mama kamatiy

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    me achchiwa ape gedara ekkan gihin magema achchi wage raka bala ganna :)

    කාත් කවුරුවත් නොමැති අසරණ හිඟන්නියක සේ ගම්පොළ ලංගම බස් නැවතුම්පොළේ දින ගණනක් සිටි
    වයෝවෘද්ධ කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන ගිය අයකු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන එම බෑගය පරීක්ෂා කිරීමේදී
    මෙම කාන්තාව ධනවත්, වංශවත් කෝටිපති කාන්තාවක් බව හෙළි වී ඇත.
    ඇය නමින් ගිරිකන්ද යාපා කුමාරිහාමිය. පදිංචිය පිළිබඳ විමසූ විට කෑගල්ල බෙලිගම්මන වලව්ව හා
    උඩුනුවර, බඹරදෙනිය වලව්ව පිළිබඳව සඳහන් කරන්නීය.

    තමා අවිවාහක බවත් තම සහෝදර සහෝදරියන් සිටින වලව් පිළිබඳවත් ඇය පවසන්නීය.
    කොණ්ඩය කොටට කපා පියකරුව සිටින ඇය වයස්ගත වුවත් තමන්ගේ වැඩ තනියෙන් කර ගැනීම හා මතක
    ශක්තිය ඇති කාන්තාවකි.
    දින ගණනාවකට පෙර ඇය බස් නැවතුමේ තනිව සිටිනු දුටු ගම්පොළ ඩිපෝවේ කළමනාකාර නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්‍රි කාලයේ සිටීමට වේලා සටහන් කාමරයේ ඉඩ සලස්වා තිබිණි.
    ඩිපෝවේ සිටි අනෙකුත් සෑම දෙනාද ඇයට උදවු කර තිබිණි. ඒ අතර ඇය පිළිබඳ දන්නා කිහිප දෙනකුද සිට
    ඇති අතර ඔවුන්ට අනුව ඇය සතුව මෙම ඩිපෝව ආසන්නයේ ඇති උසම ගොඩනැඟිල්ලද ඇයගේය.
    එම ගොඩනැඟිල්ල ඇය විසින් ලක්ෂ 40කට විකුණා ඇති බවත් පසුව එය ගත් අය එම ගොඩනැඟිල්ල එක් කෝටි විසිලක්ෂයකට තවත් අයකුට විකුණා ඇති බවත් පැවසුවේය. ඇයද එම කරුණු තහවුරු කළාය.
    කෙසේ නමුත් ඇය බස්නැවතුමේ සිටියදී 29 දින රාත්‍රියේදී ඇය සතු බෑගය රැගෙන යම් අයකු පලාගොස්
    ඇති බව ගම්පොළ පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
    එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ බෑගයේ මුදල් රුපියල් ලක්ෂ 8ක්, රන් මාලයක්, වළලු , රන් කරාබු
    ජෝඩුවක්, බැංකු පොත් ඇතුළු වටිනා දෑ රාශියක් තිබූ බවය.
    යාචක කාන්තවක් ලෙස බස් නැවතුමේ දිවි ගෙවනා ඇයගේ කතා කිසිවකු විශ්වාස නොකළද ගම්පොළ
    මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මේ පිළිබඳව විධිමත්
    පරීක්ෂණයක් කිරීමට උප පොලිස් පරීක්ෂක මාගෙදර මහතාට පැවැසීය.

    ඒ අනුව මාගෙදර මහතා පුළුල් පරීක්ෂණයක් කර සැකකරු අත්අඩංගුවට ගෙන බෑගය පිළිබඳ සොයා බලා ඇත.
    එම සැකකරු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ ගෙන බෑගය කසළ ගොඩක සඟවා ඇති අතර පසුව එම බෑගය
    සොයාගෙන ඇත.
    එම අත්බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව බැංකුවේ ස්ථීර තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 65ක් ඇති
    බව තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑපන් දහසක් හා රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.
    ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇය පිළිබඳව ක්‍රියාමාර්ග
    ගැනීමට කටයුතු කර ඇත.
    ඒ අනුව ස්ථානාධිපති සම්පත් වික්‍රමරත්න මහතා ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාර මහතාටද ඇය
    පිළිබඳව දන්වා ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියටද සිද්ධිය දන්වා ඇයගේ රැකවරණය
    සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන ඇත.
    ඒ අතරතුර ඇය පිළිබඳ පෙරේදා (31දා) දින ගම්පොළ අධිකරණයට කරුණු වාර්තා කිරීමටද පියවර ගෙන තිබිණි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    පව්.
    පේනවා නේ. කොච්චර සල්ලි දේපල තිබ්බත් වැඩක් නෑ කාත් කවුරුවත් නැත්තං.
    බඳින්නේ නැතුව තනියම ඉන්න හිතන අය මේක දැකලා හිත වෙනස් වෙයි ද දන්නෙ නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    නාමල්ගේ ඩේසි ආච්චි මතක් උනා.. ඒ ඩේසි අච්චිලුනේ මැණික් මල්ලක් දුන්න කිව්වේ..වලව් වල කුමාරිහාමිලත් හිගා කන කාලේ.. ඔය වලව් වල ළමයි අඩුයි නේද නෝමල් පෞල් වලට වඩා... එක එකාට කොල්ලකන්න දෙන වෙලා රජයට පැවරුවා නම් මොකද...
     
    • Like
    Reactions: chatura_CN

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Communist_Bugs_Bunny_Banner~2.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,363
    113
    පව්.
    පේනවා නේ. කොච්චර සල්ලි දේපල තිබ්බත් වැඩක් නෑ කාත් කවුරුවත් නැත්තං.
    බඳින්නේ නැතුව තනියම ඉන්න හිතන අය මේක දැකලා හිත වෙනස් වෙයි ද දන්නෙ නෑ.

    Oya eka ganiyekta pissu hedunata conclusion ekakata enna epa. :lol:
     
    • Haha
    Reactions: hichchiputha