Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක

March 24, 2014 at 12:01 am | lanka C news

MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක

මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එහි ගමන් කළ 239 දෙනාද සමග අතුරුදන් වී අදට (24) දින 17 කි. යානය සෙවීමේ කටයුතු මේ වනවිට ක්‍රමයෙන් වියෑකී යමින් පවතී. දැන් ඉතිරිව ඇත්තේ යානයට සිදුවිය හැකිව තිබූ දෙස මෙය යෑයි උපකල්පනය කිරීම පමණි. BBC පුවත් සේවය කියන පරිදි යානයේ අතුරුදන් වීම ගැන අනුමාන කිරීම් 10 ක් මේ වනවිට බිහිවී තිබේ. පළපුරුදු ගුවන් නියමුවන් සහ යාන්ත්‍රික විශේෂඥයන්ගේ අදහසට අනුව එම අනුමාන කිරීම් කොටස් 10 කට බෙදිය හැකිය. ඒ මෙසේය.

1. යානය අන්දමන් දූපත්වලට ගොඩබසින ලද බව

MH 370 දරන මැලේසියන් ගුවන් යානය සිය ගමනේ එක් අවස්ථාවකදී ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් අහස් සමූහය දෙසට පියාසර කළ බවට සාක්ෂි තිබේ. මෙය ඉන්දියාවට අයත් භූගෝලීය ප්‍රදේශයේ නැගෙනහිර කොටසේ අවසන් සීමාවයි. ඉන්දුනීසියාව, තායිලන්ත වෙරළ සහ බුරුමය යන ප්‍රදේශ අතරින් මෙම නැගෙනහිර සීමාව වැටී තිබේ. මේ ප්‍රදේශය ඉතාම හුදෙකලා කොටසක් වන අතර ත්රස්තවාදීන්ට හෝ වෙනත් පාර්ශ්වයකට එම ප්‍රදේශය කඳවුරක් ලෙස යොදා ගැනීමට ඉඩක් නොවූ බවට තක්සේරුවක් අසල්වැසි රටවලට තිබිණි. ඒ නිසා මේ ප්‍රදේශයෙහි මිලිටරි රේඩාර් උපකරණ ස්ථානගත කර තිබුණේද නැත. මේ දූපත්වල ගුවන් යානා ධාවන පථ 4 ක් තිබෙන අතර ඒවායෙහි නිරීක්ෂණ පර්යන්ත (Obseretion Terminals) කිසිවක් නැත. අන්දමන් – නිකොබාර් දූපත් සමූහයට දූපත් 570 ක් අයත් අතර ජනාවාස වශයෙන් පවතින්නේ 36 ක් පමණි. බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ හිටපු නියමුවකු වන ස්ටීව් බස්ඩිගන් කියන පරිදි පැහැරගත් ගුවන් යානයක් සැඟවීම සඳහා ඉතිරි ජන ශූන්‍ය දූපත් යොදාගත හැකිය. එය දුෂ්කර නමුත් කළ නොහැකි කටයුත්තක් නොවන බව ඔහු කියයි. යානය වෙරළට බාන්නේ නම් යානයේ රෝද පිටතට නොගෙන Crash Landing ක්‍රමයට ලිස්සා යන පරිදි ගොඩබෑමට හැකි බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් එවිට යානයේ යට කොටස විශාල වශයෙන් හානියට පත්වන නිසා එයින් යළිත් වැඩක් ගැනීමට බැරි බවද ඔහු සඳහන් කරයි.

2. කසකස්ථානයට පලායැම

කසකස්ථානය යනු පැරැණි සෝවියට් සංගමයේ සාමාජික රාජ්‍යයක්ව තිබී සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු ජනරජයක් බවට පත්වූ භූමියකි. වර්ග සැතපුම් එකොළොස් ලක්ෂයකට ආසන්න මෙම රටේ කාන්තාර කොටසක්ද තිබේ. කාන්තාරයකට ගුවන් යානයක් ගොඩ බෑම වෙරළකට ගොඩබෑමට වඩා යම් ප්‍රමාණයකට පහසුය. යානයේ සිටි ඇතැම් පුද්ගලයන් ප්රකෝටිපතියන් බව හඳුනාගෙන ඇති අතර යානය පැහැරගෙන ගියේ නම් එය ගොඩබෑමට වඩාත්ම සුදුසු ආසියානු ප්‍රදේශය කසකස්තානයයි. එහෙත් මේ රටට බෑම සඳහා ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවල ගුවන් සීමා පසුකළ යුතු අතර එම රටවල රේඩාර් පද්ධති ඉතා දියුණු බැවින් ඒවාට හසු නොවීම සඳහා යානය ඉතා පහතින් (අඩි 5000 ට අඩු උසකින්) ගමන් කරවිය යුතුය. ඒ අතර කසකස්තානය අයත් වන මධ්‍යම ආසියාවේ සමහර රටවල රේඩාර් පද්ධති ඉතා පැරැණිය. එවැනි ප්‍රදේශයකින් කලාපයට ඇතුළු වන විට එසේ ඇතුළුවන යානා එම රේඩාර් පද්ධති විසින් හඳුනාගනු ලබන්නේ කුරුල්ලන් රංචුවක් ලෙසය. (මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ Why Planes Crash නමැති පොත ලියූ ගුවන් යානා නියමුවරියක වන සිල්වියා රිග්ලි විසිනි.

3. යානය දකුණු දිසාවට ගමන් කළ බව

දකුණු දෙසට ගමන් කිරීම යනුවෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ දක්ෂිණාර්ධ ගෝලය දෙසට ගමන් කිරීමය. යානය මැලේසියානු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තවත් පැය 6 ක් ගතවන තුරුද ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව චන්ද්‍රිකා ආවේක්ෂණ උපකරණ මගින් සොයාගෙන තිබේ. එහෙත් යානය සෙවීමේදී ඉන්දියන් සාගරය, තායිලන්ත බොක්ක වැනි ප්‍රදේශ ගැන මිස දක්ෂිණාර්ධ ගෝලයට අයත් සාගර ප්‍රදේශයේ ඇති මායිම් ගැන අවධානය ලක් කෙරුණේ නැත. දිගටම ගමන් කළ ගුවන් යානය ඉන්ධන නිම වීමත් සමගම ඔස්ට්‍රේලියාව අසල මුහුදට ඇද වැටුණු බවට දැනට ඇති විශ්වාසය පදනම් වී ඇත්තේ මෙම තත්ත්වය මතය.

4. චීනයේ තක්ලමාකන් කාන්තාරයට යානය පහත් කළ බව

චීනයේ විගාර් (ඪසටමර) නමැති බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයක් සිටිති. ඉස්ලාමීය මූලයකින් පැවත එන මෙම සංවිධානය චීනයේ විගාර් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සටන් කරති. ලොව පුරා විසිරී සිටින විගාර් ජනගහනය කෝටි 20 කි. මැලේසියානු ගුවන් යානයේ සිටි මගීන්ගෙන් 153 ක්ම චීන ජාතිකයන් වන අතර ඔවුන්ගේ සහයෝගය ඇතිව හෝ නැතිව විගාර් බෙදුම්වාදීන් විසින් යානය පැහැරගෙන චීනයේ තක්ලමාකන් කාන්තාරයට එය ගොඩ බාන්නට ඇති බවට විශ්වාසයක් ඇත. තක්ලමාකන් කාන්තාරය මධ්‍යම ආසියාවේ තිබෙන විශාලතම කාන්තාරයක් වන අතර ලොව තිබෙන විශාලතම වැලි කාන්තාරවල් වලින්ද එකකි.

5. යානය අන්දමන් සාගරයේ “ලංකාවි” දූපත් සමූහයෙන් එකකට ගොඩ බාන්නට ඇති බව විශ්වාස කෙරේ

මෙම දූපත් සමූහය දූපත් 104 කින් සමන්විත වන අතර මැලේසියාවේ කොටසක් ලෙස සලකනු ලැබේ. දූපතට හදිසි ගොඩ බෑමක් සිදු කළේ නම් බොහෝ දුරට එයට හේතු විය හැක්කේ යානයේ හදිසි ගින්නක් හටගැනීම විය හැකිය. යානය මැලේසියාවෙන් නික්ම මද දුරක් ගොස් හරවන ලද බව හෙළිව තිබෙන අතර නියමුවා එම පියවර ගෙන ඇත්තේ යානය කිසියම් ගුවන් තොටුපළකට පහත් කර ගැනීම සඳහාය. යානය හුදෙකලා දූපතකට පහත් නොකරන්නේ නම් එය නගරයකට කඩාවැටී විශාල විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බැවින් නියමුවා එය හුදෙකලා දූපතකට ගෙන යන්නට ඇති බවටත් මගදී යානය කඩා වැටෙන්නට ඇති බවටත් මතයක් ගොඩනැගී තිබේ.

6. යානය පාකිස්තානයට ගොඩබාන්නට ඇති බව

ජාත්‍යන්තර ප්රවෘත්ති ක්ෂේත්රයේ දැවැන්තයකු වූ News Cooparation ආයතනයේ අයිතිකරු රූපට් මර්ඩොක් කියන පරිදි යානය ස්ථිර වශයෙන්ම පාකිස්තානයේ රහසිගත ගුවන් තීරයක ගාල් කර ඇත. එහෙත් පාකිස්තානයේ ගුවන් කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකයකු කියන පරිදි පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා රේඩාර් පද්ධතියට කිසි විටෙකත් මේ යානය හසුවී නැත.

7. යානය වෙනත් යානයකට මුවාවී රේඩාර් සංඥ පද්ධතිය වෙතින් පලා ගිය බව

ගුවන් සේවා කටයුතු පිළිබඳ ලියන ලොව ප්‍රධානම අන්තර්ජාල ලේඛකයකු වන ක්‍රිස් ලෙගර්වුඩ් කියන පරිදි මේ යානය රේඩාර් සංඥවල දැස වසා ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයේ Filght 68 දරන යානයට මුවා වී ඊට සාපේක්ෂව ගමන් කිරීමෙනි. එවිට යානා දෙකටම අදාළ රේඩාර් තරංග එක තරංගයක් බවට පත්ව එක ඒකකයක් ලෙස රේඩාර් තිරමත දිස්වන බවත් රේඩාර් අවේක්ෂකයන් සිංගප්පූරු ගුවන් සේවයේ Flight 68 ගැන පමණක් ලකුණු කර ගන්නා බවත් ඔහු කියයි. මෙය ප්‍රායෝගික තර්කයක් බව ගුවන් කටයුතු විශේෂඥයෝ විශ්වාස කරති. 1941 දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් යානා පර්ල් වරායට බෝම්බ දැමීම සඳහා පැමිණ ඇත්තේ ඇමරිකන් ගුවන් යානා වලට මුවා වීය. රේඩාර් පරීක්ෂණයන් එම ජපන් යානා හඳුනා ගත්තේ ඇමරිකන් යානා ලෙසය.

8. යානය තුළ ආරවුලක් හටගත් බව

යානය අඩි 45,000 ක අසාමාන්‍ය උසින් ගමන් කර පසුව ඉතාම අඩු උසකට පත්වූ බවට සාක්ෂි ඇත. නියමුවන් එසේ කළේ යානය රේඩාර් තිර වලින් වසං කිරීමට බවට තර්කයක් ඇති නමුදු තවත් අය කියන්නේ යානයේ නියමු කුටිය තුළ හටගත් හදිසි ආරවුලක් නිසා නියමුවන් යානය පහත් කළ බවය. අල්ඛයිඩා සංවිධානය නිව්යෝර්ක් නුවරට පහර දීම සඳහා මේ අන්දමින් ගුවන් යානා දෙකක් හදිසියේම පහත් කළේය. ඒවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැඟිල්ල සමග ගැටෙන්නේ ඒ අනුවය.

9. යානය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇති කර මගීන් සියලු දෙනා මිය යන්නට සැලැස්වූ බව

යානය නිසි මාර්ගයෙන් නික්මී වෙනත් මාර්ගයක ගමන් කරන විට මගීන් කලබලවී චන්ද්‍රිකා දුරකථන හෝ ජංගම දුරකථන මගින් ඒ බව තම හිතවතුන්ට දැනුම් දීමට ඉඩ තිබේ. ඔවුන් නැවැත්වීම සඳහා ගත හැකි එකම පියවර වන්නේ සියලු දෙනා මරා දැමීමය. බෝයිං 777 යානයක් අඩි 45,000 ක උසකට (පොළොවෙන් සැතපුම් 9 ක් උසින්) ගමන් කළ විට මගීන් ගමන් කරන කොටස තුළ අඩු පීඩන තත්ත්වයක් හටගනී. එවිට ස්වයංක්‍රීය ලෙස මගීන්ට ඔක්සිජන් සැපයීම සිදුවේ. එහෙත් යානය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ විනාඩි 12-15 කාලයකට පමණි. ඔක්සිජන් නිමවූ විට යානය තුළ කාබන් මොනොක්සයිඩ් නමැති විෂ වායුව ඇතිවේ. ඒවා ආශ්වාස කරන මගීහු මුලින් සිහිසුන්වී පසුව මියයති. නියමු කුටිය තුළ ඔක්සිජන් සැපයුම දිගටම පවත්වාගෙන යැමට හැකි බැවින් නියමුවන් මියයන්නේ නැත.

10. ඇමරිකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යානය ඉදිරි දවසක ගුවන්ගත වනු ඇති බව.

මතු යම් දවසක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගැනීම සඳහා මේ යානය පැහැරගෙන ගොස් සඟවා තැබූ බවට තර්කයක් තිබේ. ගුවන් යානයක් පැහැර ගැනීම, සඟවා තැබීම, යළි ගුවන්ගත කිරීම යන කටයුතු හොර රහසේ සිදුකළ හැකි දේවල් නොවේ. එහෙත් විශාල ත්‍රස්ත සංවිධානයක හෝ ත්රස්තවාදයට බහුලව අනුබලය දෙන රටකදී එය කළ හැකිය. සාමාන්‍යයෙන් ගුවන් යානයකට අලුත් කේත (Code) සහිත සහ උපකරණ සවිකළ විට ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ පද්ධතියන් මගින් යානය හඳුනාගනු ලබන්නේ නව ගුවන් යානයක් ලෙසය. මේ ක්‍රමයට ගුවන්ගත වී විශාල විනාශයක් කිරීමට මේ යානය යොදා ගත හැකිය.

මේ සියලු මතවාදවලට වඩා වැදගත්ම මතවාදය වන්නේ ඇමරිකන් හමුදාව මගින් යානය පැහැරගත් බවය. ඉන්දියානු සාගරයේ ඇමරිකාවට අයත් හත්වන නාවුක බලඇණිය පිහිටි දිගෝ ගාර්ෂියා දූපත උඩින් යානය ගමන් කරද්දී එය දූපතේ වූ ඇමරිකන් යුද කඳවුරේ යුද ගුවන් යානා මගින් යානය වටලා එය එම කඳවුරට රැගෙන එන්නට ඇති බව එම මතවාදය මගින් විස්තර කෙරෙයි. එහෙත් ඇමරිකන් හමුදාව යානය ඔවුන් භාරයට ගත්තේ මක් නිසාද යන්න එම මතවාදය මගින් පැහැදිලිs කරන්නේ නැත. (BBC/ CNN/Newyork Times/ Mail Ouline/ Reute)

අනුර සොලමන්ස්

- Divaina

[QUOTE="sherlock, post: 16427061, member: 106046"] [SIZE="4"]MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක March 24, 2014 at 12:01 am | lanka C news MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එහි ගමන් කළ 239 දෙනාද සමග අතුරුදන් වී අදට (24) දින 17 කි. යානය සෙවීමේ කටයුතු මේ වනවිට ක්‍රමයෙන් වියෑකී යමින් පවතී. දැන් ඉතිරිව ඇත්තේ යානයට සිදුවිය හැකිව තිබූ දෙස මෙය යෑයි උපකල්පනය කිරීම පමණි. BBC පුවත් සේවය කියන පරිදි යානයේ අතුරුදන් වීම ගැන අනුමාන කිරීම් 10 ක් මේ වනවිට බිහිවී තිබේ. පළපුරුදු ගුවන් නියමුවන් සහ යාන්ත්‍රික විශේෂඥයන්ගේ අදහසට අනුව එම අනුමාන කිරීම් කොටස් 10 කට බෙදිය හැකිය. ඒ මෙසේය. 1. යානය අන්දමන් දූපත්වලට ගොඩබසින ලද බව MH 370 දරන මැලේසියන් ගුවන් යානය සිය ගමනේ එක් අවස්ථාවකදී ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් අහස් සමූහය දෙසට පියාසර කළ බවට සාක්ෂි තිබේ. මෙය ඉන්දියාවට අයත් භූගෝලීය ප්‍රදේශයේ නැගෙනහිර කොටසේ අවසන් සීමාවයි. ඉන්දුනීසියාව, තායිලන්ත වෙරළ සහ බුරුමය යන ප්‍රදේශ අතරින් මෙම නැගෙනහිර සීමාව වැටී තිබේ. මේ ප්‍රදේශය ඉතාම හුදෙකලා කොටසක් වන අතර ත්රස්තවාදීන්ට හෝ වෙනත් පාර්ශ්වයකට එම ප්‍රදේශය කඳවුරක් ලෙස යොදා ගැනීමට ඉඩක් නොවූ බවට තක්සේරුවක් අසල්වැසි රටවලට තිබිණි. ඒ නිසා මේ ප්‍රදේශයෙහි මිලිටරි රේඩාර් උපකරණ ස්ථානගත කර තිබුණේද නැත. මේ දූපත්වල ගුවන් යානා ධාවන පථ 4 ක් තිබෙන අතර ඒවායෙහි නිරීක්ෂණ පර්යන්ත (Obseretion Terminals) කිසිවක් නැත. අන්දමන් – නිකොබාර් දූපත් සමූහයට දූපත් 570 ක් අයත් අතර ජනාවාස වශයෙන් පවතින්නේ 36 ක් පමණි. බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ හිටපු නියමුවකු වන ස්ටීව් බස්ඩිගන් කියන පරිදි පැහැරගත් ගුවන් යානයක් සැඟවීම සඳහා ඉතිරි ජන ශූන්‍ය දූපත් යොදාගත හැකිය. එය දුෂ්කර නමුත් කළ නොහැකි කටයුත්තක් නොවන බව ඔහු කියයි. යානය වෙරළට බාන්නේ නම් යානයේ රෝද පිටතට නොගෙන Crash Landing ක්‍රමයට ලිස්සා යන පරිදි ගොඩබෑමට හැකි බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් එවිට යානයේ යට කොටස විශාල වශයෙන් හානියට පත්වන නිසා එයින් යළිත් වැඩක් ගැනීමට බැරි බවද ඔහු සඳහන් කරයි. 2. කසකස්ථානයට පලායැම කසකස්ථානය යනු පැරැණි සෝවියට් සංගමයේ සාමාජික රාජ්‍යයක්ව තිබී සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු ජනරජයක් බවට පත්වූ භූමියකි. වර්ග සැතපුම් එකොළොස් ලක්ෂයකට ආසන්න මෙම රටේ කාන්තාර කොටසක්ද තිබේ. කාන්තාරයකට ගුවන් යානයක් ගොඩ බෑම වෙරළකට ගොඩබෑමට වඩා යම් ප්‍රමාණයකට පහසුය. යානයේ සිටි ඇතැම් පුද්ගලයන් ප්රකෝටිපතියන් බව හඳුනාගෙන ඇති අතර යානය පැහැරගෙන ගියේ නම් එය ගොඩබෑමට වඩාත්ම සුදුසු ආසියානු ප්‍රදේශය කසකස්තානයයි. එහෙත් මේ රටට බෑම සඳහා ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවල ගුවන් සීමා පසුකළ යුතු අතර එම රටවල රේඩාර් පද්ධති ඉතා දියුණු බැවින් ඒවාට හසු නොවීම සඳහා යානය ඉතා පහතින් (අඩි 5000 ට අඩු උසකින්) ගමන් කරවිය යුතුය. ඒ අතර කසකස්තානය අයත් වන මධ්‍යම ආසියාවේ සමහර රටවල රේඩාර් පද්ධති ඉතා පැරැණිය. එවැනි ප්‍රදේශයකින් කලාපයට ඇතුළු වන විට එසේ ඇතුළුවන යානා එම රේඩාර් පද්ධති විසින් හඳුනාගනු ලබන්නේ කුරුල්ලන් රංචුවක් ලෙසය. (මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ Why Planes Crash නමැති පොත ලියූ ගුවන් යානා නියමුවරියක වන සිල්වියා රිග්ලි විසිනි. 3. යානය දකුණු දිසාවට ගමන් කළ බව දකුණු දෙසට ගමන් කිරීම යනුවෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ දක්ෂිණාර්ධ ගෝලය දෙසට ගමන් කිරීමය. යානය මැලේසියානු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තවත් පැය 6 ක් ගතවන තුරුද ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව චන්ද්‍රිකා ආවේක්ෂණ උපකරණ මගින් සොයාගෙන තිබේ. එහෙත් යානය සෙවීමේදී ඉන්දියන් සාගරය, තායිලන්ත බොක්ක වැනි ප්‍රදේශ ගැන මිස දක්ෂිණාර්ධ ගෝලයට අයත් සාගර ප්‍රදේශයේ ඇති මායිම් ගැන අවධානය ලක් කෙරුණේ නැත. දිගටම ගමන් කළ ගුවන් යානය ඉන්ධන නිම වීමත් සමගම ඔස්ට්‍රේලියාව අසල මුහුදට ඇද වැටුණු බවට දැනට ඇති විශ්වාසය පදනම් වී ඇත්තේ මෙම තත්ත්වය මතය. 4. චීනයේ තක්ලමාකන් කාන්තාරයට යානය පහත් කළ බව චීනයේ විගාර් (ඪසටමර) නමැති බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයක් සිටිති. ඉස්ලාමීය මූලයකින් පැවත එන මෙම සංවිධානය චීනයේ විගාර් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සටන් කරති. ලොව පුරා විසිරී සිටින විගාර් ජනගහනය කෝටි 20 කි. මැලේසියානු ගුවන් යානයේ සිටි මගීන්ගෙන් 153 ක්ම චීන ජාතිකයන් වන අතර ඔවුන්ගේ සහයෝගය ඇතිව හෝ නැතිව විගාර් බෙදුම්වාදීන් විසින් යානය පැහැරගෙන චීනයේ තක්ලමාකන් කාන්තාරයට එය ගොඩ බාන්නට ඇති බවට විශ්වාසයක් ඇත. තක්ලමාකන් කාන්තාරය මධ්‍යම ආසියාවේ තිබෙන විශාලතම කාන්තාරයක් වන අතර ලොව තිබෙන විශාලතම වැලි කාන්තාරවල් වලින්ද එකකි. 5. යානය අන්දමන් සාගරයේ “ලංකාවි” දූපත් සමූහයෙන් එකකට ගොඩ බාන්නට ඇති බව විශ්වාස කෙරේ මෙම දූපත් සමූහය දූපත් 104 කින් සමන්විත වන අතර මැලේසියාවේ කොටසක් ලෙස සලකනු ලැබේ. දූපතට හදිසි ගොඩ බෑමක් සිදු කළේ නම් බොහෝ දුරට එයට හේතු විය හැක්කේ යානයේ හදිසි ගින්නක් හටගැනීම විය හැකිය. යානය මැලේසියාවෙන් නික්ම මද දුරක් ගොස් හරවන ලද බව හෙළිව තිබෙන අතර නියමුවා එම පියවර ගෙන ඇත්තේ යානය කිසියම් ගුවන් තොටුපළකට පහත් කර ගැනීම සඳහාය. යානය හුදෙකලා දූපතකට පහත් නොකරන්නේ නම් එය නගරයකට කඩාවැටී විශාල විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බැවින් නියමුවා එය හුදෙකලා දූපතකට ගෙන යන්නට ඇති බවටත් මගදී යානය කඩා වැටෙන්නට ඇති බවටත් මතයක් ගොඩනැගී තිබේ. 6. යානය පාකිස්තානයට ගොඩබාන්නට ඇති බව ජාත්‍යන්තර ප්රවෘත්ති ක්ෂේත්රයේ දැවැන්තයකු වූ News Cooparation ආයතනයේ අයිතිකරු රූපට් මර්ඩොක් කියන පරිදි යානය ස්ථිර වශයෙන්ම පාකිස්තානයේ රහසිගත ගුවන් තීරයක ගාල් කර ඇත. එහෙත් පාකිස්තානයේ ගුවන් කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකයකු කියන පරිදි පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා රේඩාර් පද්ධතියට කිසි විටෙකත් මේ යානය හසුවී නැත. 7. යානය වෙනත් යානයකට මුවාවී රේඩාර් සංඥ පද්ධතිය වෙතින් පලා ගිය බව ගුවන් සේවා කටයුතු පිළිබඳ ලියන ලොව ප්‍රධානම අන්තර්ජාල ලේඛකයකු වන ක්‍රිස් ලෙගර්වුඩ් කියන පරිදි මේ යානය රේඩාර් සංඥවල දැස වසා ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයේ Filght 68 දරන යානයට මුවා වී ඊට සාපේක්ෂව ගමන් කිරීමෙනි. එවිට යානා දෙකටම අදාළ රේඩාර් තරංග එක තරංගයක් බවට පත්ව එක ඒකකයක් ලෙස රේඩාර් තිරමත දිස්වන බවත් රේඩාර් අවේක්ෂකයන් සිංගප්පූරු ගුවන් සේවයේ Flight 68 ගැන පමණක් ලකුණු කර ගන්නා බවත් ඔහු කියයි. මෙය ප්‍රායෝගික තර්කයක් බව ගුවන් කටයුතු විශේෂඥයෝ විශ්වාස කරති. 1941 දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් යානා පර්ල් වරායට බෝම්බ දැමීම සඳහා පැමිණ ඇත්තේ ඇමරිකන් ගුවන් යානා වලට මුවා වීය. රේඩාර් පරීක්ෂණයන් එම ජපන් යානා හඳුනා ගත්තේ ඇමරිකන් යානා ලෙසය. 8. යානය තුළ ආරවුලක් හටගත් බව යානය අඩි 45,000 ක අසාමාන්‍ය උසින් ගමන් කර පසුව ඉතාම අඩු උසකට පත්වූ බවට සාක්ෂි ඇත. නියමුවන් එසේ කළේ යානය රේඩාර් තිර වලින් වසං කිරීමට බවට තර්කයක් ඇති නමුදු තවත් අය කියන්නේ යානයේ නියමු කුටිය තුළ හටගත් හදිසි ආරවුලක් නිසා නියමුවන් යානය පහත් කළ බවය. අල්ඛයිඩා සංවිධානය නිව්යෝර්ක් නුවරට පහර දීම සඳහා මේ අන්දමින් ගුවන් යානා දෙකක් හදිසියේම පහත් කළේය. ඒවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැඟිල්ල සමග ගැටෙන්නේ ඒ අනුවය. 9. යානය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇති කර මගීන් සියලු දෙනා මිය යන්නට සැලැස්වූ බව යානය නිසි මාර්ගයෙන් නික්මී වෙනත් මාර්ගයක ගමන් කරන විට මගීන් කලබලවී චන්ද්‍රිකා දුරකථන හෝ ජංගම දුරකථන මගින් ඒ බව තම හිතවතුන්ට දැනුම් දීමට ඉඩ තිබේ. ඔවුන් නැවැත්වීම සඳහා ගත හැකි එකම පියවර වන්නේ සියලු දෙනා මරා දැමීමය. බෝයිං 777 යානයක් අඩි 45,000 ක උසකට (පොළොවෙන් සැතපුම් 9 ක් උසින්) ගමන් කළ විට මගීන් ගමන් කරන කොටස තුළ අඩු පීඩන තත්ත්වයක් හටගනී. එවිට ස්වයංක්‍රීය ලෙස මගීන්ට ඔක්සිජන් සැපයීම සිදුවේ. එහෙත් යානය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ විනාඩි 12-15 කාලයකට පමණි. ඔක්සිජන් නිමවූ විට යානය තුළ කාබන් මොනොක්සයිඩ් නමැති විෂ වායුව ඇතිවේ. ඒවා ආශ්වාස කරන මගීහු මුලින් සිහිසුන්වී පසුව මියයති. නියමු කුටිය තුළ ඔක්සිජන් සැපයුම දිගටම පවත්වාගෙන යැමට හැකි බැවින් නියමුවන් මියයන්නේ නැත. 10. ඇමරිකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යානය ඉදිරි දවසක ගුවන්ගත වනු ඇති බව. මතු යම් දවසක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගැනීම සඳහා මේ යානය පැහැරගෙන ගොස් සඟවා තැබූ බවට තර්කයක් තිබේ. ගුවන් යානයක් පැහැර ගැනීම, සඟවා තැබීම, යළි ගුවන්ගත කිරීම යන කටයුතු හොර රහසේ සිදුකළ හැකි දේවල් නොවේ. එහෙත් විශාල ත්‍රස්ත සංවිධානයක හෝ ත්රස්තවාදයට බහුලව අනුබලය දෙන රටකදී එය කළ හැකිය. සාමාන්‍යයෙන් ගුවන් යානයකට අලුත් කේත (Code) සහිත සහ උපකරණ සවිකළ විට ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ පද්ධතියන් මගින් යානය හඳුනාගනු ලබන්නේ නව ගුවන් යානයක් ලෙසය. මේ ක්‍රමයට ගුවන්ගත වී විශාල විනාශයක් කිරීමට මේ යානය යොදා ගත හැකිය. මේ සියලු මතවාදවලට වඩා වැදගත්ම මතවාදය වන්නේ ඇමරිකන් හමුදාව මගින් යානය පැහැරගත් බවය. ඉන්දියානු සාගරයේ ඇමරිකාවට අයත් හත්වන නාවුක බලඇණිය පිහිටි දිගෝ ගාර්ෂියා දූපත උඩින් යානය ගමන් කරද්දී එය දූපතේ වූ ඇමරිකන් යුද කඳවුරේ යුද ගුවන් යානා මගින් යානය වටලා එය එම කඳවුරට රැගෙන එන්නට ඇති බව එම මතවාදය මගින් විස්තර කෙරෙයි. එහෙත් ඇමරිකන් හමුදාව යානය ඔවුන් භාරයට ගත්තේ මක් නිසාද යන්න එම මතවාදය මගින් පැහැදිලිs කරන්නේ නැත. (BBC/ CNN/Newyork Times/ Mail Ouline/ Reute) අනුර සොලමන්ස් - Divaina[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom