Mahinda ge දේශනය අවලංගුයි -ජනපතිගේ කනගාටුව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Mahinda ge දේශනය අවලංගුයි -ජනපතිගේ කනගාටුව

    බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) සිදුකිරීමට නියමිතව තිබු විශේෂ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කර තිබේ.

    ආරක්ෂක හේතුන් මත අදාළ දේශනය අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් හේතුවෙන් ඔක්ස්‍ෆර්ඩ් සංගමය විසින් මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    අදාළ දේශනය අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

    කෙසේ වුවත් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තමාගේ අනාගත දැක්ම බ්‍රිතාන්‍ය පමණක් නොව ඕනෑම ස්ථානයක කතා කිරීමට තමන්ට හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ඔක්ස්ෆර්ඩ් සංගමය සමග සිය සබදතා අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු එහිදි පවසා ඇතැයි සඳහන්ය. ශ්‍රී ලාංකිකයින් කුමන ස්ථානයක ජීවත් වුව ද ඔවුන් සමගි කිරීම සඳහා තමන් ගන්නා උත්සාහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා තිබේ.

    වසර 30ක කුරිරු ත්‍රස්තවාදයෙන් අනතුරුව සියලු ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍යව ඇත්තේ සැබෑ නිදහස හා සමගිය පමණක් බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
     
    Last edited:

    Similar threads