DVD රොම් එක කැඩිලද ?
කොමේ නෙට් ෆ්‍රේම් වර්ක්ස් නැද්ද ? මොකද සමහර බූටබල් පෙන් ක්‍රියේට් කරන සොෆ්ට්වෙයා වලට ඔය ෆ්‍රේම්වර්ක් ඉල්ලනවා.. කමක් නෑ මෙලෝ රෙද්දක් නැතුව CMD එකෙන් ඔක්කොම කරගන්න පුලුවන් 
මුලින්ම තමන්ට ඕනෙ OS එකේ iso ෆයිල් එකක් හොයා ගන්න. පස්සේ ඒක වින්රාර් හෝ 7zip හරහා කොහාට හරි එක්ස්ට්‍රැක්ට් කරගන්න.. සෙවන් වලින් උඩ OS වලනං iso එක උඩ රයිට් ක්ලික් කරල මවුන්ට් දුන්නත් හරි එක්ස්ට්‍රැක්ට් කර කර ඉන්න ඕනෙ නෑ..
දැන් පෙන්ඩ්‍රයිව් එක කොමට කනෙක්ට් කරන්න.. (සැ-යු : මේ වැඩේ කරන්න කලින් පෙන් එකේ තියන වැදගත් දේවල් බැකප් කරගත යුතුය. නැත්තං පස්සේ පෙන් එකේ තිබ්බ ඒවා කෙල උනා කියල අඩා වැටිල වැඩක් නැත
)දැන් Command Prompt > Run as Administrator විදියට ඕපන් කරන්න...
දැන් diskpart කියල ටයිප් කරලා Enter කරන්න..
පස්සෙ list disk කියල ටයිප් කරල Enter කරන්න..
දැන් කනෙක්ට් කරපු පෙන් එකයි. හාඩ් ඩිස්ක් එකයි ඔන්ලයින් කියල පෙන්නාවී...
ඒ වගේම පෙන් එකේ තියන GB ගානයි හාඩ් ඩිස්ක් එකේ තියන GB ගානත් right side එකෙන් පෙන්නනවා...
මේ වගේ තියෙන්න ඕනෙ
Disk 0 Online 320GB
Disk 1 Online 8GB
දැන් පෙන් එක තියෙන්නෙ disk 1 යනුවෙන් නිසා, select disk 1 ටයිප් කරලා Enter කරන්න..
පස්සේ ඒවී Disk 1 is the selected disk. කියලා..
දැන් clean කියල ටයිප් කරල Enter කරන්න.
දැන් ඒවි diskpart succeeded in cleaning the disk. කියල..
දැන් ටයිප් කරන්න create part pri කියල Enter කරන්න..
දැන් ඒවි diskpart succeeded in creating the specified partition. කියල...
දැන් select part 1 කියල ටයිප් කරලා Enter කරන්න,
පස්සෙ format fs=ntfs quick කියල ගහලා Enter කරන්න..
දැන් හිමීට ප්‍රෝග්‍රස් එකක් ගිහිලා කියාවි Diskpart successfully formatted the volume.
දැන් active කියල ටයිප් කරලා Enter කරන්න..
දැන් diskpart marked the current partition as active, කියල ඒවි..
දැන් කරන්න තියෙන්නෙ මුලින් අර මවුන්ට් කරපු හෝ එක්ස්ට්‍රැට් කරපු iso ෆයිල් එකේ ෆයිල්ස් ටික පෙන් එකට කොපි කරගන්න..
හරි ඉතින් ඔහොම කොපි කරා කියල පෙන් එකෙන් බූට් වෙන්නෑ
අන්තිමට මෙහෙමත් කරන්න ඕනේ...
.
.
.
.
දැන් ආයෙත් Command Prompt > Run as Administrator අරගෙන
bootsect /nt60 X: ටයිප් කරලා Enter කරන්න. (මෙතන X කියල දාල තියෙන්නේ පෙන් එකට අදාල letter එක දාන්න ඕනෙ තැනට)
දැන් ඒවි bootcode was successfully updated on all targeted volumes,.කියල දැන් වැඩේ හරි බයෝස් වලින් first boot එක USB දාලා පෙන් එක ගහල රීස්ටාට් කරල බලන්න වැඩේ ගොඩ..

වැදගත් උනානම් Reps වලින් සලකා යන්න..

තවත් මේ වගේ ට්‍රික් දැනගන්න එකතුවන්න TheDeadPool ට්‍රික්ස් සමග
