මේ සිංදුවේ පද වලට මේ වගේ රොක් සංගීතයක් ගැලපෙන්නේ නෑ කියන අය තව පාරක් මේ සිංදුව අහන්න.. ඊට පස්සේ තව පාරක්.. තවත් පාරක්.. හොඳට ඇස් දෙක වහගෙන සිංදුවේ සංගීතයත් එක්ක පද වෙන් කරලා අහන්න..
එතකොට දැනෙන්න පටන් ගන්නවා තාත්තා කෙනෙක් පොඩි කාලේ ඉඳන් කිසිම දුකක් නොදී, කිසිම දුකක් දකින්නවත් නොදී, සියළු සැප සම්පත් ලබාදී රැකගත් පුතා එදා මාලිගයෙන් නික්ම ගියාට පස්සේ ඇතිවන කලබලය, දුක, තරහව, තම පුතුන් සක්විති රජු කිරීමට දහසක් හිතේ බලාපොරොත්තු තබාගෙන සිටි පියෙක් ඒ සියළු බලාපොරොත්තු බිඳ වැටීම් සමඟ ඇතිවන දුක සඟවගෙන, දෙව් ලොව සිටින මහාමායාවන්ටද කම්පා නොවී සිටින්නැයි කරන ඉල්ලීම..