Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගුවන් යානා ගිලගන්නේ පිටසක්වල ජීවීන්ද?

කුරුලු සකලයන්ට උරුමව තිබූ අහසේ ආධිපත්‍යය තමුන් නතුකර ගනිමින් මිනිසා ගුවන් යානා තනා තවමත් ගෙවී ඇත්තේ සියවසකට මඳක් වැඩි කාලයකි.

පහසු සහ ඉක්මන් ප්‍රවාහන මාධ්‍යයක් වූ ගුවන් යානය ප්‍රවාහන ක්ෂේත්රයේ මෙන්ම ජන ජීවිතයේද සුවිශාල වෙනසක් සිදු කළ අතර පසුගිය සියවසේ ඇති වූ ලෝක යුද්ධ දෙකේදීත් ගුවන් යානය තීරණාත්මක මෙහෙයක් ඉටු කළේය.

මෑත ඉතිහාසයේ කිසි දිනෙක නොකරන ලද තරමට වර්තමානයේදී අපි ගුවන් යානා ගැන විමසිලිමත් වන්නෙමු. එයට ආසන්නම හේතුව මගීන් 239 දෙනකු සමග පසුගියදා (මාර්ගු 08 වැනිදා) අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ ඉරණම බව නොරහසකි.

නිදන කාමරයේ සිට ඈත විශ්වයේ ග්‍රහ තාරකා දැකගත හැකි තරමට දියුණු ලෝකයක දැවැන්ත ගුවන් යානයක් දෙසතියක් පුරා ඉඳිකටුවක් ලෙසින් සැඟව ඇත්තේ කොතනදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

එහෙත් ගුවන් ගමන් ඉතිහාසය විමසා බැලීමේදී අබිරහස් ලෙස අතුරුදන් වූ එකම ගුවන් යානය මෙකී මලයාසියා ගුවන් යානය නොවන බව පැහැදිලි වෙයි. ලෝකයේ අවධානය දිනාගත් එවැනි සිදුවීම් සහ ඒවායේ ඇති අපූරු සමානකම් පිළිබඳ කෙරෙන විමසා බැලීමකි මේ.

වර්ෂ 1937 දී ඇමෙරිකාවෙන් වාර්තා වෙන අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානයක් පිළිබඳ මේ පුවත ලෝපුරා ජනප්‍රිය එකකි. ඇමෙරිකානු ජාතික අමෙලියා එර්හාට් 1937 ජූලි මස 02 දින ලොව වටා ගුවනින් ගිය

පළමු කාන්තාව වීමේ අරමුණින් ස්වකීය ලොක්හීඩ් ඉලෙක්ට්රා වර්ගයේ ගුවන් යානයෙන් ගුවන්ගත වූයේ ඇමෙරිකාවේ කුඩා ගුවන් තොටුපළකිනි.

අමෙලියා එර්හාර්ට් යනු එම යුගයේ සිටි අති ශූර ගුවන් නියමුවරියකි. පිරිමින් පරදවන තරමේ හැකියාවෙන් යුත් ඇය ගුවන් යානා පැදවීම සිය ආත්මය කරගත් තැනැත්තියකි. සිය එඩිතර බව නිසාම ඇය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළ පළමු කාන්තාව බවට පත්වූවාය.

එම වාර්තාව පිහිටු වූ ඇමෙලියා ලොව වටා ගුවනින් ගිය පළමු කාන්තාව වීමේ අරමුණින් 1937 ජුලි 2 දින ගුවන් ගත වූයේ ඇගේ මග පෙන්වන්නා වූ ෆේරඩිනුනාන් ද සමගිනි.

අමෙලියා ශාන්තිකර සාගර මතින් ගමන් කරමින් සිටියදී තම යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බැවින් හදිසි ගොඩ බෑමක් අපේක්ෂා කරන බව පාලක මැදිරිය දන්වා ඇත. ඉන් ටික වේලාවකට පසු තමාට පහළ කිසිත් නොපෙනන බව ඇය පවසා ඇත. ඒ සමගම ලොක්හිඩ් ඉලෙක්ට්රා යානය සමග තිබූ සබැඳියාවන් බිඳ වැටුණ අතර අදටත් ඇමෙලියා සහ ඇගේ ගුවන් යානයට සිදුවූ දෙය අබිරහසකි.

ද්විත්ව අවර ටර්බෝ එන්ජින් සහිත මෙම යානයට ප්‍රමාණවත් තෙල් පිරවූ බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසන මුත් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බව ඇය පාලක මැදිරියට පවසා තිබුණි.

ඇමෙලියාගෙන් පාලක මැදිරියට අවසන් පණිවුඩය ලැබෙන විට ඇය හෝලන්ඩ් දූපතට ඉහළින් පියාසර කළ බව කියැවේ. ඇමෙලියා ෆ්රැන්ක්ලින්ඩී රැස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලූ බැවින් ජපන් හමුදාව ඇය පැහැර ගත් බව ඇතමුන් පවසයි.

ඇය නිව් ජර්සිහි අප්රසිද්ධව ජීවත් වූ බව තවත් මතයකි. පිටසක්වල ජීවීන් පිරිසක් ලොක්හිඩ් ඉලෙක්ට්රා යානය පැහැර ගත් බව අදටත් බහුතරයක් විශ්වාස කරයි.

මීට සමාන තවත් සිදුවීමක් 1944 වසරේ දෙසැම්බ් මස 15 දින බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. ඒ ඒකාබද්ධ හමුදාවේ සේවය කළ ග්ලෙන් මිලර් නමැති ඇමෙරිකානු ජාතිකයා පැද වූ ගුවන් යානය ඉංග්‍රීසි ඕඩයට ඉහළින් යාත්‍රා කරමින් තිබියදී අතුරුදන් වීමයි.

බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශයේ සිටිනා තම හමුදා ඛණ්ඩය වෙත් යලෙන් මිලර් පිටත්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් මින්වුඩ්න් ගුවන් තොටුපළෙනි. එහෙත් ඉංග්‍රීසි ඕඩය එහිදී මිලර්ගේ යානය හා පාලක මැදිරියේ පැවැති සබැඳියාවන් බිඳ වැටුණ අතර ඔහුගේ යානයේ ඉරණම අදටත් අබිරහසකි.

ඇමෙරිකාවේ 19 වෙනි බලඝනයට අයත් එරට නාවික හමුදාව සතු වර්ගයේ ගුවන් යානා 5 කින් යුත් ගුවන් භට කණ්ඩායමක් 1945 වසරේදී අතුරුදන් වී ඇත. මෙම ගුවන් බලඝනය බෝම්බ හෙලීම පිළිබඳ පුහුණුවක් උදෙසා ෆ්ලොරිඩාවේ හි ගුවන් පථයෙන් පිටත් වී ඇත්තේ 1945 වසරේ දෙසැම්බර් 5 දාය.

ගුවන් යානා පහකින් යුත් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ

පළපුරුදු පියාසර පුහුණුකරුවෙකු වූ චාර්ල්ස් ටේලර් විසිනි. තම පුහුණු මෙහෙයුමේ යෙදෙමින් සිටි නියමුවන් ගුවන් ගත වී පැයකට පමණ පසු පාලක මැදිරියට දන්වා ඇත්තේ තමන් මංමුලා වූ සේ දැනෙන බවයි.

එමෙන්ම තමන් සිටිනා ඉසව්ව පිළිබඳ අවබෝධයක් නොමැති බවද නියමුවන් පවසා ඇත. මේ අවස්ථාවේ පාලක මැදිරියේ සිටි නිලධාරීන් යානා 5 පියාසර කරමින් තිබූ ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර යානා 5ම බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් සමාන්තර පියාසැරියක යෙදෙන බව ඔවුන් වටහාගෙන ඇත.

යානාවල පිහිටීම කණ්ඩායම් නායක චාර්ල්ස් ටේලර්ට දැනුම් දීමට පාලක මැදිරිය ඔහු සම්බන්ධ කරගෙන තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ තමාගේ යානයේ ඇති මාලිමා යන්ත්‍ර දෙකම අක්‍රිය වී ඇති බවත්, තමාට දිසාව සොයාගත නොහැකි බවත්ය. ඒ සමගම චාර්ල්ස් ටේලර් හා පැවැති පණිවුඩ හුවමාරුව බිඳවැටුණි.

මෙම යානා 5 සොයා ගැනීම සඳහා තවත් යානා කිහිපයක් ගුවන් ගත කරන ලද අතර ඉන් එක යානයක සිටි නියමුවෙකු තමා බර්මියුඩා ත්‍රිකෝණය මතින් යාත්‍රා කරන බවත්, තමාගේ යානයේ මාලිමාවද අක්‍රියව ඇති බවත් පාලක මැදිරියට දන්වා ඇත. සෝදිසි මෙහෙයුම සඳහා නික්ම ගිය සෙසු යානා 4 ආපසු පැමිණියද මුල් යානය අතුරුදන් විය.

මේ අනුව එක දිනක් තුළ ගුවන් යානා 6ක් අතුරුදන් වූ අතර එම යානාවල මාලිමා අක්‍රිය වන්නට හේතුව කුමක්දැයි යන සැකය හතර දෙසින් මතු වන්නට විය. ගුවන් යානා විශාරදයන් මේ පිළිබඳ පවසනුයේ මාලිමා යන්ත්‍ර අක්‍රිය කිරීමට හෝ ඒවායේ තොරතුරු වෙනස් කිරීමට හේතුව එකී යානා හය වෙත බලපෑ චුම්භක බල රේඛාවල ප්‍රබල වෙනස් වීමක් විය හැකි බවය.

එවන් බරපතළ වෙනසකට හේතුව පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් විය හැකි බව ඇතැමුන් මත පළ කරන්නට විය. කෙසේ වෙතත් බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වන සාගර කලාපය ගුවන් යානා අනතුරු බහුල කලාපයක් ලෙස සැලකීමට මෙම සිදුවීමෙන් පසු ලෝකය පුරුදු විය.

බ්‍රිතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සේවය සතු ස්ටාර් ඩස්ට් බෝම්බ ප්‍රහාරක ලැන්කැස්ටර් යානයට සමාන සිවිල් ගුවන් යානයක් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි සිට චිලියේ සන්තියාගෝ බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් විය.

1947 අගෝස්තු මස 2 දින දහවල් 1.46ට බුවනෝර්ස් අයර්ස් නුවරින් පිටත් වූ මෙම යානයේ මගින් 34 දෙනකු සිටි අතර යානය චිලී බලා යා යුතු වූයේ අන්දිස් කඳු වැටිය මතිනි. එම යානයේ ඉරණම අදටද අබිරහසකි.

අන්දිස් කඳු පන්තිය මතදී යානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් බුවනෝර්ස් අයර්ස් නුවරට පණිවුඩයක් එවීමට නියමුවා සමත්වී තිබුණි. මොර්ස් සංඥා මගින් එවා තිබූ එම පණිවුඩය “ඉඊජ්ව්ච්ජ්ඛි” යනුවෙන් කියවුණ අතර ඒ සමගම යානය සමග වූ සියලු සබඳතා බිඳ වැටුණි.

මෙහි අවසන් පණිවුඩය පිළිබඳ බොහෝ වාද විවාද පැවැති අතර අද දක්වාම මෙම යානය පිටසක්වල ජීවීන් විසින් පැහැර ගත් බවට බොහෝ දෙනකු විශ්වාස කරති.

එම සිදුවීමෙන් වසර 50කට පමණ පසු 1998දී ආජන්ටිනාවේ කඳු නගින්නන් දෙදෙනකු ගුවන් යානයක එන්ජිමකයැයි සැක සහිත කොටස් කිහිපයක් සොයාගෙන ඇති මුත් ඒවා ස්ථිර ලෙසම යානයේ කොටස් බව මේ වන තුරුත් තහවුරුව නැත.

එහෙයින් බහුතර පිරිස් යානයෙන් එවන ලද අවසන් පණිවුඩය වන ඉඊජ්ව්ච්ජ්ඛි යන්නෙහි අරුත පිටසක්වල ජීවී බලපෑමකට නතු වූ බව විය යුතු යැයි විශ්වාස කරති.

පෑන් ඇම් ගුවන් සේවය සතු පියාසර අංක 7 දැරූ බෝයිං 337 වර්ගයේ යානාවක්ද මෙලෙස අතුරුදන්වී ඇත්තේ එහි ගමන් ගත් මගීන් 44 දෙනෙක් සමගිනි. එම යානය 1957 නොවැම්බර් මස 07 වන දින සැන්ෆ්රැන්සිස්කෝ සිට හවායි බලා පියාසර කරමින් තිබුණි.

යානය අතුරුදන් වන අවස්ථාවේ ශාන්තිකර සාගරය හරහා ගමන් කරමින් තිබි ඇත. යානය අතුරු දන් වීමෙන් සතියකට පමණ පසු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මගින් මළ සිරුරු කිහිපයක් සහ සුන්බුන් ස්වල්පයක් සොයාගෙන ඇත.

මෙහිදී සොයා ගත් මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම සිරුරුවල කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාමාන්‍ය මළ සිරුරකට වඩා ඉහළ බව වාර්තා වී ඇත. එහෙත් නියමුවන් විසින් කිසිදු අනතුරක සංඥාවක් පාලක මැදිරියට එවා නැති බැවින් අද දක්වාම මෙම යානයේ ඉරණම අබිරහසකි.

ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා රැගත් ලියර් ජෙට් 35 ඒ යානයද මේ ආකාරයෙන් අතුරුදන් විය. 1983 පෙබරවාරි මස 13 වන දින රාත්‍රී 8.41ට මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළෙන් කොළඹ බලා පිටත් වූ ලියර් ජෙට් යානයේ විජේවර්ධන මහතා සමග ඔහුගේ මලයාසියානු නීතිඥ ඉ.ර්. රත්නම් උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ ආනන්දප්පා පේලි මුහන්දිරම්, ගුවන් නියමු කපිතාන් නොයෙල් ආනන්ද සහ සහය නියමු සිඩ්නි සොයිසා සහ ගුවන් සේවක එස්. සේනානායක යන අය ගමන් ගත් බව කියවේ.

යානය ගුවන් ගතවී විනාඩි 11කට පසු කපිතාන් ආනන්දප්පා අඩි 27000 දක්වා ඉහළ නැගීමට ක්වාලාලාම්පූර් පාලක මැදිරියෙන් අවසර පතා ඇත. ඊට සුළු මොහොතකට පසු රාත්‍රී 9.02ට පමණ උපාලි යානය මලයාසියානු රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ බව කියවේ.

මලයාසියාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමෙරිකාව ප්රමුඛ රටවල් ගණනාවක් දින ගණනක් සොයා බැලූ මුත් අද දක්වාම උපාලි යානයේ ඉරණම අබිරහසකි. ලෝකයට ගැටලුවක් ඉතිරි කර සැඟව ගිය ගුවන් යානා සංඛ්‍යාව අති මහත්ය.

මෙකී අනතුරු විශ්ලේෂණයේදි දැකිය හැකි පොදු සමානකම් ගණනාවකි. අබිරහස් ලෙස සැඟව ගිය ගුවන් යානා බහුතරයක් එකී ඉරණමට මුහුණ දී ඇත්තේ සාගර මතින් ගමන් කරමින් සිටියදීය. එමෙන්ම අත්ලාන්තික් සාගරය සහ ශාන්තිකර සාගර මතදී වැඩි ගුවන් යානා ප්‍රමාණයක් අතුරුදන් වූ බවද මෙකී විශ්ලේෂණ මගින් පැහැදිලි වෙයි.

බර්මියුඩා, ෆ්ලොරීඩා සහ පුටටරිකෝ යන රටවල් අතර පිහිටි බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන සාගර කලාපය සහ ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් අසල පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්රිත සාගර කලාපයේද ගුවන් යානා වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව පැහැදිලි වෙයි.

මෙයට හේතුව එකී සාගර කලාපයන්හි ගැඹුර, සාගර රළ ආදියේ හෝ එකී ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණයේ වෙනසක්ද යන්න විද්වතුන්ගේ අවධානයට යොමුව ඇත. ඊට අමතරව මෙකී සාගර කලාප ආශ්රිත පිටසක්වල ජීවීන් සහ නාඳුනන පියාඹන වස්තු බලපෑමක් තිබේද යන්න පිළිබඳවද බොහෝ පාර්ශ්වයන් අවධානය යොමු කරනා බව ප්‍රකට කරුණකි.

එමෙන්ම මේ ආකාරයෙන් අතුරුදන් වූ ගුවන් යානාවලින් බහුතරයක් එකී අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ මාසයේ පළමු දින 10 තුළ බව මෙකී සිදුවීම් විශ්ලේෂණය මගින් පැහැදිලි වෙයි.

(මැලේසියා යානයද අතුරුදන් වූයේ පසුගිය 8ය.)අපට සැතපුම් මිලියන ගණනක් ඔබ්බෙන් වූ ග්‍රහ වස්තූන් පවා ගවේෂණය කරන්නට තරම් දියුණු තාක්ෂණයක් සහිත වර්තමාන ලෝකයට අතේ දුරින් අතුරුදන් වූ මෙකී ගුවන් යානාවලට අත්වූ ඉරණම තීරණය කරන්නට නොහැකි වීම අපූරු සරදමක් බව නොකියා බැරි බව අවසන් වශයෙන් කිව යුතුය.

- අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

hot & fast news

[QUOTE="sherlock, post: 16422181, member: 106046"] [B][SIZE="5"]අපේ ගුවන් යානා ගිලගන්නේ පිටසක්වල ජීවීන්ද?[/SIZE][/B] [SIZE="4"]කුරුලු සකලයන්ට උරුමව තිබූ අහසේ ආධිපත්‍යය තමුන් නතුකර ගනිමින් මිනිසා ගුවන් යානා තනා තවමත් ගෙවී ඇත්තේ සියවසකට මඳක් වැඩි කාලයකි. පහසු සහ ඉක්මන් ප්‍රවාහන මාධ්‍යයක් වූ ගුවන් යානය ප්‍රවාහන ක්ෂේත්රයේ මෙන්ම ජන ජීවිතයේද සුවිශාල වෙනසක් සිදු කළ අතර පසුගිය සියවසේ ඇති වූ ලෝක යුද්ධ දෙකේදීත් ගුවන් යානය තීරණාත්මක මෙහෙයක් ඉටු කළේය. මෑත ඉතිහාසයේ කිසි දිනෙක නොකරන ලද තරමට වර්තමානයේදී අපි ගුවන් යානා ගැන විමසිලිමත් වන්නෙමු. එයට ආසන්නම හේතුව මගීන් 239 දෙනකු සමග පසුගියදා (මාර්ගු 08 වැනිදා) අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ ඉරණම බව නොරහසකි. නිදන කාමරයේ සිට ඈත විශ්වයේ ග්‍රහ තාරකා දැකගත හැකි තරමට දියුණු ලෝකයක දැවැන්ත ගුවන් යානයක් දෙසතියක් පුරා ඉඳිකටුවක් ලෙසින් සැඟව ඇත්තේ කොතනදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. එහෙත් ගුවන් ගමන් ඉතිහාසය විමසා බැලීමේදී අබිරහස් ලෙස අතුරුදන් වූ එකම ගුවන් යානය මෙකී මලයාසියා ගුවන් යානය නොවන බව පැහැදිලි වෙයි. ලෝකයේ අවධානය දිනාගත් එවැනි සිදුවීම් සහ ඒවායේ ඇති අපූරු සමානකම් පිළිබඳ කෙරෙන විමසා බැලීමකි මේ. වර්ෂ 1937 දී ඇමෙරිකාවෙන් වාර්තා වෙන අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානයක් පිළිබඳ මේ පුවත ලෝපුරා ජනප්‍රිය එකකි. ඇමෙරිකානු ජාතික අමෙලියා එර්හාට් 1937 ජූලි මස 02 දින ලොව වටා ගුවනින් ගිය පළමු කාන්තාව වීමේ අරමුණින් ස්වකීය ලොක්හීඩ් ඉලෙක්ට්රා වර්ගයේ ගුවන් යානයෙන් ගුවන්ගත වූයේ ඇමෙරිකාවේ කුඩා ගුවන් තොටුපළකිනි. අමෙලියා එර්හාර්ට් යනු එම යුගයේ සිටි අති ශූර ගුවන් නියමුවරියකි. පිරිමින් පරදවන තරමේ හැකියාවෙන් යුත් ඇය ගුවන් යානා පැදවීම සිය ආත්මය කරගත් තැනැත්තියකි. සිය එඩිතර බව නිසාම ඇය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළ පළමු කාන්තාව බවට පත්වූවාය. එම වාර්තාව පිහිටු වූ ඇමෙලියා ලොව වටා ගුවනින් ගිය පළමු කාන්තාව වීමේ අරමුණින් 1937 ජුලි 2 දින ගුවන් ගත වූයේ ඇගේ මග පෙන්වන්නා වූ ෆේරඩිනුනාන් ද සමගිනි. අමෙලියා ශාන්තිකර සාගර මතින් ගමන් කරමින් සිටියදී තම යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බැවින් හදිසි ගොඩ බෑමක් අපේක්ෂා කරන බව පාලක මැදිරිය දන්වා ඇත. ඉන් ටික වේලාවකට පසු තමාට පහළ කිසිත් නොපෙනන බව ඇය පවසා ඇත. ඒ සමගම ලොක්හිඩ් ඉලෙක්ට්රා යානය සමග තිබූ සබැඳියාවන් බිඳ වැටුණ අතර අදටත් ඇමෙලියා සහ ඇගේ ගුවන් යානයට සිදුවූ දෙය අබිරහසකි. ද්විත්ව අවර ටර්බෝ එන්ජින් සහිත මෙම යානයට ප්‍රමාණවත් තෙල් පිරවූ බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසන මුත් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බව ඇය පාලක මැදිරියට පවසා තිබුණි. ඇමෙලියාගෙන් පාලක මැදිරියට අවසන් පණිවුඩය ලැබෙන විට ඇය හෝලන්ඩ් දූපතට ඉහළින් පියාසර කළ බව කියැවේ. ඇමෙලියා ෆ්රැන්ක්ලින්ඩී රැස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලූ බැවින් ජපන් හමුදාව ඇය පැහැර ගත් බව ඇතමුන් පවසයි. ඇය නිව් ජර්සිහි අප්රසිද්ධව ජීවත් වූ බව තවත් මතයකි. පිටසක්වල ජීවීන් පිරිසක් ලොක්හිඩ් ඉලෙක්ට්රා යානය පැහැර ගත් බව අදටත් බහුතරයක් විශ්වාස කරයි. මීට සමාන තවත් සිදුවීමක් 1944 වසරේ දෙසැම්බ් මස 15 දින බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. ඒ ඒකාබද්ධ හමුදාවේ සේවය කළ ග්ලෙන් මිලර් නමැති ඇමෙරිකානු ජාතිකයා පැද වූ ගුවන් යානය ඉංග්‍රීසි ඕඩයට ඉහළින් යාත්‍රා කරමින් තිබියදී අතුරුදන් වීමයි. බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශයේ සිටිනා තම හමුදා ඛණ්ඩය වෙත් යලෙන් මිලර් පිටත්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් මින්වුඩ්න් ගුවන් තොටුපළෙනි. එහෙත් ඉංග්‍රීසි ඕඩය එහිදී මිලර්ගේ යානය හා පාලක මැදිරියේ පැවැති සබැඳියාවන් බිඳ වැටුණ අතර ඔහුගේ යානයේ ඉරණම අදටත් අබිරහසකි. ඇමෙරිකාවේ 19 වෙනි බලඝනයට අයත් එරට නාවික හමුදාව සතු වර්ගයේ ගුවන් යානා 5 කින් යුත් ගුවන් භට කණ්ඩායමක් 1945 වසරේදී අතුරුදන් වී ඇත. මෙම ගුවන් බලඝනය බෝම්බ හෙලීම පිළිබඳ පුහුණුවක් උදෙසා ෆ්ලොරිඩාවේ හි ගුවන් පථයෙන් පිටත් වී ඇත්තේ 1945 වසරේ දෙසැම්බර් 5 දාය. ගුවන් යානා පහකින් යුත් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ පළපුරුදු පියාසර පුහුණුකරුවෙකු වූ චාර්ල්ස් ටේලර් විසිනි. තම පුහුණු මෙහෙයුමේ යෙදෙමින් සිටි නියමුවන් ගුවන් ගත වී පැයකට පමණ පසු පාලක මැදිරියට දන්වා ඇත්තේ තමන් මංමුලා වූ සේ දැනෙන බවයි. එමෙන්ම තමන් සිටිනා ඉසව්ව පිළිබඳ අවබෝධයක් නොමැති බවද නියමුවන් පවසා ඇත. මේ අවස්ථාවේ පාලක මැදිරියේ සිටි නිලධාරීන් යානා 5 පියාසර කරමින් තිබූ ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර යානා 5ම බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් සමාන්තර පියාසැරියක යෙදෙන බව ඔවුන් වටහාගෙන ඇත. යානාවල පිහිටීම කණ්ඩායම් නායක චාර්ල්ස් ටේලර්ට දැනුම් දීමට පාලක මැදිරිය ඔහු සම්බන්ධ කරගෙන තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ තමාගේ යානයේ ඇති මාලිමා යන්ත්‍ර දෙකම අක්‍රිය වී ඇති බවත්, තමාට දිසාව සොයාගත නොහැකි බවත්ය. ඒ සමගම චාර්ල්ස් ටේලර් හා පැවැති පණිවුඩ හුවමාරුව බිඳවැටුණි. මෙම යානා 5 සොයා ගැනීම සඳහා තවත් යානා කිහිපයක් ගුවන් ගත කරන ලද අතර ඉන් එක යානයක සිටි නියමුවෙකු තමා බර්මියුඩා ත්‍රිකෝණය මතින් යාත්‍රා කරන බවත්, තමාගේ යානයේ මාලිමාවද අක්‍රියව ඇති බවත් පාලක මැදිරියට දන්වා ඇත. සෝදිසි මෙහෙයුම සඳහා නික්ම ගිය සෙසු යානා 4 ආපසු පැමිණියද මුල් යානය අතුරුදන් විය. මේ අනුව එක දිනක් තුළ ගුවන් යානා 6ක් අතුරුදන් වූ අතර එම යානාවල මාලිමා අක්‍රිය වන්නට හේතුව කුමක්දැයි යන සැකය හතර දෙසින් මතු වන්නට විය. ගුවන් යානා විශාරදයන් මේ පිළිබඳ පවසනුයේ මාලිමා යන්ත්‍ර අක්‍රිය කිරීමට හෝ ඒවායේ තොරතුරු වෙනස් කිරීමට හේතුව එකී යානා හය වෙත බලපෑ චුම්භක බල රේඛාවල ප්‍රබල වෙනස් වීමක් විය හැකි බවය. එවන් බරපතළ වෙනසකට හේතුව පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් විය හැකි බව ඇතැමුන් මත පළ කරන්නට විය. කෙසේ වෙතත් බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වන සාගර කලාපය ගුවන් යානා අනතුරු බහුල කලාපයක් ලෙස සැලකීමට මෙම සිදුවීමෙන් පසු ලෝකය පුරුදු විය. බ්‍රිතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සේවය සතු ස්ටාර් ඩස්ට් බෝම්බ ප්‍රහාරක ලැන්කැස්ටර් යානයට සමාන සිවිල් ගුවන් යානයක් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි සිට චිලියේ සන්තියාගෝ බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් විය. 1947 අගෝස්තු මස 2 දින දහවල් 1.46ට බුවනෝර්ස් අයර්ස් නුවරින් පිටත් වූ මෙම යානයේ මගින් 34 දෙනකු සිටි අතර යානය චිලී බලා යා යුතු වූයේ අන්දිස් කඳු වැටිය මතිනි. එම යානයේ ඉරණම අදටද අබිරහසකි. අන්දිස් කඳු පන්තිය මතදී යානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් බුවනෝර්ස් අයර්ස් නුවරට පණිවුඩයක් එවීමට නියමුවා සමත්වී තිබුණි. මොර්ස් සංඥා මගින් එවා තිබූ එම පණිවුඩය “ඉඊජ්ව්ච්ජ්ඛි” යනුවෙන් කියවුණ අතර ඒ සමගම යානය සමග වූ සියලු සබඳතා බිඳ වැටුණි. මෙහි අවසන් පණිවුඩය පිළිබඳ බොහෝ වාද විවාද පැවැති අතර අද දක්වාම මෙම යානය පිටසක්වල ජීවීන් විසින් පැහැර ගත් බවට බොහෝ දෙනකු විශ්වාස කරති. එම සිදුවීමෙන් වසර 50කට පමණ පසු 1998දී ආජන්ටිනාවේ කඳු නගින්නන් දෙදෙනකු ගුවන් යානයක එන්ජිමකයැයි සැක සහිත කොටස් කිහිපයක් සොයාගෙන ඇති මුත් ඒවා ස්ථිර ලෙසම යානයේ කොටස් බව මේ වන තුරුත් තහවුරුව නැත. එහෙයින් බහුතර පිරිස් යානයෙන් එවන ලද අවසන් පණිවුඩය වන ඉඊජ්ව්ච්ජ්ඛි යන්නෙහි අරුත පිටසක්වල ජීවී බලපෑමකට නතු වූ බව විය යුතු යැයි විශ්වාස කරති. පෑන් ඇම් ගුවන් සේවය සතු පියාසර අංක 7 දැරූ බෝයිං 337 වර්ගයේ යානාවක්ද මෙලෙස අතුරුදන්වී ඇත්තේ එහි ගමන් ගත් මගීන් 44 දෙනෙක් සමගිනි. එම යානය 1957 නොවැම්බර් මස 07 වන දින සැන්ෆ්රැන්සිස්කෝ සිට හවායි බලා පියාසර කරමින් තිබුණි. යානය අතුරුදන් වන අවස්ථාවේ ශාන්තිකර සාගරය හරහා ගමන් කරමින් තිබි ඇත. යානය අතුරු දන් වීමෙන් සතියකට පමණ පසු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මගින් මළ සිරුරු කිහිපයක් සහ සුන්බුන් ස්වල්පයක් සොයාගෙන ඇත. මෙහිදී සොයා ගත් මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම සිරුරුවල කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාමාන්‍ය මළ සිරුරකට වඩා ඉහළ බව වාර්තා වී ඇත. එහෙත් නියමුවන් විසින් කිසිදු අනතුරක සංඥාවක් පාලක මැදිරියට එවා නැති බැවින් අද දක්වාම මෙම යානයේ ඉරණම අබිරහසකි. ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා රැගත් ලියර් ජෙට් 35 ඒ යානයද මේ ආකාරයෙන් අතුරුදන් විය. 1983 පෙබරවාරි මස 13 වන දින රාත්‍රී 8.41ට මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළෙන් කොළඹ බලා පිටත් වූ ලියර් ජෙට් යානයේ විජේවර්ධන මහතා සමග ඔහුගේ මලයාසියානු නීතිඥ ඉ.ර්. රත්නම් උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ ආනන්දප්පා පේලි මුහන්දිරම්, ගුවන් නියමු කපිතාන් නොයෙල් ආනන්ද සහ සහය නියමු සිඩ්නි සොයිසා සහ ගුවන් සේවක එස්. සේනානායක යන අය ගමන් ගත් බව කියවේ. යානය ගුවන් ගතවී විනාඩි 11කට පසු කපිතාන් ආනන්දප්පා අඩි 27000 දක්වා ඉහළ නැගීමට ක්වාලාලාම්පූර් පාලක මැදිරියෙන් අවසර පතා ඇත. ඊට සුළු මොහොතකට පසු රාත්‍රී 9.02ට පමණ උපාලි යානය මලයාසියානු රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ බව කියවේ. මලයාසියාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමෙරිකාව ප්රමුඛ රටවල් ගණනාවක් දින ගණනක් සොයා බැලූ මුත් අද දක්වාම උපාලි යානයේ ඉරණම අබිරහසකි. ලෝකයට ගැටලුවක් ඉතිරි කර සැඟව ගිය ගුවන් යානා සංඛ්‍යාව අති මහත්ය. මෙකී අනතුරු විශ්ලේෂණයේදි දැකිය හැකි පොදු සමානකම් ගණනාවකි. අබිරහස් ලෙස සැඟව ගිය ගුවන් යානා බහුතරයක් එකී ඉරණමට මුහුණ දී ඇත්තේ සාගර මතින් ගමන් කරමින් සිටියදීය. එමෙන්ම අත්ලාන්තික් සාගරය සහ ශාන්තිකර සාගර මතදී වැඩි ගුවන් යානා ප්‍රමාණයක් අතුරුදන් වූ බවද මෙකී විශ්ලේෂණ මගින් පැහැදිලි වෙයි. බර්මියුඩා, ෆ්ලොරීඩා සහ පුටටරිකෝ යන රටවල් අතර පිහිටි බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන සාගර කලාපය සහ ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් අසල පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්රිත සාගර කලාපයේද ගුවන් යානා වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව පැහැදිලි වෙයි. මෙයට හේතුව එකී සාගර කලාපයන්හි ගැඹුර, සාගර රළ ආදියේ හෝ එකී ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණයේ වෙනසක්ද යන්න විද්වතුන්ගේ අවධානයට යොමුව ඇත. ඊට අමතරව මෙකී සාගර කලාප ආශ්රිත පිටසක්වල ජීවීන් සහ නාඳුනන පියාඹන වස්තු බලපෑමක් තිබේද යන්න පිළිබඳවද බොහෝ පාර්ශ්වයන් අවධානය යොමු කරනා බව ප්‍රකට කරුණකි. එමෙන්ම මේ ආකාරයෙන් අතුරුදන් වූ ගුවන් යානාවලින් බහුතරයක් එකී අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ මාසයේ පළමු දින 10 තුළ බව මෙකී සිදුවීම් විශ්ලේෂණය මගින් පැහැදිලි වෙයි. (මැලේසියා යානයද අතුරුදන් වූයේ පසුගිය 8ය.)අපට සැතපුම් මිලියන ගණනක් ඔබ්බෙන් වූ ග්‍රහ වස්තූන් පවා ගවේෂණය කරන්නට තරම් දියුණු තාක්ෂණයක් සහිත වර්තමාන ලෝකයට අතේ දුරින් අතුරුදන් වූ මෙකී ගුවන් යානාවලට අත්වූ ඉරණම තීරණය කරන්නට නොහැකි වීම අපූරු සරදමක් බව නොකියා බැරි බව අවසන් වශයෙන් කිව යුතුය. - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු[/SIZE] hot & fast news [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom