Malaysia Flight MH370 Missing-Web sites Gossips

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී.. ලෝකයට සදාකාලික අභිරහසක් වෙයිද.?

    Malaysian-Flight-Investigators-Know-What-to-Look-For-650x339.jpg


    මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන බෝයිං 777 වර්ගයේ ජෙට් ගුවන් යානය ක්වාලාලම්පුර් සිට චීනයේ බිජිං බලා යන අතරතුර ගුවනේදී අතුරුදන්වී දැන් සතියක් ගෙවී ඇත.

    පසුගිය 8 වෙනි සෙනසුරාදා අළුයම 12.21ට ක්වාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙම යානය ගුවන් ගත වූයේ රටවල් 15කට අයත් මගීන් 227 දෙනකුද නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනකු සමගිනි.
    missing_montrealers_malaysian_airlines.jpg



    යානය ගුවන් ගතවී පැයක් පමණ ගත වන තුරු ක්වාලාලම්පුර් ගුවන් තොටේ රේඩාර් පද්ධතිය හා සම්බන්ධව තිබූ බව පවසන අතර අළුයම 1.20 පමණ වන විට එය වියට්නාමයට නොදුරෙන් දකුණු චීන මුහුද මතින් ගමන් කරමින් තිබි ඇත.

    නියමිත වේලාවට ගුවන් ගත වූ යානය මේ මොහොත වන විට වියට්නාමයට ඇතුළු වී සිටිය යුතු මුත් ඊට නාවික සැතපුම් 100ක් පමණ දුරින් සිටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත.

    මැ‍ලේසියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක අහමඩ් යා මහතාද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ යානය මේ මොහොතේ
    වියට්නාමයේ හෝචිමිං නුවරට ඉහළින් පියාසර කළ යුතුව තිබූ බවකි.


    missing-malaysia-flight-239-was-hijacked-and-stolen.jpg

    යානයේ කිසියම් දෝෂයක් පිළිබඳව නියමුවන් ක්වාලලාම්පූර් ගුවන් පාලක මධ්‍යස්ථානයට වාර්තා කර නැති බව ඒ මහතා පවසයි. ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් මේ පිළිබඳ පවසනුයේ මෙවැනි පමාවක් එතරම් ගණන් නොගත යුතු බවයි.

    එහෙත් මැ‍ලේසියා සිවිල් ගුවන් අධිකරණය පවසනුයේ එදින ඉතා පැහැදිලි අහසක් සහ කුණාටුවලින් තොර කාලගුණයක් තිබූ බැවින් මේ පමාව ගැන සැලකිලිමත් විය යුතු බවයි. මෙම යානය අතුරුදන් වන අවස්ථාවේදී එය ස්වයං නියමු පද්ධතියට නතුව පැවැති බවද වාර්තා වෙයි.

    ලොව ඇති වඩාත් ආරක්ෂා සහිත මෙන්ම දියුණු පරිගණක ආරක්ෂක පද්ධතියක්ද සහිත බෝයිං 777 යානා ස්වයං නියමු පාලනයට නතු කිරීමට නියමුවන් පෙළඹීම අරුමයක් නොවන මුත් මෙම යානය ස්වයං නියමු පද්ධතියට නතු කිරීමට හේතුවක් සිතාගත නොහැකි බව මැ‍ලේසියානු ගුවන් බලධාරීන් පවසති.

    යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වන අවස්ථාවේ එය ‍පොළවට සමාන්තරව ඉතා පහසු පියසැරියක යෙදෙමින් තිබි ඇත. යානය අඩි 35000ක් ඉළින් ගමන් කරනා බව තම රේඩාර් සටහන මගින් පැහැදිලි වූ බව මැ‍ලේසියානු ගුවන් ගමන් පාලක මැදිරිය පවසයි.

    බොයිං යානා නිපදවන ලෝපතල බෝයිං සමාගමේ ප්‍රකාශකයකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ අඩි 35000ක් ඉහළ අහසේ ස්වයං නියමු පාලයට නතුව තිබූ යානයක් එකවරම හැරවීමේදී එය ස්ථිර ලෙසම පුපුරා යන බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ යානයේ ගමන් වේගයට වායුගෝලීය ඝර්ෂණ තත්ත්වය බලපා එවැනි පිපිරීමක් සිදුවන බවයි.

    ලොව පුරා ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් ගණනාවක් මෙම මතය තහවුරු කර ඇති අතර ක්වාලාලම්පූර් ගුවන් ගමන් පාලක මැදිරිය යානය හැරවූ බව මිස එහි වේගය අඩාල කළ බව සඳහන් නොකරන බැවින් මෙම මතය බැහැර කළ නොහැක.

    මෙම යානය අතුරුදහන් වූ බව වාර්තා කළ පසු ප්‍රථම සෝදිසි මෙහෙයුම දියත් කළේ වියට්නාම් නාවික හමුදාවය. ඔවුන් තමන් සතු අන්ටනොව් ඒව්26 වර්ගයේ යානයකින් නාවික සැතපුම් 200 ප්‍රදේශයක් නිරීක්ෂණය කළ අතර එහිදී වියට්නාම භූමියට නාවික සැතපුම් 100 පමණ ඔබ්බෙන් සාගරයේ විසිරි ඇති තෙල් පැල්ලමක් නිරීක්ෂණයට හසු වී ඇත. මෙම තෙල් පැල්ලම සැතපුම් 12 පමණ දුරට සාගරයේ විසිරී ඇති බව ඔවුන් පවසයි.


    ජපානයේ ඔකිනාවා යුද කඳවුරේ සිට සෝදිසි මෙහෙයුමට එක්වූ ඇමෙරිකානු .3ඛි ඔරියන් වර්ගයේ යානයක්ද මෙම තෙල් පැල්ලම දැක තිබේ. මෙම කලාපයේ නාවික යාත්‍රා අනවසරයෙන් සිය දැවිතෙල් බැහැර කරන බැවින් මෙහි නියැදියක් පරික්ෂා කළ යුතු බව ගුවන් සේවා විශාරදයෝ පවසති. එවැනි පරීක්ෂණයක් සිදු කළේද යන්න වාර්තා නොවනමුත් මේ වන විට සෝදිසි කණ්ඩායම් එම තෙල් පැල්ලම පිළිබඳ අවධානය ඉවත්කර ඇතැයි පැවැසේ.

    යානය ත්‍රස්තවාදීන්ගේ පැහැර ගැනීමකට ලක්වූයේද යන්නද බැහැර කළ නොහැකි මතයකි. වසර දෙකකට පමණ පෙර තායිලන්තයේ ෆ්‍රකට් හිදී සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකක් යොදාගෙන වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යානයට ගොඩ වී ඇති බව තහවුරු වී තිබිම නිසා ත්‍රස්ත ප්‍රහාරයක අවධානම බැහැර කළ නොහැකි බව කියවේ.

    මේ බව අනාවරණය වූයේ අනතුරින් අතුරුදහන් බවට වාර්තා වන ඉතාලි ජාතික ලුයිහි මොරල්ඩී සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටියන් කොසෙල් නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වීම සමගය. මෙම දෙදෙනාම තම ගුවන් ගමන් බලපත්‍ර සොරකම් කර ඇති බව මීට දෙවසරකට පමණ පෙර තායිලන්ත ‍පොලීසියට පැමිණිලි කර ඇත.

    මෙම ගුවන් බලපත්‍ර දෙක වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කර ඇත්තේ ඉරාන ජාතිකයෙකු බව වාර්තා වීමත් සමග ඇමෙරිකාවේ FBI සහ පෙන්ටගන් ආයතනද සිද්ධිය විමර්ෂණයට දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ.

    මෙම අතුරුදහන් වීම ගැන විශේෂයෙන් සොයා බැලීමට FBI නියෝජිත පිරිසක් මලයාසියාවට පිටත්ව ගොස් ඇති අතර , පිලිපීනය වියට්නාමය වැනි රටවල සිටින තම නියෝජිතයන්ද මේ පිළිබඳ උනන්දු වන බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසයි.

    මෙම යානයේ ඇමෙරිකානුවන් 20 දෙනෙකු ගමන් ගත් බව මුලින් ප්‍රකාශ වුවද ඒ සැබෑවටම එහි ගමන් කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකු පමණක් බව දැන් වාර්තා වෙයි. ප්‍රකට ඇමෙරිකානු සමාගමක් වන IBM ආයතනයේ ඉහළම නිලධාරියෙකුද මෙහි ගමන් කළ බව වාර්තා වෙයි.

    යානය අතුරුදහන් වූ බව දැනගත් වහාම එම කලාපයේ පියාසරමින් තිබූ වෙනත් ගුවන් යානාවලට ඒ බව දැන්වූ මුත් කිසිදු යානයක් අතුරුදහන්වූ බෝයිං 777 යානය දැක නැත.

    යානය පැහැර ගැනීමකට ලක්වූයේ නම් එය ඉන්පසු ගමන් ගත් මාර්ගය වෙනත් කාලපයක රේඩාර් තිරයක සටහන් විය යුතුය. එහෙත් ලොව කිසිම ගුවන් කලාපයක රේඩාර් තිරයක මෙම යානය සටහන් වූ බව වාර්තා නොවෙයි.

    යානය පැහැරගත්තා නම් එය රේඩාර් පථ මගහැර පියාසර කළේද යන සැකය ඇතැමුන් විසින් මතුකරන මුත් බෝයිං යානයක් රේඩාර් මග හරිනා තරමට පහත්කිරීම කර පියාසර කළ නොහැකි බව ගුවන් යානා පිළිබඳ විශේෂඥයෝ පවසති.

    මැ‍ලේසියාවේ සිටින සී.එන්.එන්. වාර්තාකරු ඇන්ඩර්සන් කූපර් යානයේ ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණය ගැන එරට බලධාරීන්ගෙන් විමසා ඇත. ඔවුන් පවසා ඇත්තේ පැය 7කට පමණ ප්‍රමාණවත් ඉන්ධන යානයේ තිබූ බවයි. ඒ අනුව මැ‍ලේසියානු බෝයිං යානයට එදින උදෑසන 8න් පසු පියාසැරීමට ඉන්ධන නොමැති බව වටහා ගත හැක.

    එසේ නම් මේ යානය කොතනකට හෝ ගොඩ බැස්සීම හෝ කඩා වැටීම සිදුවිය යුතු බව පැහැදිලි වෙයි. සැහැල්ලු ගුවන් යානයක් මෙන් මෙවැනි යෝධ ජෙට් යානයක් ගොඩ බැස්විය නොහැකි බැවින් යානය පැහැර ගෙන සඟවා ගෙන ඇතැයි යන්න බැහැර කළ හැකි බව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. මෙම ගුවන් යානයට නැගීමෙන් වැළකුණු මගීන් දෙදෙනෙකු පිළිබඳවද මේ වන විට අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

    මෙම සිදුවීම නියමුවන්ගේ අත්වැරැද්දකින් සිදුවිය නොහැකි දැයි තවත් පාර්ශ්වයන් විමසා සිටියි. එහෙත් මෙම යානයේ නියමුවන් දෙදෙනා ඉතා පළපුරුදු නියමුවන් වන බැවින් එසේ වීමට ඉඩ නැතැයි මැ‍ලේසියානු ගුවන් සේවය පවසයි.

    HT_malaysia_pilot_zaharie_ahmad_shah_sk_140314_16x9_992.jpg

    යානයේ ප්‍රධාන නියමු කපිතාන් සහරේ අහමඩ් ගා 1981 සිට බෝයිං යානා පදවන බවත්, මේ වර්ගයේ යානා පැදවීමට ඔහු ප්‍රවීණයෙකු බවත් ඔවුහු පවසති. සහරේ අහමඩ් ගා ගේ පවු‍ලේ උදවිය පවසනුයේ සහරේ ගුවන් යානා ලෝලියෙකු බවත් ඔහුගේ නිවසේ පවා සිමියු‍ලේටරයක් (නියමු කුටියක තත්ත්වයට සමාන වායු පීඩනයක් ඇති කුටියක්) සකස් කර තිබෙන බවත්, නිවසේ සිටින විට ඔහු වැඩි වශයෙන් එහි රැඳී සිටින බවත්ය.

    ඔහු ගුවන් පැය 8000ක් ඉක්මවූ පළපුරුදු නියමුවෙකු බවත්, සහය නියමුවා වන ෆරාක් අබ්දුල් ද දීර්ඝ පළපුරුද්ද සහිත නියමුවෙකු බවත් ක්වාලාලම්පූර් නුවරින් වාර්තා වෙයි.

    දකුණු චීන මුහුදේ තෙල් අටල්ලක (Oilrig) සිටි පුද්ගලයෙකු යානයක් ගිනි ගෙන දැවෙනු දැක ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර ඇත. කිසිදු අනතුරක්, ගින්නක් වැනි යමක් නියමුවන් වාර්තා කර නොමැති නිසා යානය හදිසි අනතුරකට ක්ෂණිකව මුහුණ දුන්නේදැයි යන සැකය බොහෝ දෙනෙකු තුළ ඇත.

    යානය තුළ සිටි ත්‍රස්තවාදියෙකු ස්වයං නියමු පාලනයෙන් යානය මුදවා හැරවීමට ගත් උත්සාහය නිසා එය පුපුරා ගියේදැයි යන සැකය ප්‍රබලව මතුව ඇත. ඒත් නියමු කුටියට ඇතුළුවීම ඉතා අසීරු කරුණක් බව ඕනෑම කෙනෙකු දනී.

    ap_malaysia-search_kb_140313_16x9_992.jpg


    බෝයිං 777 යානය සතුව එන්ජින් දෙකක් තිබෙන අතර එක එන්ජිමක් අක්‍රිය වුවද අනෙක් එන්ජිමෙන් නිරුපද්‍රිතව යානයට ගඩොබෑ හැක. වර්ෂ 2008දී ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටු‍පොළට එක එන්ජිමක් අක්‍රිය වූ බෝයිං යානයක් තනි එන්ජිමෙන් ගොඩබැස්වීම එයට හොඳ උදාහරණයකි.

    මෙම ගුවන් යානය 2012 වසරේදී ගුවන් තොටු‍පොළ අංගනයේදී තවත් යානයක ගැටුන අතර එහිදී මෙහි තටුවකට හානි වූ බව වාර්තා වෙයි. එම අනතුරින් පසු මෙම යානය අලුත්වැඩියා කර ධාවනයට එක්කර දැන් මාස ගණනාවක් ගොස් ඇති බැවින් එම අනතුර මෙයට බලපා නැති බව මලයාසියානු ගුවන් සේවය පවසයි.

    මේ අතර අතුරුදන් වූ යානයේ සිටි මගීන්ගේ ඇතැම් ජංගම දුරකථන තවමත් නාදවන බවට ද සමහරුන් පවසා ඇත.


    මෙම යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට හැරවූ බවට දැන් දැන් වාර්තා ලැබෙමින් පවතී. මලක්කාවට ඉහළ අහසේ ගමන්ගත් ගුවන් යානා කිහිපයක් මෙලෙස අබිරහස් ලෙස අතුරුදහන්වී ඇත. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජයවර්ධන මහතා ගමන් ගත් ලියර් ජෙට් යානය අතුරුදහන් වූයේ ද මලක්කාවට ඉහළිනි.

    ඊට අමතරව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් හඳුන්වන සමුද්‍ර කලාපයේද මෙවැනි ගුවන් යානා අතුරුදහන්වීම් ගණනාවක් සිදුවී ඇත. එවන් එක් යානයක සිටි නියමුවෙකු තමුන් අභිරහස් ආලෝකයක් විහිදුවන යානයක් ලුහුබඳිමින් යන බව අවසන් වශයෙන් තම පාලක මැදිරියට දන්වා ඇත.

    මැ‍ලේසියානු යානයටද එවන් අදෘශ්‍යමාන පිටසක්වල බලපෑමකට නතුව අතුරුදහන් වූයේ ද යන සැකය කීප පාර්ශ්වයකින්ම මතුවෙමින් තිබේ.

    මලයාසියාව, පිලිපීනය, ඇමෙරිකාව, චීනය, වියට්නාමය යන රටවල් වලට අයත් ගුවන්යානා 20,හෙලිකොප්ටර් යානා 6, නෞකා 25ක් පමණක් නොව පෘථිවි කක්ෂයට ඉහළින් ඇති චන්ද්‍රිකා 10ද මේ අභිරහස විසඳා ගැනීමට දිවා රෑ වෙහෙසෙති.


    එහෙත් මේ යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී ගියේ කෙසේද යන්න ලෝකයට සදාකාලික අභිරහසක් වෙයි දැයි බොහෝ දෙනා සැක කරති.

    - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු


    Hot & fast news.com

    see the latest news go to end of thread
     
    Last edited:
    • Like
    Reactions: Appuham"e"

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් යානයේ නියමුවා මෙරට ගුවන් ධාවනපථ අධ්‍යයන කරලා
    Published on Tuesday, 18 March 2014 13:09
    AP_malaysia_missing_plane_messages_jt_140315_16x9_992.jpg



    Piolet 410px 14 03 18පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමු අහමඞ් ෂා මෙරට ගුවන් ධාවන පථ ද අධ්‍යයනය කළ බවට තොරතුරු ලැබී ඇතැයි මැලේ ඬේලි පුවත්පත වාර්තා කර ඇත.

    missing-malaysian-flight.jpg


    ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනේ ගුවන් ධාවන පථ මෙන්ම ඇමරිකානු හමුදා රැදී සිටින දියේගෝ ගාර්ෂියා දිවයිනේ ගුවන් ධාවන පථවල තොරතුරු මොහුගේ පරිගණක දත්තවල තිබූ බව සඳහන්වේ.



    නැති වූ ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියානු පොලීසිය නියමුවන්ගේ නිවෙස්වලට ගොස් අදාළ උපකරණ සිය භාරයට ගෙන තිබේ.

    කෙසේවුවද, චීනය අද ප‍්‍රකාශ කළේ ගුවන් යානය ත‍්‍රස්ත කි‍්‍රයාවකට හෝ පැහැර ගැනීමකට සම්බන්ධ නම් ඊට එහි ගමන් ගත් සිය පුරවැසියන් කිසිවෙකු සම්බන්ධ නැති බවයි.


    Srilanka mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් වූ යානයේ නියමුවා අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා

    Malaysian-pilot-1-415x260.jpg



    HT_malaysia_pilot_zaharie_ahmad_shah_sk_140314_16x9_992.jpg


    නියමුවා කීවේ
    ''සියල්ල හොදින්,
    සුබ රාත්‍රියක්"
    යන්න පමණි.


    අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි දැන් දැන් උණුසුම් පුවත් හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වන අප වෙත වාර්තා වෙමින් පවතිනවා. ඇමෙරිකා වේ රහස් ඔත්තු සේවයේ පරීක්ෂකයෝ ඇතුළු මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිනවා.

    src.adapt.480.low.jpg


    මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී තිබෙනවා.

    මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ
    යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබෙනවා.

    මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ තිබෙනවා.

    ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසනවා.

    1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.

    නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි.

    මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

    වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

    යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි.

    බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

    කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.

    කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.

    බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.

    බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.

    මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.


    Hot & fast
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේසියන් යානය හොයන්න ලංකාවෙන් අවසර

    2014 මාර්තු 18 03.05p.m

    missing-malaysia-flight.jpg


    අභිරහස් ලෙස අතුරුදන්ව ඇති, මැලේසියානු ගුවන් යානය පිළිබඳව සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිතා කිරීමට විදෙස් රටවල් කිහිපයකට ලංකා රජය විසින් අවසර ලබා දී ඇත.

    මේ අනුව මලයාසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව යන රටවල ගුවන් යානාවන්ට ලංකා ගුවන් කලාපය තුලද නිරීක්ෂණ හා මුදවාගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට ලංකා රජය අවසර ලබා දී තිබෙන බව විදේශ අමාත්‍යංය සඳහන් කරයි.

    කෙසේ වෙතත් මීට අමතරව මෙම මලයාසියානු යානාව සෙවීම සඳහා වෙනත් අයුරක දායකත්වයක් සපයන ලෙස කිසිදු රටක් මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බවද විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

    Malaysia-Plan_2853876b.jpg



    මීට අමතරව ගුවන් යානය පිළිබඳ යම් තොරතුරක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රේඩාර් තොරතුරු පසුවිපරමකට ලක්කිරීමටද මෙරට බලධාරීන් තීරණය කර ඇති බවද වාර්තා වේ.චීනය සිය පාලන කලාපය තුළ යානය සෙවීම අඟහරුවාදා (18) ආරම්භ කළ බව චීන රජය ප්‍රකාශ කර ඇත.

    මාර්තු 08 දින අතුරුදන් වූ ගුවන් යානාවේ මගීන් 239 දෙනා හා යානය සොයා මේ වනවිට රටවල් 26 ක් මෙහෙයුම් ආරම්භ කර ඇත.

    පැතුම් වික්‍රමරත්න


    lakbima
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I hope this will be found...
    But there's a great chance of this aircraft being hijacked by CIA. and taken to Diego Garcia.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්
    article-2582504-1C5AA93600000578-951_634x453.jpg


    යානයේ නියමුවන් දෙදෙනා ගුවන් තොටුපොළට ඇතුළු වෙද්දී
    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට තිබෙන බව මැලේසියානු බලධාරීහු පවසති.

    උතුරු ප්‍රදේශයෙන් මධ්‍යම ආසියාව කරා එක් ගුවන් පථයක් විහිද යන අතර, පරීක්ෂාවට ලක් කෙරෙන අනෙක් ගුවන් පථය විහිදෙන්නේ ඉන්දීය සාගරය ඔස්සේයි.
    Malaysia-new2.jpg

    සබැඳි යොමු
    යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ'
    ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?
    යානය සොයා උතුරට සහ දකුණට
    වැඩි තොරතුරු සඳහා තවත් යොමු
    සබැඳි තේමා
    ජාත්‍යන්තර, චීනය , ඉන්දියාව
    පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රදේශය සීමා කිරීමේ පිණිස රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද බලධාරීහු ප්‍රකාශ කරති.

    කිලෝමීටර තුන්දාහක්
    ක්වාලාලම්පූර් නුවර සිට බෙයිජිං බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු යානයේ ගමන් මාර්ගය, යානය තුල සිටි කිසිවකු විසින් වුවමනාවෙන්ම වෙනස් කරන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.

    මීට දින දහයකට ඉහතදී අතුරුදහන් වූ යානය චීන භූමිභාගය තුල සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මේ අතර චීනය ප්‍රකාශ කරයි.

    එය මධ්‍යම ආසියාව දක්වා දිවෙන කිලෝමීටර තුන්දාහක විශාල ප්‍රදේශයක් බවයි, බෙයිජිං අගනුවර සිටින බීබීසී වාර්තාකරු මාටින් පේශන්ස් පවසන්නේ.


    යානයේ මගීන් යලි එනතුරු බලා සිටින ඥාතීන්
    "චීනයේ දකුණු දේශසීමාවේ ඉඳල, හිමාලය කඳුවැටියට උඩින් මධ්‍යම ආසියාවේ කාන්තාර දක්වා විශාල ප්‍රදේශයක සොයන්න වෙනවා. චීන බලධාරීන් කියන්නේ. මෙතරම් විශාල ප්‍රදේශයක් හරහා, රේඩාර් තිරයට අසු වෙන්නේ නැතිව, ගුවන් යානයකට පියාසර කරන්න පුලුවන්ද කියල හිතා ගන්නත් අමාරුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.


    bbc
     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    pixxu hadena case ekakne.. :baffled:ara sci fi film wala wage ekasareta wena lokekata giyawathda me flight eka.:shocked::shocked:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මලයාසියාවට පීඩනය වැඩිවෙයි - චීන ජාතිකයින් මාරාන්තික උපවාසයකට සුදානම්

    Malaysian-missing-plane-3227607.jpg


    අතුරුදන් වු මලයාසියානු ගුවන් යානය පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කිරීමට මලයාසියානු බලධාරීන් අසමත්වන්නේ නම් තමන් මාරාන්තික උපවාසයක නිරත වන බව යානයේ ගමන් ගත් චීන ජාතික මගීන්ගේ ඥාතීන් පවසයි.

    අදාළ ගුවන්යානය අයත් සමාගමේ බලධාරීන් සමඟ චීනයේ බීජිං නුවර ඊයේ පැවති සාකච්ජාවක් අතරතුර දී මගීන්ගේ ඥාතීන් මෙය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.


    මලයාසියාවේ, ක්වාලාලාම්පුර සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වු ගුවන් යානයේ චීන ජාතිකයින් 153 දෙනෙකු සිට තිබුණි.

    යානය අතුරුදන්වී දින 11 ගතවුවත් මේවනතෙක් යානය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් සොයා ගැනීමට මලයාසියානු බලධාරීන් අසමත්ව ඇති බව ඔවුන්ගේ ඥාතීන් පවසයි.

    පසුගිය 08 වනදා මගීන් සහ කාර්ය මණ්ඩලය 239 දෙනෙකු රැගත් එම්.එච්. 370 දරණ මලයාසියානු ගුවන් යානය අතුරුදන් වු අතර මේ වන විට යානය සොයා රටවල් 25ක් සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටියි.


    ada derana
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානයේ අබිරහසට ලංකාවත් අෑඳෙයි

    China-Malaysia-Plane.jpg

    සංජය දසනායක

    අතුරුදන් වූ මැලේසියානු මගී ගුවන් යානය පැදවූ ප්‍රධාන ගුවන් නියමු කපිතාන් අහමඩ් ෂාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් එහි තිබී ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් 4ක පුහුණු ධාවන පථ අඩංගු පරිගණක මෘදුකාංගයක් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ පුහුණු ධාවන පථ 3ක්, මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා දියාගෝ ගාර්ෂියා දූපත් හි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක පිහිටි මීටර් 1000ට වැඩි ධාවන පථ 5ක් මේ පරිගණක මෘදුකාංගයේ අඩංගුව තිබීම නිසා අතුරුදන් වී යානය පිළිබඳ සොයා බලන පරීක්ෂකයන් මේ ධාවන පථ පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර ඇත.
    14_-malaysia_g_w.jpg

    යානාවේ කපිතාන්වරයාගේ නිවෙසේ තිබූ ගුවන් යානා ආකෘතිය බලධාරීන් විසින් රැගෙන ගොස් මැලේසියා පොලිස් මූලස්ථානයේ නැවත සවිකර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර යානය පැහැරගැනීමකින් අනතුරුව ඉන්දීය සාගරයේ ඇමෙරිකානු හමුදා පාලනයේ පවතින දූපතකට ගොඩ බස්සවන්නට ඇතැයි මුලින් මතු කළ අදහස ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇතත් යානය එතරම් සැලකිල්ලක් නැති ධාවන පථයකට මුහුදට කඳු මතට හෝ ගොඩබිමකට බස්සවන්නට ඇතැයි යන මතය ඔස්සේ පරීක්ෂණ කණ්ඩායම් සිය පරීක්ෂණ මෙහෙයවන බව පැවැසේ.

    මාර්තු 7දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිර දඬුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පළිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

    මැලේසියාවේ අධිකරණයක පසුගිය මාර්තු 7දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂ නායකවරයාගේ සමීපතමයකුව සිටි කපිතාන් ෂා විපක්ෂ නායකවරයාට සිර දඬුවම් නියම වීමෙන් පසු කෙළින්ම ක්වාලාලාම්පූර් ගුවන් තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඬුවම් නියම වීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතු යැයි පරීක්ෂකයෝ පවසති.
    1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 යානයෙන් මාර්තු 8 අලුයම 12.41ට ගුවන්ගත වන්නේ කිලෝ මීටර් 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යෑමේ අපේක්ෂාවෙන් බව පැවැසේ.

    එහෙත් අලුයම 1.33ට යානයේ නියමුවා පවසා තිබුණේ සියල්ල හොඳින් සුබ රාත්‍රියක් යන්න පමණි. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

    වෛද්‍යවරුන් පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේදී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපැයුම් පැලඳ ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකි යැයිද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.
    යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන ට්‍රාන්ස්පොන්ඩරය අක්‍රිය කර තිබිණි.

    බලධාරීන් පවසන්නේ නියමුවා 'සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්' යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බෝයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියලු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානාවේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියලු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.
    කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගත්තේ නම් ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත. පරීක්ෂකයන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇත්තේ යානය රේඩාර් තරංගවලට හසු නොවී කිසියම් ස්ථානකට ගොඩබැස්සවූයේ කෙසේද යන්නයි.

    මේ අතර අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා ගුවන් සීමාව සැපයිය හැකි බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර පියරත්න මහතා ප්‍රකාශ කරයි.

    යානය සෙවීම සඳහා අවශ්‍ය වෙනත් ඕනෑම සහයක් මැලේසියාවට ලබාදිය හැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයද මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා මැලේසියානු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.


    mawubima
     
    Last edited:
    • Like
    Reactions: earl007

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් ?

    වනාන්තරයකට ඉහළින් ගිය බවට චන්ද්‍රිකා සාක්ෂියක් ?
    2014 මාර්තු මස 19 09:54:23 | වේරගොඩගේ සජිව විජේවීර

    අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.
    මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.
    පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.


    web-1.jpg


    web-2.jpg


    lankadeepa
     
    • Like
    Reactions: BlueBat

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානය සෙවීමට චීන නැව් නවයක්

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 19 බදාදා - 13:26 GMT

    missing-malaysian-airlines-flight-crash.jpg

    අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය සෝදිසියට
    මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී සුළු වේලාවකට පසු තම රේඩාර් සංඥා මත ගුවන් ගමනක් සටහන් වී ඇති බව තායිලන්තය පවසන බැවින් එම ප්‍රදේශය තුළ නව සෝදිසි මෙහෙයුම් කිරීම සඳහා චීනය විසින් නාවික යාත්‍රා යොදා ගනු ලැබ තිබේ.

    බෙංගාල බොක්ක සහ ඉන්දුනීසියාවෙන් බටහිරට වූ ප්‍රදේශයේ තුළ නව සෝදිසි මෙහෙයුම් සඳහා චීනය නැව් නවයක් පිටත් කර හැර ඇත.

    සබැඳි යොමු
    යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්
    යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ'
    ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?
    මාර්තු මස 8 වෙනිදා මගීන් 239 සමග අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට රටවල් විසි හයකට අයත් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් කරමින් සිටිති.
    missing-malaysian-airlines-flight-crash.jpg

    සුමාත්‍රාව අවට මෙහෙයුම්
    මෙලෙස සෝදිසියට ලක් වන මුළු ප්‍රදේශය ප්‍රමාණයෙන් දළ වශයෙන් ඕස්ට්‍රේලියාවේ විශාලත්වයට සමාන වන බවයි පැවසෙන්නේ.

    මැලේසියාව පවසන්නේ ක්වාලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කල යානයේ ගමන් මග උවමනාවෙන්ම වෙනස්කොට අවසන් වරට පියාසර කරමින් තිබුණේ යැයි සැලකෙන මලක්කා ප්‍රදේශයේ සිට උතුරු හෝ දකුණු දෙසට ගමන් කරවා ඇති බවයි.

    මේ අතර, ගුවන් යානයේ කාර්යමණ්ඩලය හෝ යානයේ ගමන්ගත් අයෙක් මේ අතුරුදහන් වීමට සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂකයන් ගේ අවධානය යොමු වී තිබේ.

    කි. මී. 300,000 ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස සෝදිසි මෙහෙයුම් කිරීම පිණිස බදාදා උදෑසන චීන නව්කාවක් පිටත් කළ බවයි ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ.

    අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය මෙම නව්කාව මගින් සෝදිසියට ලක්වන බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.


    BBC
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 අතුරුදන් වූ පසු චන්ද්‍රිකා සමග සබඳතා
    March 20, 2014 at 3:21 am | lanka C news
    MH-370 අතුරුදන් වූ පසු චන්ද්‍රිකා සමග සබඳතා

    malaysia+ma.jpg

    පසුගිය 08 වන සෙනසුරාදා දින සිට අභිරහස් ලෙස අතුරුදන්ව ඇති MH-370 මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූ දින අලූයම 1.30 සිට උදෑසන 8.11 දක්වා පැයකට වරක් ඉස්මාර් සැට් නම් චන්ද්‍රිකාව මගින් හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.

    යානය රේඩාර් තිරයෙන් නොපෙනී ගියත් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත්තේ විශේෂ විද්‍යුත් සංඛ්‍යාත මගින් වීම විශේෂත්වයකි.

    ඒ අනුව ප‍්‍රංශ සිවිල් ගුවන් ආරක්ෂක අධිකාරිය විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මැලේසියාව වෙත පිටත්කර යවා ඇත. මොවුන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතය.


    c news
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් ගමනේ අභිරහස
    Beetle
    19
    Mar 2014
    Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand

    කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර කපාගෙන හීයක් සේ එම මාර්ගයේ ඇදී යයි… මේ අතර සහායක නියමු අබ්දුල් හමීඩ් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කපිතාන්ගේ නියෝගය ලැබෙනතුරුයි… තවත් සුළු මොහොතකින් යානය මැලේසියානු ගුවන් පාලන සීමාවෙන් ඔබ්බට ඇදී යන බව ඔහු දනී… ඉන් අනතුරුව වියට්නාම ගුවන් පාලන සීමාවට ඇතුළුවීමට පෙර ඇති බ්ලැකවුට් කාලය තුළදී ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කළයුතුව තිබේ…

    කපිතාන් ෂා සෙමින් හිස සැලූයෙන් සහායක නියමු හමීඩ් මැලේසියානු පාලක මැදිරිය ඇමතීය…

    “SZBTower…This is MH370………..requesting ATC switch to SGN…”

    “MH370 maintain 35000…heading……. 30…”

    “heading 30…”

    “MH370 ATC switch approved………. Good night”

    “All right… Good Night…”

    යැයි පැවසූ සහායක නියමු තම හිස පැලඳි රිසීවරය ගලවා දැමීය…

    මෙතැන් පටන් සියල්ල අතිශය තීරණාත්මක බව කපිතාන් ෂා දනී… දකුණුපස ඇති FMC පරිඝනකයේ යතුරු අතර ඔහුගේ ඇඟිලි කඩිනමින් දිවයයි… රේඩාර් තිරයේ යානය ගමන් කල යුතු මඟ දම්පැහැයෙන් දිස්වෙද්දී තිරය මත අලුත් මාර්ගයක් සුදු පැහැති කඩ ඉරි වලින් ඇඳෙන්නේ “Are you sure you want to change the course?” යන පණිවුඩය සමඟිනි…

    කපිතාන් ෂා තම සහායක නියමු යානයේ ට්‍රාන්ස්පොන්ඩර ක්‍රියා විරහිත කරන තුරු මොහොතක් පමාවිය… තමා මේ කරන්නේ නිවැරදි දේද..? තවත් වරක් සිතන්නට මේ තත්පර කිහිපය ඔහුට ඉසිඹුවක් ලබාදේ… තමා සියයට සියයක් නිවැරදි නැති බව ඔහු හොඳින් දනී… තමා පමණක් නොව තම සහායක නියමුවාත්, මෙම මෙහෙයුමට සම්බන්ධව සිටින අනෙක් සියල්ලෝත් නිවැරදි මිනිසුන් නොවන බව ඔහු දනී… එහෙත් මේ වැරදි මිනිසුන් පිරිසක් එක්ව කරන නිවැරදි වැඩක් බව ඔහුගේ සිත ඔහුට හඬගා පවසයි… කපිතාන් ෂා ගේ දබරැඟිල්ල “YES” නම සඳහන් යතුර උඩ තෙරපෙද්දී MH370 යානය තම සැමියාට අවනතවන කීකරු බිරිඳක් සේ සෙමින් වම්පසට ඇලවී අලුත් මාර්ගයට අනුගත වෙන්නීය…

    කැබින් එක වෙත ගුවන් ගමන් සිතියමේ සජීවී දර්ශන නොලැබෙන බව කපිතාන් ෂා තහවුරු කරගනිද්දී තම ගමන් මල්ලෙන් අයි පෑඩයක් පිටතට ගන්නා හමීඩ් එය කපිතාන් ෂා අතට පත් කරයි… අඩි 33000 ඉහළ අහසේ මේ මොහොතේත් ලෝකගෝලය වටා විසිරෙන මැස්සන් රැළක් මෙන් ඔබ මොබ යන ගුවන් යානා සිය ගනනක් විය හැක… සැකයක් නැතුවම ඒ කිසිදු ගුවන් යානයක නියමුවෙකු නොකරන අසාමාන්‍ය කටයුත්තකට MH370 හි මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතගසා තිබේ… කපිතාන් ෂා අයිපෑඩයෙන් ForeFlight ජංගම ම්රුදුකාංගය විවෘත කරගන්නා අතරේදී සහායක නියමුවා ඔබමොබ ගෙනයාහැකි ADS-B උපකරණයක් ක්‍රියාත්මක කරයි… අයිපෑඩය දෙස සුළු මොහොතක් නෙත් යොමාගෙන සිටන කපිතාන්වරයා ඉන්පසු තම මහපට ඇඟිල්ල ඔසවා සියල්ල සතුටුදායක බව සංඥා කරයි…

    දැන් ආරම්භ වෙන්නේ ඉවසීමේ හෝරාවයි… යානයේ එන්ජින් වලින් නික්මෙන බර හඬ හැරෙන්නට සියල්ල සන්සුන්ය… ආලෝක ලාම්පු නිවාගත් යානය අඳුරේම ඉදිරියට ඇදෙයි… කාලය සෙමින් ගතවේ… අයිපෑඩය දෙස නෙත් යොමාගත් වනම සිටින නියමුවන් දෙදෙනාගේ මුහුණේ එක්වරම ඇඳෙන්නේ සිනහවකි…

    “බිංගෝ…!” නොදැනුවත්වම කපිතාන් ෂා ගේ මුවින් පිටවේ…

    -----------------------------------------------------------------------------

    Date : 20th March 2014 | Time : 16:10 Local time | Place : Kenny Hills Towers, Kuala Lumpur

    කාර්යාල කාමරයේ වූ සෝෆාවේ තමා කෙතරම් වේලා නිදාගත්තාදැයි ගුවන් යානා අනතුරු විශේෂඥ රසල්ට නිච්චියක් නොවීය… මේ ගෙවෙන්නේ ගුවන්යානය අතුරුදන්වී 14 වෙනි දිනයයි… හවස්වරුවේ අගමැතිතුමා හා කෙරෙන හමුවේදී ඔහුවෙත ලබාදෙන්නට සතුටුදායක මට්ටමේ තොරතුරක් තමා සතුව නැති බව සිහිවන විට රසල්ට දැනෙන්නේ මහත් අපහසුවකි… තමාව මෙම ගුවන් යානා අතුරුදන්වීමේ අභිරහස විසඳීමට සම්බන්ධ කරගත් මොහොතේ පටන් තම යටිසිතෙන් දිගින් දිගටම බලකල එකම කරුණක් ඔස්සේ පමණක් ලුහුබැඳීම නිසා තමා අතරමං වී ඇති බව ඔහුට දැන් වැටහේ… එහෙත් මෙතෙක් කල් ඔහු පරීක්ශන රාශියක් සාර්ථකව අවසන් කලේත් මෙම මුරණ්ඩු හිතලු ඔස්සේ හඹා යෑම නිසා බවද ඔහු දනී…

    ගැටවර චීන පරිගණක ඉංජිනේරුවරයා පෙර දිනයේදී ඔහුට ලබා දුන් කපිතාන් ෂා ගේ ගුවන්යානා සිමියුලේටරයේ මකාදැමූ දත්ත වල මුද්‍රිත සටහන් අපිළිවෙලට ඔහුගේ කාර්යාල කාමරය පුරා විසිරී ඇත… මේ වනවිට දහස්වරකටත් වඩා පරීක්ශා කරන්නට ඇති යැයි සැක කෙරෙන ඉන් එක් සටහන් පිටුවක් නැවතත් ඔහු ඇහිඳගත්තේය… මෙහි ඇත්තේ මීට දින කිහිපයකට පෙර කපිතාන් ෂා විසින් තම සිමියුලේටරයෙන් පදවා ඇති පුහුණු ගුවන් ගමනක සිතියමකි… දැනට හෙලිවී ඇති තොරතුරු අනුව MH370 යානයේ ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත වූ තැන් පටන් මැලේසියානු හමුදා රේඩාර් වල යානය සටහන් වූ තැන් දක්වා MH370 යානය ගමන් කර ඇතැයි සැලකෙන මාර්ගය මේ පුහුණු ගුවන් ගමනේ මාර්ගය හා ටක්කෙටම ගැලපෙයි…

    නමුත් මෙතැනින් එහාට ඒ ගැන ගලපා ගත හැකි සම්බන්ධය කුමක්ද..? පුහුණු ගුවන් ගමනේ පථයට අනුව බෙන්ගාල බොක්ක හරහා ගුවන් යානය ඉන්දියානු ගුවන් සීමාවට ඇතුළු වී එතැනින් පකිස්තාන් ඇෆ්ගනිස්තානය හරහා ස්පාඥ්ඥ්යේ බාර්සිලෝනා නුවරින් අවසන් වේ… මෙය ජනප්‍රිය ගුවන් ගමන් පථයකි… MH370 යානය මෙම මාර්ගයේ නොගිය බව සහතික කල හැක්කේ අතිශය සංවේදී ගුවන් කලාපයක් වන මෙහි ඉන්දියානු පාකිස්තාන රේඩාර් වල එවැනි ගුවන් යානයක් සටහන් නොවීමයි… මෙම රටවල් වල ස්ථාපිත කර ඇති අතිශය සංවේදී හමුදා රේඩාර් වලට හසු නොවී බෝයින් 777 යානයක් ගමන්ගත්තේයැයි සැලකීම විහිළුවකි… එහෙත් MH370 හි අභිරහස විසඳාගැනීමට මෙම පුහුණු ගමනේ කිසියම් හෝඩුවාවක් ඇතැයි සිතන්නට රසල්ගේ යටිසිත දිගින් දිගටම ඔහුට බලකරයි…

    වටයක් කැරකී නැවතත් පළමු කොටුවටම පැමිණි රසල් සුසුමක් හෙලා විදුලි කේතලය ක්‍රියාත්මක කලේ දිගින් දිගටම තර්ක කිරීම නිසා ඔද්දල් වූ මනස ප්‍රබෝධමත් කරගනු වස් වූයේ කෝපි කෝප්පයක් පානය කිරීමේ අටියෙනි… වතුර රත්වෙනතුරු මහල් නිවාස සංකීර්ණයේ ඉහල මාලයක සිට එලිය බලාගෙන සිටි රසල්ට , සිරිපොද වැස්සේ තම මහල් නිවාසය දෙසට ඇදී එන රතු පැහැති කුඩය බිරිඳගේ බව හඳුනා ගැනීම අපහසු නොවීය… ඇය වෙනුවෙන් තවත් කෝපි කෝප්පයක් පිළියෙල කරගෙන විසිත්ත කාමරයට එන විට;

    “ඔන්න අපි වැස්සත් අරගෙනම ආවා…”

    යැයි පවසමින් රසල්ගේ බිරිඳ නිවසට ඇතුළුවිය…

    “කවුද අපි…?”

    කියා රසල් අසද්දී

    “කෝ මට කෝපි..?”

    යැයි පවසමින් බිරිඳ පිටුපසින් නිවසට ඇතුළුවූයේ ඔවුන්ගේ සෙනෙහෙබර දියණියයි…

    “කවුද දන්නේ දුවත් එනවා කියලා…මම දැක්කේ ඔයාගේ කුඩේ විතරනේ…”

    “ඉතිං එක කුඩේ යටින් දෙන්නෙකුට එන්න බැරිද..?”

    රසල්ගේ බිරිඳ අසද්දී එයට පිළිතුරු දුන්නේ ඔහු නොවේ… සුළුමොහොතක් ගල්ගැසී ඔවුන් දෙදෙනා දෙස තුශ්ණිම්භූතව බලාසිටි රසල් හනික තම කාර්යාල කාමරය දිවගියේය…

    එහි වූ තම පරිඝනක යන්ත්‍රය විවෘත කරගත් ඔහු යුහුසුළුව MH370 ගුවන් යානය අතුරුදන් වූ දිනයේ ගුවනේ වූ අනෙකුත් යානා වල ගමන් මාර්ග පිරික්සන්නට විය…

    “බිංගෝ….!” මොහොතකට පසු ඔහුගේ මුවින් පිටවූයේ නිතැතිනි…

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Date : 20th March 2014 | Time : 18:40 Local time | Place : Unknown

    අගමැතිවරයා මෙතරම් ආතතියකින් සිටිනු ඔහුගේ සේවකයින් කිසිවෙකු මින් පෙර දැක තිබුණේ නැත… පසෙකින් දිගින් දිගටම නැගෙන උද්ඝෝශනයි… ලොවම ඇස් කන් යොමාගෙන සිටින මෙම සිදුවීම දැන් කෙමෙන් රජය අස්ථාවර වීමක් දක්වා දුර දිග යන බව පෙනෙන්නට තිබේ… සියල්ලටම වැඩියෙන් කපුටන් මෙන් හැම කුණුගොඩම අවුස්සන ලෝක ජනමාධ්‍යවලින් රජයේ සුවිශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් පමණක් දන්නා සත්‍ය කරුණු තව කොතෙක් දුරට වසන් කරගත හැකිදැයි පවතින අවිනිශ්චිතතාවයි… අද දිනයේ යානය සඟවා ඇති තැන සොයා නොගතහොත් තවත් කල් මැරීම නොකල හැකි දෙයක් බව අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට පැහැදිලිය… මුහුද පීරමින් සිටීම දිගින් දිගටම කලහැකි ප්‍රෝඩාවක් නොවේ…

    කොල්ලකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් හොරරහසේ ඔවුන් වෙත බාරදීම වෙතට තමන් ක්‍රමයෙන් තල්ලු වෙන බව අගමැතිවරයාට වැටහෙන්නට විය… රසල් ඔහු හමුවට පැමිණියේ මෙවැනි පසුබිමක් යටතේදීය… අතිශය රහසිගත ස්ථානයක කෙරෙන මෙම සංවාදයේදී රසල් විසින් විස්තර කරන කරුණ විශ්වාස කිරීමට අගමැතිවරයා මදක් පැකිළුනි…

    “රසල් කියන්නේ තවත් බෝයින් 777 එකක් මාර්ගයෙන් MH370 එක රේඩාර් වලට අහු නොවී ෆ්ලයි කලා කියලද..?”

    “ඔව් ඒකට කියන්නේ ෂැඩෝ ෆ්ලයින්ග්… සිමියුලේටර් එකක මේක කරලා බලලා තියෙනවා මිසක් ඇත්තට මේ අවදානම කවුරුත් අරගෙන නැහැ… අතිශය පළපුරුදු ගුවන් නියමුවෙකුට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි…”

    “හොඳයි කොහොමද මේක කලා කියලා රසල් සැක කරන්නේ?”

    “සැක කරනවා නෙමෙයි… කැප්ටන් ෂා කලේ මේකම තමයි මට විශ්වාසයි… හරියටම මේ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් වුන තැනට සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් 58 කියන බෝයින් 777 එකට තිබිලා තියෙන්නේ විනාඩි 15ක දුරක්… MH370 එකට කරන්න තියෙන්නේ ඒ ෆ්ලයිට් එකට උඩින් හෝ යටින් ෆ්ලයි කරන ගමන් SG58 ෆ්ලයිට් එකට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ශන්ස් හැක් කරලා ඒ ඉන්ස්ට්‍රක්ශන්ස්ම ෆලෝ කරන එක… MH370 ට්‍රාන්ස්පොන්ඩර්ස් ඔෆ් කරලා නිසා SG58 වලට තමන් ළගින් තව ෆ්ලයිට් එකක් ෆ්ලයි කරන බව ඇලර්ට් වෙන්නේ නැහැ… ඉන්දියා, පකිස්තාන් ඇෆ්ගනිස්තාන් එයාර් ස්පේස් එක මේ විදියට SG58 එකට මුවාවෙලා රේඩාර් වල ට්‍රැක් නොවී පැනගත්ත ගමන් ඊට පස්සේ තියෙන ඕපන් ස්පේස් එකේදී SG58 ශැඩෝ එකෙන් මිදිලා තමන්ට අවශ්‍ය තැනට ලෑන්ඩ් කරන්න පුළුවන්… MH370 එකේ තිබුන ඉන්ධන එක්කත් සලකලා, ආරක්ශාව වගේ බාහිර කාරනාත් සලකද්දී මේවගේ හොස්ටේජ් මිෂන් එකකට ලෑන්ඩ් කරන්න හොඳම තැන විදියට මට හිතෙන්නේ මෙන්න මෙතන… සර්ට හිතෙන්නේ මොකද්ද…?”

    මේසය මත දිගහැර ඇති සිතියමේ ටර්කෙමිස්තාන් හි එක්තරා ගුවන් පථයකට තම දබරැඟිල්ල තබමින් රසල් පැවසීය…

    “මට හිතෙන්නේද? මට හිතෙන්නේ උබව ඉඹගෙන ඉඹගෙන යන්න…”

    අගමැතිවරයා සතුටින් ඉපිලෙමින් පැවසීය…

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Date : 22nd March 2014 | Time : 02:10 Local time | Place : Somewhere in Turkmenistan

    ප්‍රහාරය සැලසුම් කෙරුනේ අදහාගත නොහැකිතරම් වේගයකිනි… සියළු මඟීන් නිදාසිටින රාත්‍රී කාලයේ ඔවුන් රඳවාගෙන සිටි අතහැරදැමූ ගුවන් යානා ගොඩනැඟිල්ල වෙත කඩාවැදීම ප්‍රහාරයේ සැලසුම විය… බිම නිදා සිටින මඟීන් ප්‍රහාරයට ලක්වීම අවම වීමත් සිටගෙන සිටින ත්‍රස්තවාදීන්ට පහසුවෙන් පහරදීමටත් හැකිවීම මීට පෙරද මෙවැනි බේරාගැනීමේ මෙහෙයුම් වල සාර්ථක වී ඇති සැලැස්මකි…

    මානුශික මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව අසන්නට සූදානමින් ප්‍රහාරය අනුමත කල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පුල පුලා බලා සිටියහ… ආරංචිය නිවේදනය කලේ හමුදාපතිවරයායි…

    “මඟීන් සහ කාර්ය මණ්ඩලය 237ක් නිරුපද්‍රිතයි… ත්‍රස්තවාදීන් 12ක් සහ මඟීන් දෙන්නෙක් මියගියා… ඔවුන් දෙන්නාගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට විනාශ වී තිබෙනවා… ”

    “මඟීන් දෙන්නා කවුද..?”

    “හොර පාස්පෝර්ට් වලින් ගිය දෙන්නා…”

    හමුදාපතිවරයා පැවසූයේ ඇසක් ඉඟි මරමිනි…

    ~නිමි~



    ප.ලි. : මේ ලොවක් මවිත කල MH370 යානය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියදී අන්තර්ජාලයේම නොයෙක් විට ඇසගැටුණු conspiracy theories වල අනුසාරයෙන් මැවුනු හිතළුවක් බව නොකිවමනාය… ජීවිතයටම ෆ්ලයිට් ඩෙක් එකකට ඇතුළුවීනැති මා විසින් මෙහි වැරදියට සඳහන්කර ඇති දේ බොහෝ විය හැක…

    හදිසි අනතුරු යනු අප්‍රසන්නතම අත්දැකීමකි… එයිනුත් ගුවන් ගමන් අනතුරු අප්‍රසන්නතාවයෙන් ඉදිරියෙන්ම සිටිතැයි සිතමි… හදිසිඅනතුරකින් මියෙන්නෙකුට තමා මියෙන බව දැනෙන්නේ මිලි තත්පර කිහිපයක් විය හැක.. නමුත් ගුවන් අනතුරකදී ඒ කාලය ඉතා වැඩියැයි සිතමි… වරක් low visibility යැයි පවසමින් මා ගමන්ගත් ගුවන් යානය ගොඩබාගැනීමට තැනක් සොයමින් නියමුවන් තතනද්දී එය අතිශය සුළු හදිසි අවස්ථාවක් වුවද මා යහමින් බිය වූ බව පැවසූවොත් එය වැරදි නොවේ… නියත අනතුරකදී මෙම මරබිය සිය දහස් ගුණයකින් වැඩි ඇතැයි සිතමි…

    ඉතින් අතුරුදන්ව ඇත්තේ 239 ක් හීන පිරුනු ජීවිතයි… ඔබට මට මෙන්ම ඔවුන් එනතුරු කඳුලු බොමින් බලා සිටින පවුල්වල හිතවතුන් සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි


    http://akurublog.blogspot.com/2014/03/87.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා?
    March 20, 2014 at 9:17 am | lanka C news
    MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා?
    අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය රහසිගත හමුදා කඳවුරක තිබීමට ඉඩ ඇතැයි මතයක් ඉදිරිපත්වී තිබේ.

    copilot-spoke-last-words-heard-from-missing-malaysian-plane_170314083313.jpg

    යානය අතුරුදන්වීමෙන් අනතුරුව මෙතෙක් ඒ පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකිව ඇත.

    මේ වන විට රටවල් 24ක් පමණ සෝදිසි මෙහෙයුමක යෙදෙමින් සිටින අතර විශාල සමුදුරු පීරමින් යානය පිළිබඳ හෝඩුවාවක් සොයමින් සිටී.

    ඇතැමෙක් පවසන්නේ 80 දශකයේ තිරගතවූ ඇතැම් හොලිවුඞ් චිත‍්‍රපට මෙන් යානය පිටසක්වළ ජීවීන් විසින් පැහැරගත්තා වීමට ඉඩ ඇති බවයි.

    යානයේ සිටි පුද්ගලයෙකු විසින් සන්නිවේදන යන්ත‍්‍ර ක‍්‍රියාවිරහිත කිරීමෙන් පසු එහි ගමන් මග වෙනස් කර ඇති බව මැලේසියානු අගමැති නජිබ් රසාක් පවසා තිබේ.

    විචාරකයන් පවසන්නේ ගුවන්යානයක සන්නිවේදන පද්ධති ක‍්‍රියාවිරහිත කිරීම විශේෂඥ දැනුමකින් පමණක් කළ හැක්කක් බවයි.

    එලෙස පැහැරගනු ලැබුවේ නම් ඉන් පසු රේඩාර් වලට හසුවීම වැළැක්වීම සඳහා යානය ඉතා පහතින් පියාසර කරන්නට ඇතැයි පැවසේ.

    මේ අතර ඉදිරිපත්වූ තවත් මතයක දැක්වෙන්නේ මැලේසියානු යානය කිරණ කදම්බ භාවිතයෙන් කිසිදු සංඥාවකට හසු නොවන ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් ආරක්ෂා කර තිබෙනු හැකි බවයි.

    අතුරුදන් වූ යානය සය මහල් දැවැන්තයකු නිසා එවැනි පද්ධතියක් මගින් රැකවල්ලා තිබේනම් එය විශාල ප‍්‍රමාණයේ ධාවන පථයක් සහිත හමුදා කඳවුරක් විය හැකි බව එමගින් පවසා තිබේ.