
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා අතර හමුවක් පෙරේදා (21) පැවැත්විණ.
හැට හය වැනි සැසිවාරයට සහභාගීව සිටින රාජ්‍ය නායකයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා එම සංවිධාන මූලස්ථානයේදී පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයේදී මේ හමුව සිදුවිය. දිවා භෝජන සංග්‍රහය අතරතුර රාජ්‍ය නායකයන් සමඟ කතා බහ කරමින් සිටි ජනාධිපති බරක් ඔබාමා මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟද සුහද කතා බහක නියැළුණේය. සැසිවාරයට එක්ව සිටි රාජ්‍ය නායකයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.