Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානයේ අබිරහසට ලංකාවත් අෑඳෙයි

සංජය දසනායක

අතුරුදන් වූ මැලේසියානු මගී ගුවන් යානය පැදවූ ප්රධාන ගුවන් නියමු කපිතාන් අහමඩ් ෂාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් එහි තිබී ශ්රී ලංකාව, ඇතුළු රටවල් 4ක පුහුණු ධාවන පථ අඩංගු පරිගණක මෘදුකාංගයක් සොයාගෙන තිබේ. ශ්රී ලංකාව හා ඉන්දියාවේ පුහුණු ධාවන පථ 3ක්, මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා දියාගෝ ගාර්ෂියා දූපත් හි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක පිහිටි මීටර් 1000ට වැඩි ධාවන පථ 5ක් මේ පරිගණක මෘදුකාංගයේ අඩංගුව තිබීම නිසා අතුරුදන් වී යානය පිළිබඳ සොයා බලන පරීක්ෂකයන් මේ ධාවන පථ පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර ඇත.

යානාවේ කපිතාන්වරයාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය බලධාරීන් විසින් රැගෙන ගොස් මැලේසියා පොලිස් මූලස්ථානයේ නැවත සවිකර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර යානය පැහැරගැනීමකින් අනතුරුව ඉන්දීය සාගරයේ ඇමෙරිකානු හමුදා පාලනයේ පවතින දූපතකට ගොඩ බස්සවන්නට ඇතැයි මුලින් මතු කළ අදහස ඇමෙරිකාව විසින් ප්රතික්ෂේප කර ඇතත් යානය එතරම් සැලකිල්ලක් නැති ධාවන පථයකට මුහුදට කඳු මතට හෝ ගොඩබිමකට බස්සවන්නට ඇතැයි යන මතය ඔස්සේ පරීක්ෂණ කණ්ඩායම් සිය පරීක්ෂණ මෙහෙයවන බව පැවැසේ.

මාර්තු 7දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිර දඬුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්රහිම්ගේ ප්රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පළිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

මැලේසියාවේ අධිකරණයක පසුගිය මාර්තු 7දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂ නායකවරයාගේ සමීපතමයකුව සිටි කපිතාන් ෂා විපක්ෂ නායකවරයාට සිර දඬුවම් නියම වීමෙන් පසු කෙළින්ම ක්වාලාලාම්පූර් ගුවන් තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඬුවම් නියම වීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතු යැයි පරීක්ෂකයෝ පවසති.

1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 යානයෙන් මාර්තු 8 අලුයම 12.41ට ගුවන්ගත වන්නේ කිලෝ මීටර් 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යෑමේ අපේක්ෂාවෙන් බව පැවැසේ.

එහෙත් අලුයම 1.33ට යානයේ නියමුවා පවසා තිබුණේ සියල්ල හොඳින් සුබ රාත්රියක් යන්න පමණි. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

වෛද්යවරුන් පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේදී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපැයුම් පැලඳ ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකි යැයිද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන ට්රාන්ස්පොන්ඩරය අක්රිය කර තිබිණි.

බලධාරීන් පවසන්නේ නියමුවා 'සියල්ල හොඳින්, සුබ රාත්රියක්' යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බෝයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියලු සන්නිවේදන යන්ත්ර පළපුරුදු අයකු විසින් ක්රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානාවේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියලු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

කිසියම් ත්රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගත්තේ නම් ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත. පරීක්ෂකයන් මුහුණ දී සිටින ප්රධාන ගැටලුව වී ඇත්තේ යානය රේඩාර් තරංගවලට හසු නොවී කිසියම් ස්ථානකට ගොඩබැස්සවූයේ කෙසේද යන්නයි.

මේ අතර අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා අවශ්ය වේ නම් ශ්රී ලංකා ගුවන් සීමාව සැපයිය හැකි බව සිවිල් ගුවන් සේවා අමාත්ය ප්රියංකර පියරත්න මහතා ප්රකාශ කරයි.

යානය සෙවීම සඳහා අවශ්ය වෙනත් ඕනෑම සහයක් මැලේසියාවට ලබාදිය හැකි බව ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශයද මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා මැලේසියානු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

mawubima

[QUOTE="sherlock, post: 16409928, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානයේ අබිරහසට ලංකාවත් අෑඳෙයි[/SIZE][/B] [IMG]http://globalnation.inquirer.net/files/2014/03/China-Malaysia-Plane.jpg[/IMG] සංජය දසනායක [SIZE="4"]අතුරුදන් වූ මැලේසියානු මගී ගුවන් යානය පැදවූ ප්රධාන ගුවන් නියමු කපිතාන් අහමඩ් ෂාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් එහි තිබී ශ්රී ලංකාව, ඇතුළු රටවල් 4ක පුහුණු ධාවන පථ අඩංගු පරිගණක මෘදුකාංගයක් සොයාගෙන තිබේ. ශ්රී ලංකාව හා ඉන්දියාවේ පුහුණු ධාවන පථ 3ක්, මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා දියාගෝ ගාර්ෂියා දූපත් හි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක පිහිටි මීටර් 1000ට වැඩි ධාවන පථ 5ක් මේ පරිගණක මෘදුකාංගයේ අඩංගුව තිබීම නිසා අතුරුදන් වී යානය පිළිබඳ සොයා බලන පරීක්ෂකයන් මේ ධාවන පථ පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර ඇත. [IMG]http://blogs.channel4.com/world-news-blog/wp-content/uploads/sites/45/2014/03/14_-malaysia_g_w.jpg[/IMG] යානාවේ කපිතාන්වරයාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය බලධාරීන් විසින් රැගෙන ගොස් මැලේසියා පොලිස් මූලස්ථානයේ නැවත සවිකර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර යානය පැහැරගැනීමකින් අනතුරුව ඉන්දීය සාගරයේ ඇමෙරිකානු හමුදා පාලනයේ පවතින දූපතකට ගොඩ බස්සවන්නට ඇතැයි මුලින් මතු කළ අදහස ඇමෙරිකාව විසින් ප්රතික්ෂේප කර ඇතත් යානය එතරම් සැලකිල්ලක් නැති ධාවන පථයකට මුහුදට කඳු මතට හෝ ගොඩබිමකට බස්සවන්නට ඇතැයි යන මතය ඔස්සේ පරීක්ෂණ කණ්ඩායම් සිය පරීක්ෂණ මෙහෙයවන බව පැවැසේ. මාර්තු 7දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිර දඬුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්රහිම්ගේ ප්රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පළිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ. මැලේසියාවේ අධිකරණයක පසුගිය මාර්තු 7දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂ නායකවරයාගේ සමීපතමයකුව සිටි කපිතාන් ෂා විපක්ෂ නායකවරයාට සිර දඬුවම් නියම වීමෙන් පසු කෙළින්ම ක්වාලාලාම්පූර් ගුවන් තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඬුවම් නියම වීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතු යැයි පරීක්ෂකයෝ පවසති. 1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 යානයෙන් මාර්තු 8 අලුයම 12.41ට ගුවන්ගත වන්නේ කිලෝ මීටර් 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යෑමේ අපේක්ෂාවෙන් බව පැවැසේ. එහෙත් අලුයම 1.33ට යානයේ නියමුවා පවසා තිබුණේ සියල්ල හොඳින් සුබ රාත්රියක් යන්න පමණි. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත. වෛද්යවරුන් පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේදී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපැයුම් පැලඳ ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකි යැයිද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන ට්රාන්ස්පොන්ඩරය අක්රිය කර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා 'සියල්ල හොඳින්, සුබ රාත්රියක්' යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බෝයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියලු සන්නිවේදන යන්ත්ර පළපුරුදු අයකු විසින් ක්රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානාවේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියලු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය. කිසියම් ත්රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගත්තේ නම් ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත. පරීක්ෂකයන් මුහුණ දී සිටින ප්රධාන ගැටලුව වී ඇත්තේ යානය රේඩාර් තරංගවලට හසු නොවී කිසියම් ස්ථානකට ගොඩබැස්සවූයේ කෙසේද යන්නයි. මේ අතර අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා අවශ්ය වේ නම් ශ්රී ලංකා ගුවන් සීමාව සැපයිය හැකි බව සිවිල් ගුවන් සේවා අමාත්ය ප්රියංකර පියරත්න මහතා ප්රකාශ කරයි. යානය සෙවීම සඳහා අවශ්ය වෙනත් ඕනෑම සහයක් මැලේසියාවට ලබාදිය හැකි බව ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශයද මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා මැලේසියානු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.[/SIZE] mawubima [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom