිකාවක් තිරය පිටු පස සිට රඟපානවා...
කඳුල ඔබේ නිර්මානයෙන් උප කල්පනය හා අර්ථ ගැන්වීම් කරපු අයුර ඉතාම අපුරුයි.. ගීතයකට හොඳ පද වැලක් නේද කියලත් කවිය කියවගෙන යනකොට හිතුනා...
සරල සාර්ථක නිර්මානයක් අපට රහ බලන්න දුන්නට මල්ලිට පින්...
දිගටම ලියන්න...මල්ලිට ජය!!