මේක මුලින් බලන්න.... මේ අපේ EK කවි ස්ටාර් හර්ෂ
අද, ඒ කියන්නේ අගෝස්තු 01 මගේ අම්මගෙ උපන් දිනේ. ඒක නිමිත්තක් කරගෙනම නොවුණත් මේ කවිය අද දාන්න ඕන කියල හිතුණ. මගේ අම්මටයි මටයි නම් උපන් දින කියල විශේෂයක් නෑ. අද හවස මට දුරකතනයෙන් කේක් කවන එක හැර වෙන දෙයක් නෑ. ඒත් අම්මයි තාත්තයි ගැන තියෙන මගේ ආදරයට නම් පැතිරෙන්න ඉඩ බොහෝමයි...

මේ අදහස මගේ හිතේ සෑහෙන කල් ඉඳන් තිබුණ සහ මම හැම විටම කියපු දෙයක්. ළඟදි මලීmsg සහෝදරී එක්ක කරපු කතාවකදි එයත් මට මේ කතාව ළඟින් යන එකක් කිව්වා. ඒ කියන්නේ එයාගෙ අම්මයි තාත්තයි දෙන්න ලෝකේ හොඳම අය කියලා. මට එතකොට තේරුණා මේ අදහසට කාව්යමය වටිනාකමක් තියෙනව කියල. ඉතිං මම මගේ සිතිවිල්ලට අදාල දෙයකුත් එකතුකලා මේකට.


