Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mmahanama1" data-source="post: 21034646" data-attributes="member: 196340"><p>ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ</p><p></p><p>මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්‍ය විශ්වාසය පමනි....</p></blockquote><p></p>
[QUOTE="mmahanama1, post: 21034646, member: 196340"] ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්‍ය විශ්වාසය පමනි.... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom